ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ 20 වැනිදා ඉරිදා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණ වැඩකටයුතු සඳහා පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඔහුගේ පැමිණීමේ අරමුණ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.