පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

ජී. ඇල් ආරියපාලගෙන් අලුත් නවකතාවක්

කෘතිය - ප්‍රේමාක්ෂර 
කර්තෘ - ජී. ඇල් ආරියපාල 
මිල - රුපියල් 850/= පිටු 296 
විමසීම් - 0776295686 
සරසවි ප්‍රකාශනයකි.

ගීතයක හරි අඬක් ගැයූ පසු, ඔබේ ආදරය ගීතයක් නම්, චාරුලතා සහ නිශ්ශංක, ස්වයංවරය, සුළි සුළඟ ඉවරයි, මා ද ඔබම වී, බෙලිතවාන, භව ගීතය ආදි වශයෙන් නවකතා ගණනාවක් ලියූ

ප්‍රවීණ ලේඛක ජී. ඇල් ආරියපාලයන්ගේ නවතම කෘතිය ප්‍රේමාක්ෂර නම් වේ. ආදරය මතින් ජීවිත සොයා යන යුවළකගේ කතාවක් පදනම් කරගනිමින්,ඒ වටා ප්‍රේමාක්ෂර කෘතිය ලියමින් කතුවරයා අපට කියන්නට හදන්නේ ආදරයේ හරයයි. එය හරි අපූරු බැදිමකි. අපුරු කතාවකි.


ප්‍රේමය ගැන කියන සඳමල

කෘතිය - සඳ මල 
කර්තෘ - ශාන්ති තුඩුහේන 
මිල - රුපියල් 550/= පිටු 152 
විමසීම් - 0772862339 
BOOK RACK ප්‍රකාශනයකි.

නවපරපුරේ ලේඛිකාවක වන හසන්ති තුඩුහේනගේ ප්‍රථම නවකතාව සඳමල ය. මෙය පාඨකයාට අලුත් අත්දැකීමක් ලබා ගත හැකි කෘතියකි. යොවුන් ප්‍රේමයක්, විශේෂයෙන්ම සිංහල දෙමළ ජාතීන් දෙකක තරුණියක හා තරුණියක අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධතාවයක් මේ කතාවට පදනම් වී ඇත. ඒ කතාව හරහා මානවීය සම්බන්ධතාවයන්, එකිනෙකා අතර ඇති වෙන සහයෝගිතාව, වෙනස් අදහස් දැරීම ආදි වූ මිනිස් ගතිගුණ සියල්ල පිළිබඳ සියූම්ව නිරීක්ෂණය කරමින් මේ කතාව ලියැවී ඇත. ඒ සඳහා යොදාගෙන ඇත ලිවීමේ රටාව පාඨකයා එම කෘතිය කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත්ව ඇතැයි හැඟේ.


‘ආදරණිය චෞරයා’ කෙටිකතා සංග්‍රහය

කෘතිය - ආදරණීය චෞරයා 
කර්තෘ - සංජීව ප්‍රසන්න ‍ෆොන්සේකා 
මිල - රුපියල් 250/= පිටු 79 
විමසීම් - 077 6520934 
ගොඩගේ ප්‍රකාශනයකි

සංජීව ප්‍රසන්න ෆොන්සේකා විසින් ලියන ලද දෙවන කෙටි කතා සංග්‍රහය ආදරණීය චෞරයා ය. අත්හැරීම, නිවුන්නු, අයියා මලෝ, ගුණසිරි සර්, ආදරණීය චෞරයා, යුතුකම්, තාත්තලා, අමුත්තා, උගුල යනාදී වශයෙන් කෙටි කතා නවයක් මෙහි ඇතුළත් වේ. තමන් ලද අත්දැකීම් බොහෝ සංයමයෙන් පාඨකයාගේ රුචිකත්වයට ගැළපෙන අයුරින් ලීවිමේ සමත්කම් දක්වා ඇති ඔහු මානුෂීය කතා ලිවීමේ, කතා ගෙවීමේ සමත්කමක් දක්වා ඇත. මින් පෙරද සංජීව විසින් සැඟවූ කතාව නමින් කෙටි කතා සංග්‍රහයක් 2007 දී පළකර ඇත. ඊට අමතරව දිවමන් සිත්තම් (අනුවර්තන කතා එකතුවක්) 2014 දී පළකර ඇත.


ගිනුරිගේ පළමු පොත ‘තාරකා දොරටුව’

කෘතිය - තාරකා දොරටුව 
කර්තෘ - ගිනුරි ඉන්හාරා ගුණවර්ධන 
මිල - රුපියල් 200/= පිටු 20 
විමසීම් - 0703342316 
කර්තෘ ප්‍රකාශනයකි

කඩවත එස්. කේ. කේ සූරියආරච්චි විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගිනුරි ඉන්හාරා ගුණවර්ධන විසින් ලියන ලද ‘තාරකා දොරටුව‘ කෘතිය පාසල් වියේ දරුවන්ට ආදර්ශවත් කෘතියකි. එයට හේතුව වන්නේ පාසලෙන් හෝ නිවසේ සාමාජීකයන් සමඟ යන දුර බැහැර චාරිකා දරුවන් ග්‍රහණය කරගෙන ඇත්තේ කෙසේදැයි යන්න මනාව පැහැදි වන බැවිනි. තමන් ආගිය ගමන් වලදී ලද අත්දැකිම් ඇය තවත් කෙනෙකුට පහදා දෙන්නේ අපූරු ආකාරයටය.

මේ කුඩා දියණියගේ පළමු අත්දැකීමට සිළුමිණ පොත් පුවත් තුළින් සුබ පතමු.

Comments