හමුදාවේ 1000ක් සහන සේවයට | සිළුමිණ

හමුදාවේ 1000ක් සහන සේවයට

අයහපත් කාලගුණය නිසා විපතට පත් පත් ජනතාව මුදා ගැනිම සහ සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ දහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. මේ සහන කටයුතු සඳහා යුද හමුදාවේ සෙබළුන් තුන්සියයකට වැඩි පිරිසක් සහ හමුදා සන්නද්ධ රථ හයක් ද නාවික හමුදාවෙන් කණ්ඩායම් විසි එකක්ද, නාවික යාත්‍රා රැසක්ද යොදවා ඇති අතර ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හතරක් සහ බීචි ගුවන් යානයක්ද යොදවා ඇත.

කළුතර මාතර සහ කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාවත සහ කළුතර රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් මේ ආපදාවන්ට ලක්ව ඇත. ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිස් නිලධාරීන් රැසක්ද සහන සේවා සඳහා යොදවා ඇත.

Comments