
පෙම්වතියගේ පියාට පිහියෙන් ඇන ඝාතනය කළැයි පෙම්වතාගේ මිතුරාට මරණ දඬුවම
පෙම්වතියගේ සොහොයුරාටත් පිහි පහර දීලා
හංසිගේ පෙම්වතා සහ තවත් මිතුරෙක් වසර හයක් හිරේ
කාන්තාවක සහ පිරිමියකු අතර ඇතිවන ප්‍රේම සමබඳතාවක් බාහිර බලපෑමක් නිසා බිඳ වැටීමට ලක්වන්නේ නම් ඒ තුළ එක් අයෙකුට හෝ දෙදෙනාටම ඇති වන්නේ දැඩි මානසික කම්පනයකි. තරුණ වියේ ඇති වන බොහෝ 'නොගැළපෙන' ප්‍රේම සබඳතා මේ සඳහා හොඳම උදාහරණයකි. එලෙස තරුණ වියේදී ඇතිවෙන නොගැළපෙන ප්‍රේම සබඳතාවලට ඥාති මිත්‍රාදීන් විරුද්ධ විම නිසා ඇතැම් තරුණ තරුණියන් හොර රහසේ නිවෙස්වලින් පැන යාම් මෙන්ම ඇතැම් තරුණ තරුණියන් ප්‍රේම සබඳතා නවතා දැමීම නිසා ඇති වන සිත් තැවුලෙන් සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් අප ඕනෑ තරම් අසා ඇත්තෙමු.
මේ පුවතද ප්‍රේම සබඳතාවක් නිසා ඇති වු අවාසනාවන්ත සිදු විමකි. සිද්ධිය අපට වාර්තා වුයේ තිස්සමහාරාම උද්දගන්දර ප්‍රදේශයෙනි. ප්‍රේම සබඳතාවට විරුද්ධ වුණැයි පෙම්වතා, ප්‍රේමවන්තියගේ මල්ලිට පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදු කර පෙම්වතියගේ පියා ඝාතනය කිරීමේ ඛේදජනක සිදු වීමකි.
තිස්සමහාරාම උද්දගන්දර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි බන්ධුල අබේවර්ධන විවාහක සිවු දරු පියෙකි. ඔහු වෘත්තීයෙන් ඇඳුම් මසන්නෙකි. බන්ධුලට දරුවන් සිවු දෙනෙකි. ඒ දියණියන් තිදෙනකු සහ පුතෙකි. මේ දරුවන් සිවුදෙනාම අධ්‍යාපනය ලබන වයසේ පසු වූහ. බන්ධුලත් ඔහුගේ බිරියත් මහත් වෙහෙසක් ගත්තේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිසය. ඒ නිසාම දරුවන් පාසල් යැවීමට අමතරව උපකාරක පන්ති සඳහාද යොමු කිරීමට බන්ධුල කටයුතු කළේය. බන්ධුලගේ 17 හැවිරිදි දියණිය 'හංසිමාලිය'. හංසිමාලිට හැමෝම ආදරේට කතා කළේ හංසි කියාය. පාසල් යන එන අතරේ 17 හැවිරිදි හංසි ප්‍රදේශයේම වෙනත් තරුණයකු හා 'ඇයි හොඳැයියක්' ආරම්භ කළේ නිවැසියන්ටද හොර රහසේය. 'හංසිගේ' මේ පෙම් පළහිලව්ව පිළිබඳව ඇගේ 15 හැවිරිදි මල්ලිට තරමක් ඉව වැටී තිබිණි. සිය අක්කාගේ මේ පෙම් පළහිලව්ව පිළිබඳව මල්ලි වන සහන් තාත්තාටද කීවේය. මේ නිසාම හංසිගේ මාපියන් සේම හංසිගේ මල්ලිද හංසිගේ මෙම ප්‍රේම සබඳතාවට දැඩි ලෙස විරුද්ධ වී සිටියේය. මල්ලි සහ පියා මේ ප්‍රේම සබඳතාවට දැඩි ලෙසම විරුද්ධ වූ අතර හංසිට සහ පෙම්වතාට මඟතොටේ හමුවීමට කිසිම අවස්ථාවක් ඇති නොවන්නටද ඔවුන් වග බලාගෙන තිබිණි. මේ නිසා හංසිගේ පෙම්වතා වූ කැළුම් පසු වූයේ දැඩි කෝපයෙනි. සහන් මෙන්ම බන්ධුලද නිතර 'හංසි' පිළිබඳව සොයා බැලීම නිසා දෙදෙනාට මඟතොටේ හමුවීමට කිසිම අවස්ථාවක් නොවීය. මේ වන විට 18 හැවිරිදි වියේ පසු වූ කැළුම්ද හංසි හමුවීමට මඟක් සොයමින් සිටියේය. ඒ සඳහා කැළුම්ට හොඳ මඟක් පෑදිණි. ඒ හංසිගේ නිවස පිටුපස පදිංචිව සිටි දුමින්දය. දුමින්ද පරවියන් ඇති කර විකිණීම සිදු කළ අයෙකි. කැළුම් පරවියන් මිලදී ගන්නා මුවාවෙන් ගොස් දුමින්ද සමඟ හිතවත් විය. එලෙස ඇති කරගත් හිතවත්කම මත කැළුම් නිතර දුමින්දගේ නිෙවසට ආ ගියේය. ඒ අතරේ කැළුම් දුමින්දගේ 'පුංචි තාත්තාගේ' පුතා වූ 'රංජිත්' සමඟද මිතුරු විය. ඒ හරහා නිතර කැළුම් රංජිත් සමග දුමින්දගේ නිවසට ආ ගියේ කිසිවකුටත් සැක නොසිතෙන්නටය. දුමින්දගේ නිෙවසට ආ ගිය කැළුම් තමන් හංසි සමඟ ප්‍රේම සබදතාවක් ඇති කරගෙන ඇති බව දුමින්දටත් රංජිත්ටත් පැවසීය. ඒ අනුව දෙදෙනාගේද සහාය ඇතිව කැළුම්, දුමින්දගේ නිෙවසට පැමිණ හංසිගේ වැට මායිමට ගොස් හංසි සමඟ කතාබහ කළේ රහසිගතවය. ඒ සඳහා දුමින්ද සහ රංජිත්ගෙන්ද නොමඳ සහායක් කැළුම්ට ලැබිණි.
දිනය 2003.10.26 දාය. වේලාව රාත්‍රි 7 පසු වි තිබිණි. කැළුම්, දුමින්දගේ නිවෙසට පැමිණ හංසිගේ නිෙවස පිටුපස ඇති වැසිකිළිය අසලට ආවේ හංසි සමඟ කතාබහ කරන්නටය. කැළුම්ගේ සහායට දුමින්ද සහ රංජිත්ද ඒ අසලට පැමිණියෝය. දියණිය නිෙවසේ පෙනෙන්නට නොමැති නිසා හංසිගේ මව නිෙවස තුළ සිටම හයියෙන් හංසිට කතා කළාය. මවගේ කතා කිරීමත් සමඟ නිවස පිටුපසට වී කැළුම් සමඟ කතා කරමින් සිටි හංසි නිවස තුළට ගියාය. ඒ සමඟම හංසිගේ මල්ලිද වැසිකිළියට යාමට නිවසේ පිටුපස දොරින් එළියට බසිද්දි කිසිත් කර කියාගත නොහැකි වූ කැළුම්, දුමින්ද සහ රංජිත් තිදෙනා වැසිකිළියට පිටුපසින් පැන රංජිත්ගේ වත්තට පැන ගියෝය. මේ බව හංසිගේ මල්ලි සහන් දුටුවේය. වැසිකිළියට යාමට ආ සහන් දුමින්ද, කැළුම් දෙදෙනා හොඳාකාරවම හඳුනා ගත්තේය.
“අම්මේ... දුමින්ද කැළුම් අයියයි අපේ වත්තේ ඉඳලා පැනලා දුවනවා මං දැක්කා” යැයි සහන් මවට පැවසීය. ඒ අනුව හංසිගේ මව සිද්ධිය පිළිබඳව සැමියා වන බන්ධුලට පැවසුවාය. පසුදා උදෑසන කිසිත් සිදු නොවුණු ගානට දුමින්දත් රංජිතුත් හම්බන්තොට යාමට පැමිණියේ බන්ධුලගේ නිෙවස ඉදිරිපිටිනි. දුමින්ද නිවස ඉදිරිපිටින් යනු දුටු බන්ධුල “කවුද ඊයේ රෑ අපේ වත්තේ ඉඳලා ගියේ යැයි” විමසීය. බන්ධුලගේ ඒ ප්‍රශ්නයට දුමින්ද පිළිතුරු දුන්නේ කිසිත් නොදන්නා සේ “මම දන්නේ නෑ” යැයි ඔහුගේ පිළිතුර විය.
ඒ අසල සිටි බන්ධුලගේ 15 හැවිරිදි පුතු “මං දැක්කා ඔයාලා අපේ ගෙදර ඉඳලා යනවා” යැයි කියමින් දුමින්දට පහරක් එල්ල කරන්නේ අනපේක්ෂිතවය. සහන්ගේ පහර කාගෙනම දුමින්ද සහ රංජිත් එතැනින් පිටව ගියහ. තමන්ට හංසිගේ මල්ලි වන සහන් සිදු කළ පහරදීම සම්බන්ධයෙන් දුමින්ද උදේ සිටම පසු වූයේ දැඩි කෝපයෙනි. නිෙවසේ තිබූ කුඩා පිහියක්ද අතට ගෙන ඉනේ ගසා ගත් දුමින්ද පාර පැත්තට ගියේ රාත්‍රි 7 පමණය. ඒ සුපුරුදු යාළුවන් දෙදෙනා වන රංජිත් සහ කැළුම් සමඟය.
බන්ධුල යම් කටයුත්තකට ගොස් නිෙවසට පැමිණෙමින් සිටියේය. නිෙවසට එමින් ගමන්ම බන්ධුල ඔහුගේ නිෙවස ආසන්යේ වු වෙළඳසලටද ගොස් දුම්වැටියක්ද මිලදී ගෙන එය දල්වාගෙනම නිවසට ගියේය. ඒ වන විට තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග බන්ධුලගේ පුතා සහන්ද වෙළඳසල තුළ කැරම් සෙල්ලම් කරමින් සිටියේය.
වෙළඳසලට පැමිණි දුම්වැටිය දල්වාගත් බන්ධුලට යාමට වූයේ මීටර් 100කටත් අඩු දුරක්ය. යම් අයෙකු රණ්ඩු වන ශබ්දයක් ඇසිණි. වෙළඳසලේ අයිතිකරු සහ සහන්ද එළියට බැස බලද්දි දුමින්ද, රංජිත් සහ කැළුම් එක්ව බන්ධුල සමඟ ගැටුමක් ඇතිකරගන්නා බව දුටුවෝය. සහන් වහාම එතනට දිවගොස්
“මගේ තාත්තට ගහන්න එපා” කියා ඉස්සරහට පැන්නේය. එහිදි දුමින්ද තමන් අත වූ පිහිය ගෙන බන්ධුලගේ පුතා වන 15 හැවිරිදි සහන්ගේ උදරය ප්‍රදේශයට පිහි පහර කිහිපයක් ඇනගෙන ගියේය. පිහි පහර කාගෙනම සහන් පැත්තකට වෙද්දී දුමින්දද එම පිහිය ගෙන බහින් බස් වෙමින් සිටි බන්ධුලගේ උදරය ප්‍රදේශයට පිහි පහර කිහිපයක් එල්ල කර ප්‍රදේශයෙන් පලා ගියේය. අවට පිරිස් එක්ව තුවාල ලබා සිටි සහන් සහ බන්ධුල ත්‍රිරෝද රථයක දමාගෙන දෙබරවැව රෝහලට රැගෙන ගියහ. ඒ යන විටත් බන්ධුල මියගොස් සිටියේය. බරපතළ තුවාල ලබා සිටි සහන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරිණි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා තිස්සමහාරාම ප්‍රදේශයේ නිෙවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත 2003 වසරේ ඔක්තෝබර් 30 වන දින අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.
එහිදි සි දුකෙරුණු මූලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතයින් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ නඩු පවරන ලදි.
අඑමෙන්ම පළමු චෝදනාව වූ පිහියකින් ඇන පුද්ගලයකුගේ මරණය සිදු කිරීමේ වරදට වැරදිකරු වූ 38 හැවිරිදි දෙදරු පියෙකු වූ හංගමුව නැකතිගේ දුමින්ද යන අයට හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදි. දඬුවම් නියම කිරීමෙන් පසු සිර දඬුවම් නියම කෙරුණු චුදිතයින් දෙදෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටත් මරණීය දණ්ඩනය පමුණුවන ලද චුදිතට මරණ දඬුවම් පමුණුවන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටත් මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.