![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/02/Dayasiri-Jayasekara-458.jpg?itok=gu2wVb5F)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත හැකි ආකාරයේ වෙනස්කම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ‘සිළුමිණ’ කළ විමසීමකදී පැවසීය.
ජනමත විචාරණයකට යා යුතු මට්ටමේ සංශෝධනයක් කළ යුතු ද යන්න මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට ලක්වෙමින් පවතින බව පවසන ඒ මහතා විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැරූ ස්ථාවරය වෙනස් කර නැති බව ද ජනතා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන නව ව්‍යවස්ථාවක් සඳහා කැප වන බව ද කී ය. පක්ෂයේ අවසන් තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.