
•මේෂ - උද්යෝගිමත් සතියකි
සඳු හෙවත් චන්ද්‍රයා 2, 3, 4 සහ 5 වැන්න මතින් ගමන් කරයි. සහජ දක්ෂතා තුළින් නව රැකියාවලට අවතීර්ණ වීමට ඉඩකඩ සැලසේ. වචනය සහ සිතුවිලි ද ප්‍රබෝධමත්ය. යහපත් මිතුරු ඇසුරක් පවත්වා ගන්නට හැකිවේ. මවුපිය ඥාතීන්ගෙන් උදව් උපකාර හිමිවේ. ආර්ථික අපහසුතා මඟ හැරේ. නිවසේ අලංකාරය පිළිබඳව උනන්දුවේ.
• අය 9, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා
•වෘෂභ - බලාපොරොත්තු ඉටුවේ
සඳු ලග්නය 2, 3 සහ සිව්වැන්න මතින් ගමන් කරන මේ සතියේ ඔබගේ බලාපොරොත්තු ඉටුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. සොයුරු සොයුරියන්ගෙන් උපකාර හිමිවේ. ආර්ථිකය ශක්තිමත් කර ගැනමට ආදායම් මාර්ග සැලසේ. ගොවිතැන් කටයුතු සඳහා තිබූ අලස බව මඟහැරේ. සෙම් රෝග මතුවීමට ඉඩ ඇත.
• අය 11, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ළානිල, සුබ දවස - සිකුරාදා
•මිථුන - ජයග්‍රාහී සතියකි
විදේශගත අයගෙන් උපකාර ලැබීමට ඉඩ ඇති අතර දුර බැහැර ගමන් යෙදේ. නිවසේ සාමය සමාදානය වෙනදාටත් වඩා බල පැවැත්වෙයි. සිතුවිලි යහපත් අතට හැරෙයි. ආවේගශීලී බව අඩු වී යයි. ආදායම් මාර්ග සැලසේ. රැකී රක්ෂා ගොවිතැන්
කටයුතු පිළිබඳව වෙනදාට වඩා උනන්දුව ඇතිවේ.
• අය 6, වැය 4, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා
•කටක - සමගිය වර්ධනය වේ
සඳු 11, 12, 1 සහ දෙවැන්න මතින් ගමන් කරයි. සතියේ මුල් දිනවල ආර්ථික තත්වය සතුටුදායක වුවත් වියදම් ද යෙදේ. දුරබැහැර ඥාති හිතවතුන්ගේ පැමිණීමක් හෝ විදෙස්ගතව සිටින අයෙකුගෙන් උපකාර හිමිවිය හැක. සතියේ අවසාන දින වන විට බලාපොරොත්තු වූ මුදලක් හිමිවේ. සෙම් රෝග ඇතිවීමට පුළුවන. පවුලේ සමගිය වර්ධනය වේ.
• අය 8, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා
•සිංහ - වාසනාවන්ත සතියකි
කරගෙන යන රැකියාවන්ට අමතර මුදල් ඉපයීමකට උනන්දුව ඇතිවේ. ඇවිදිලි වැඩිවේ. ඉගෙනීමේ යෙදෙන දරුවනට මතක ශක්තිය වර්ධනය වේ. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත්ය. ව්‍යාපාර ගොවිතැන් කටයුතුවල දියුණුවක් ඇතිවේ. සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුය.
• අය 10, වැය 5, සුබ අංකය 4, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා
•කන්‍යා - ආගමික භක්තිය වැඩිවේ
අන්‍යයන්ගෙන් ගරුසරු ලැබේ. රැකීරක්ෂා කටයුතුවල වෙනසක් දක්නට ලැබෙයි. 9, 10, 11, 12 සඳු ගමන් කරන අතර අතමිට හිඟ පාඩු ඇති නොවේ. යහපත් මිතුරු
මිතුරියන් ඇසුරට පත්වේ. දරුවන් සමඟ බැඳීම් වැඩිවේ. ගොවිතැනට ආශා කරයි. ආගමට නැඹුරු වේ.
