
ලංකා සතොස අද(23) සිට අත්‍යවශ්‍ය ආහාර වර්ග පහක මිල අඩුකිරීමට පියවර ගෙන ඇතැයි ලංකා සතොස සභාපති ඔසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ අනුව, ආනයනික සම්බා සහල් කිලෝවක මිල රු. 194/- දක්වා සහ ආනයනික නාඩු සහල් කිලෝවක මිල රු. 198/- දක්වා අඩුකර තිබේ.
රතු පරිප්පු කිලෝවක මිල අඩුකර ඇත්තේ, රු. 460/- දක්වාය.
දුඹුරු සීනි කිලෝවක මිල රු. 310/- දක්වා සහ හාල්මැස්සෝ කිලෝවක මිල රු. 1,375/- දක්වා අඩුකර ඇත.
වියළි මිරිස් කිලෝවක මිල අඩු කර ඇත්තේ, රු. 1,690/- දක්වාය.
ඉදිරියේදී තවත් ආහාර වර්ග කිහිපයක මිල අඩුකිරීමට සැලසුම් කර ඇති බව ලංකා සතොස සභාපති ඔසඳ යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.