
1 නව කැබිනට් සංශෝධනය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
2 මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රජය ගතයුතු පියවර කුමක්ද?
3 මේ තත්ත්වයෙන් රට ඉදිරියට ගියොත් රටේ ඉදිරි පැවැත්ම කෙසේ වෙයිද?
4 ගාලු මුවදොර උද්ඝෝෂණකරුවන්ගේ විරෝධතාවේ ඉදිරිය කුමනාකාර වේද?
5 රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට මේ තත්ත්වය කෙසේ බලපායි ද?
ප්‍රචණ්ඩත්වය පැතිරවීම හොඳ පූර්වාදර්ශයක් නොවෙයි
- වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ
1 ජනාධිපතිතුමාගෙන් බොහෝ පාර්ශ්වයන් ඉල්ලීමක් කළා කැබිනට් සංශෝධනයක් පිළිබඳව. මේ ප්‍රශ්න විසඳන්න වගකීම් බාරගන්න කියලා හැම දේශපාලන පක්‍ෂයකටම ජනාධිපතිතුමා ආරාධනා කළා; නමුත් පක්‍ෂ කිසිවක් හෝ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු සියලු දෙනාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ජනාධිපතිතුමාට සිදු වුණා නැවත කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉල්ලා අස්වෙලා අවස්ථාවක් දුන්නා තරුණ මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරුන්ටත්.
මේ ප්‍රශ්න පිළිබඳව අපි කනගාටු වෙනවා. අපි ඒවා විසඳන්න උත්සහා කරනවා. අලුත් කැබිනට් මණ්ඩලයට පුළුවන් වේවි පරණ අය කරපු හොඳ දේවල් වගේම අලුත් දේවල් හඳුන්වල දෙන්න.
2 පියවර රැසක් අපි මේ වනවිටත් අරගෙන තියෙන්නේ. ඉන්ධන, ගෑස්, විදුලිය අඛණ්ඩව ලබාදීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට කටයුතු කරනවා. අපි විදේශ විනිමය අර්බුදයක ඉන්නවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව අපේ මිල ගණන් වැඩිකරලා නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අයිඕසී තෙල් මිල වැඩි කරද්දීත් ජනතාව මත බර පැටෙව්වේ නැහැ. රජය ඒ අලාභය විඳදරා ගත්තා.
ගෑස් සම්බන්ධයෙනුත් විශාල පාඩුවක් තියෙනවා. නමුත් අපි එය විඳ දරාගෙන සැපයීම කරනවා. අපිට විදේශ විනිමය අර්බුදය වගේම වැඩි පිරිවැයක් දරද්දී අදායම් මට්ටමත් අඩුවෙනවා. වියදමට සාපේක්ෂව අාදායමක් ලැබෙන්නේ නැහැ.
අත්‍යවශ්‍ය සැපයුම් ජාලය ශක්තිමත් කිරීම කළ යුතුයි. අපි ඉල්ලීමක් කරන්නේ මේ සැපයුම් ජාලවලට සැලසුම් සහගතව බාධා එල්ල කරන්න එපා කියලා. අපි දන්නවා ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳගන්න ජනතාව ස්වේච්ඡාවෙන් මහමඟට ආවා. පෙළපාළි ගියා, බෝඩ් අල්ලන් හිටියා, උද්ඝෝෂණ කළා. ඉතාම සාමකාමීව හා සාධාරණව උද්ඝෝෂණ කළා. සාමකාමී කණ්ඩායම මැදට මේ සංවිධානාත්මක කණ්ඩායම් ඇවිල්ලා මේ ස්වාධීන උද්ඝෝෂණ පෙළපාළියට විරෝධතාවට බාධා එල්ල කරන අවස්ථා තියනවා. රටට බරපතළ අවාසිදායක තත්ත්වයක් වෙනවා.
සාමකාමී කටයුතු කරන දැඩි පීඩාව නිසා පාරට ඇවිත් උද්ඝෝෂණය කරන අයටත් බාධාවක් වෙලා තියෙනවා. කණ්ඩායමක් උද්ඝෝෂණය කරද්දී ඒ මැදට කඩාකප්පල්කාරී පිරිසක් ඇවිල්ලා ප්‍රචණ්ඩත්වය පතුරලා දේපොළ විනාශ කරලා යනවා. මේ ක්‍රියාවන් ප්‍රශ්නයට විසඳුම වෙන්නේ නැහැනේ. තෙල් පෝලිමේ ඉන්න අය තෙල් ගෑස් විදුලිය එනකම් බලන් ඉන්න අය විරෝධතාවක් ඉන්නවා. ඒඅයගේ අපහසුතාව නිසා.
කුමන්ත්‍රණකාරී පිරිසකුත් ඉන්නවා. ඒඅයට කිව යුතුයි අමාරුකම්වලින් මිනිස්සුන්ව තවත් අමාරු තැනකට තල්ලු කරන්න එපා. තරුණ කණ්ඩායම් එකතු වෙලා රජයට විරුද්ධව අරගල ගෙනයද්දී ඒවාට අපි කිසිම බාධාවක් කරලා නැහැ. ඒ අයත් බාධාවක් වන ආකාරයට කටයුතු කරලත් නැහැ. ප්‍රචණ්ඩත්වයට අරගෙන ගියාම ඒ තුළ ජනතාවත් අපහසුතාවයට පත්වෙනවා.
සැපයුම් ජලයට බාධා කළොත් අපිට තවදුරටත් තෙල් පෝලිම් නැති කරන්න යන කාලය වැඩියෙන් යයි. මේ මාසේ අවසානයෙන් පස්සේ විශේෂයෙන් ගෑස් අර්බුදයට විසඳුමක් දෙන්න ක්‍රමානුකුලව මේ අමාරු තත්ත්වය විසදෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
3 ඒක සැබෑ විරෝධයක්. මට පේන විදිහට එය මුලදී තිබුණු තත්ත්වයට වඩා යම් පුද්ගලික අරමුණු වෙනුවෙන් ගමන් කිරීමක් තියෙනවා. දේශපාලනඥයෙක් විදිහට බලන්නේ නැතුව සාමාන්‍ය රටේ පුරවැසියෙක් විදිහට බැලුවාම එහෙම පේනවා. මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මේ රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වැඩිකර ගැනීම. ඒ විදෙස් ශ්‍රමිකයන් සංචාරක ව්‍යාපාරය ආදිය දියුණු කළ යුතුයි.
නමුත් රුපියල පාකරන්න ඇරලා ඩොලරය රුපියල් 300 ඉක්මවල තියෙද්දිත් නීත්‍යානුකුල නොවන ක්‍රමවලට එවන්න කියලා විදෙස් ශ්‍රමිකයන්ට දැන් කියනවා. ඒ තුළ රටේ ආර්ථිකයට ලැබෙන විදෙස් මුදල් අහිමි වෙනවා. සංචාරක ව්‍යාපාරයට කරපු විනාශය නිසා එතකොට එතනිනුත් විදෙස් මුදල් ලැබීම අපිට අවහිර වුණ.
ඊළඟට IMF එකට අපි ගියා. IMF සාකච්ඡා කරද්දී මෙහෙ ප්‍රචණ්ඩත්වය පතුරවනවා. ඒක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි.
4 .රටේ ආර්ථිකය හිස ඔසවන්න අපි දරන හැම උත්සාහයක්ම කඩාකප්පල් කිරීමක් තමයි ඇතැම් අය කරන්නේ. මොකද දේශපාලනික අරමුණු තියෙන අයගේ බලාපොරොත්තුව ඔවුන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් ගමන් කිරීම. කාටවත් දේශපාලන අරමුණු මේ වෙලාවේ ඉටුකර ගන්න බැහැ. ජනතාව 225 කෙරෙහිම විරුද්ධව ඉන්නේ.
සමහර අය හිතනවා නම් ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් ජනතාව අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. අපේ ගෙවල්වලට ගැහුවනේ. අපේ ගෙවල්වලට ගැහුවේ සාමකාමිව උද්ඝෝෂණය කරන අය නෙවෙයි. ප්‍රචණ්ඩත්වය පතුර වන සංවිධානත්මක කල්ලියි ඒක කළේ. ඒ ගැහුවේ ආණ්ඩු පක්ෂයේ අයට විතරක් නෙවෙයි; ඒ නිසා සමහර අය ගැලරිය පිනවන්න තරුණ ජිවිත විනාශ කරපු අයත් අද තරුණයන් වෙනුවෙන් පෙනී හිටිනවා. අද මේ ඇතැම් අයගේ හැසිරීම තවදුරටත් ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරනවාද සුබවාදිව බලනවද කියන කාරණාව මතු කරනවා.
5-මෙය සමස්ත යාන්ත්‍රණයටම අයහපත් විදිහට බලපානවා. සියලු දෙනා සහයෝගයෙන් රටේ ඉදිරිය ගැන සිතිය යුතුයි. මේ තත්ත්වය රටට දේශපාලනිකව ආර්ථිකමය වශයෙන් අයහපත්. අපේ රට ගැන ජාත්‍යන්තරව ඇතිවන ප්‍රතිරුපයටත් හොඳ නැහැ.
සමහරු සංවිධානාත්මකව මේවා කරන්නේ. ජනාධිපතිතුමා ආරාධනා කරපු අවස්ථාවේ කවුරුත් බාරගන්න සුදානම් නැත්නම් සුදානම් වුණේ නැහැ. විපක්ෂ කණ්ඩායම බාරගන්නේ නැත්නම් ස්වාධින වෙච්ච මන්ත්‍රීවරු ඒක බාරගන්නේ නැත්නම් ජනාධිපතිතුමාට ආණ්ඩුව ගෙනියන්න වෙනවා. කොහොම වුණත් අද අප සියලු දෙනාට රට පිළිබඳව සිතීමේ වඩා වැඩි වගකීමක් තියෙනවා .
මේ අරගලය ජය ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය විප්ලවයකට යා යුතුයි
- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න
1 මේක බොරු වැඩක් කියලයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. හිටිය අයම නැවත පත් කරගෙන තියෙනවා. ජනතාව ඉල්ලන්නේ මේ දේවල් නොවෙයි. මේ අයට ඉවත් වෙන්න කිව්වාම නැවත පත් කිරීමක් කරලා වැඩක් නැහැ. නැවත ඒ අයම පත් කරලා ඒ අය එක්කම මේ වැඩේ කරන එක විසඳුමක් නොවෙයි. ජනතාව අපේක්ෂා කරපු වෙනස මේක නොවෙයි; ජනතාව බලාගෙන ඉන්නේ ජනාධිපති ඉවත් වෙයි කියලා.ආණ්ඩුවෙන් රාජපක්ෂවරුන් ඉවත් කරන්න කියන තැනක ජනතාව ඉන්නේ. අපි ඉන්නේ ජනතා අරගල සමඟයි. විපක්ෂයක් ලෙස අපේ අරමුණ මේ අය ගෙදර යන්න අවශ්‍යයි කියනදේම තමයි. ඒ අයගේ සමහර අය කියනවා; අපි ස්වාධීනයි කියලා. මේ සියලුදෙනා බොරු දේවල් කරන්නේ.
ඒ අය විපක්ෂයට එන්නෙත් නැහැ. මේ ඔක්කෝම රඟපෑම් විතරයි. මේ අයට ප්‍රතිපත්තියක් නැහැ. අපි මේ අවස්ථාවේ විපක්ෂයක් හැටියට ජනතා අරගලය සමඟ සිටිය යුතුයි. පාරේ ඉන්න අයගේ මතයේමයි අපි ඉන්නේ. ඒ අයගේම අරගලයේම තමයි අපිත් ඉන්නේ. මේක විහිළුවක්. පත් කරලා ඉන්න අයගේ දෙමාපියන් හිටපු ඇමැතිවරුන් නිසා දරුවන් කීදෙනෙක්ට ඇමැතිකම් දීලාද? පවුල් දේශපාලනය තියෙන්නේ රාජපක්ෂවරුන්ට විතරක් නොවෙයි. හැකියා, කුසලතා තියෙන අයට තැන දෙන්න අවශ්‍යයි. විද්වතුන් ඉන්නවා වෘත්තියවේදීන් ඉන්නවා. ඒ අය හැකියාවන් අනුව ඉදිරියට ගේන්න ඕන. ඒඅයට බලය දෙන්න අවශ්‍යයි.
2මේ අවස්ථාවේදී රජයේ වගකීම ඉතාමත් පුළුල් විය යුතුයි. පවතින ආර්ථීක අර්බුදයට පළමුවෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ යම්කිසි එකඟතාවකට පැමිණිය යුතුයි; එයින් කරුණු තුනක් ඉටු වෙනවා; යම් මුල්‍ය වාසියක් ලැබෙනවා. යම්කිසි කාල සීමාවකට යටත්ව මුදලක් ලැබෙනවා. ආධාර දෙන අනෙක් මුල්‍ය ආයතනයන්ට විශ්වාසය වැඩිවෙනවා. රට තුළ මුල්‍ය විනයක් ඇතිවෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි. සියලු දෙනා එයට එකඟ විය යුතුයි. මේ වන විට විදෙස් මුදල් ගෙවන්න කොහොමත් ආණ්ඩුවට බැහැ.