• අය 14, වැය 10, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා
•තුලා - ආර්ථිකය යහපත් වේ
8, 9, 10 සහ 11 වැන්න මතින් සඳු ගමන් කරන සතියේ මුල් දිනවල පුණ්‍ය කටයුතු සහ ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට වැඩි ඉඩකඩක් පෙන්නුම් කරයි. අමතර ලාභ ලැබීමේ ආදායම් මාර්ග විවර වේ. සුළු අසනීප ගති ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. සතියේ අවසන් දින දෙක ලැබීම් අතින් යහපත් බවක් පෙන්වයි. ප්‍රීතියෙන් කාලය ගතවේ.
• අය 8, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ළානිල, සුබ දවස - සිකුරාදා
•වෘශ්චික - අතමිට සරුවේ
චන්ද්‍රයා 7, 8, 9 සහ 10 වැන්න මතින් ගමන් කරයි. සතිය ආරම්භය පොදු වැඩවලට හෝ අසරණ වූ අයෙකුට පිහිට වීමට අවස්ථාව සැලසේ. සිතුවිලි යහපත් අතට හැරේ. ආවේගශීලී බව අඩු වී යයි. සතිය අගදී හිතවත් කෙනෙක්ගෙන් මිල මුදල් හෝ වෙනත් ත්‍යාග ලාභයකට හිමිකම් ඇත.
• අය 14, වැය 11, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - බ්‍රහස්පතින්දා
•ධනු - සිතෙහි සතුට
සඳු 6, 7, 8 සහ 9 වැන්න මතින් ගමන් කරන සතියේ බාධක ඉවත් වී බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකිවේ. සතිය මැද භාගයේදී තරමක අවිවේකී බවක් ඇතිවේ. වැඩිහිටි සහ හිතවතුන්ගෙන් ගුරුහරුකම් ලැබෙයි. පුණ්‍ය කටයුතු කෙරෙහි නැඹුරු වේ. සතිය අවසාන වන විට අනාගත සැලසුම් පිළිබඳව සුබවාදීව බලන්නට
ධෛර්යසම්පන්න බවක් ඇතිවේ.
• අය 11, වැය 8, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා
•මකර - දරුවන්ගේ දියුණුව
සතිය ආරම්භයේ දරුමුනුපුරන් දැකීමෙන් සතුට ඇතිවේ. දරුවන්ගේ විභාග වලින් ජය අත්වේ. සිතුවිලි සුබවාදී වේ. ආහාර පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනුයේ අමාශගත අසනීප වලට ඉඩ ඇති හෙයිනි. ව්‍යාපාර වලින් සෑහීමකට පත්වීමට පුළුවන. බාධක හමුවේ නොසැලී කටයුතු කරයි.
• අය 5, වැය 7, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා
•කුම්භ - යහපත් වූ සතියකි
සඳු 4, 5, 6, 7 වැන්න මතින් ගමන් කරන මේ සතිය නිවසටම වී කාලය ගත කරන්නට වැඩි කැමැත්තක් දක්වයි. සතුරු කරදර ඉවත්වේ. ආදායම් තත්වය යහපත්වේ. ධන ලාභ මතු කරයි. සතියේ අවසාන දිනවල සෙම් රෝග ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
• අය 11, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා
•මීන - දරුඵල අපේක්ෂා ඉටුවෙයි
සඳු 3, 4, 5 සහ 6 වැන්න මතින් ගමන් කරන මේ සතියේ. සහෝදරාදීන්ගෙන් උදව් උපකාර හිමිවේ. නිවසෙහි අලංකාරය පිළිබඳව උනන්දුව වැඩිවේ. දරුඵල අපේක්ෂිත අයට සුබඵල ඇත. සතිය ආරම්භයේදී සිටම ධෛර්යයෙන් වැඩ කටයුතු කරයි.
අතමිට සරුවේ.
• අය 8, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා