
ශ්රී ලංකා වරාය අධිකාරිය ගෝලීය වරාය සංසද උළෙලේ දී ‘‘වසරේ වරාය අධිකාරිය - 2021’’ ලෙස සම්මාන ලබා ඇත. මෙම සමුළුව සඳහා ශ්රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් කළමණාකාර අධ්යක්ෂ - උපුල් ජයතිස්ස, මෙහෙයුම් අධ්යක්ෂ - ලාල් වීරසිංහ යන මහත්වරුන් සහභාගි විය. ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ජයග්රහණය කරන ලද ‘‘වසරේ වරාය අධිකාරිය - 2021’’ සම්මානය ගෝලිය වරාය සංසදයේ විධායක සභාපති තෝමස් එන්ජි අතින් ශ්රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ උපුල් ජයතිස්ස විසින් ලබා ගන්නා ලදී.