
රටේ විශිෂ්ට කලාකරුවන්, පුවත්පත් කතුවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රබල සන්නිවේදකයින් හා මහාධිකරණ විනිසුරුවරුන් ආදි විවිධ ක්ෂේත්‍රවල කෑපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන පුද්ගලයන්ගේ පියවරුන් පිළිබඳ, ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ විසින් ලියන ලද “අපේ තාත්තා“ කෘතිය එළිදැක්වීම මේ මස 11 වැනිදා සවස 4.00ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
මෙහිදි අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤානිස්සර ස්වාමීන් වහන්සේ මුලසුන හොඹවන අතර ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරි සුමන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබයි. එසේම බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ විසින් ද දෙසුමක් පවත්වනු ලැබේ.
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ද මෙහිදි දේශනයක් පවත්වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජනප්‍රිය ගුවන් විදුලි නිවේදක ජයන්ත රෝහණ විසිනි.
“අපේ තාත්තා“ කෘතිය සරසවි ප්‍රකාශනයක් වන අතර මේ පිළිබඳ වැඩි විස්තර 077 3635043 දුරකථන අංකය ඇතිමෙන් ලබාගත හැකිය.