ප්‍රතිව්‍යුහගත කරන්න මාස හයක් විතර යයි. ක්‍රමානුකූලව එය කළ යුතුයි. අනෙක් කාරණාව මේ වනවිට භාණ්ඩ හා සේවා හිඟයට, පෝලිම් නැති කිරීමට, ජනතා අසහනය නැති කිරීමට මැදහත්වීම අවශ්‍යයි. මුල්‍ය පහසුකම් අවශ්‍යයි. ඒ සඳහා බහුපාර්ශ්වික මුල්‍ය ආයතනවලින් සහන ලබාගත යුතුයි. රටේ අයවැය පරතරය නැති කළ යුතුයි. ඒ සඳහා ආදායම වැඩි කළ යුතුයි. වියදම් අඩු කළ යුතුයි. අනවශ්‍ය වියදම් කප්පාදු කළ යුතුයි. එසේ නොකර මූලික ගැටලුවක් වන අයවැය පරතරය නැති කරන්න බැහැ. බදු මිල ඉහළ යෑම් දරාගත නොහැකි අඩු අදායම්ලාභින් පිරිසක් ඉන්නවා. ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ සියලු දේවල් ගැන සාකච්ඡා මඟින් තීරණයකට පැමිණිය යුතුයි. සමාජ ආරක්ෂණය දුප්පත් අයට ලැබිය යුතුයි. රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය ප්‍රාග්ධනීකරණය කළ යුතුයි. එවිට ජනතාවගේ විශ්වාසය ඇතිවෙනවා. දේශපාලන ප්‍රශ්න නිසයි; ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ. ඒනිසා ආර්ථික ප්‍රශ්නයට පෙර දේශපාලනික ප්‍රශ්නය විසඳිය යුතුය. මේ ආර්ථික ප්‍රශ්න සියල්ලට හේතුව රටේ ඇති දේශපාලනික ප්‍රශ්නයයි.
3 මේ තත්ත්වය ඉදිරියට ගියොත් රට තවත් කඩා වැටීමකට ලක්වෙනවා. මේ ගැටලු සියල්ලටම හේතුව සමාජ, ආර්ථීක, දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන වැරදි ප්‍රතිපත්තියයි; දුර්වල කළමනාකාරීත්වය ප්‍රධාන සාධකයක් වෙනවා. මේ වෙලාවේ මේ ආණ්ඩුවේ මූලික අරමුණ විය යුත්තේ; මේ රට මෙතැනට තල්ලු කරපු අයව ඉවත් කිරීමයි. මේ රජයේ ක්‍රියා කලාපය අපැහැදිලියි. වැරදි කරපු අයව තියාගෙන මේ ජනතා විරෝධයට පිළිතුරු දෙන්න හෝ විසඳන්න බැහැ. මේ රටේ ආර්ථීක ප්‍රශ්න විසඳන්න මේ අයට ඕන නැහැ.
මේ රට මෙතැනට තල්ලු කරපු අයව ඉවත් කරන්න දැන්වත් මේ අයට අවශ්‍යතාවක් නැහැ. මේ රටට වෙලා තියන ව්‍යසනයට වගකිව යුතු අයව ඉවත් කරලා සුදුස්සන් දාන්න කියලා ජනතාව කියන්නේ.
4 උද්ඝෝෂණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. උද්ඝෝෂණ කියන්නේ අරගලයක කොටසක්. අපිට තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්. එය අපි පාර්ලිමේන්තුවේදි නියමාකාරයෙන් මෙහෙයවන්න අවශ්‍යයි. නමුත් නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවෙන්න කලින් ඉස්සර ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණා; ලෝකයේම අරගලවල එම පිරිස් හිටියා. දැන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නිසා මේ සාමකාමී අරගලයෙන් ජනමතය සහ ප්‍රජාතන්ත්‍රවාදය මේ අය පෙන්නනවා; ජනමතය සහ ප්‍රජාතන්ත්‍රවාදය මෙයයි කියලා. අපි නියෝජිතයන් ලෙස එය තේරුම් ගත යුතුයි. ඒ අය ඒක සාමකාමීව කරනවා. එය දිගින් දිගටම යයි. ඒක නැතිවෙන්නේ නැහැ. ජනතාවගේ ආර්ථීක ප්‍රශ්න හරි ගැඹුරුයි. ජනතාවට මූලික අවශ්‍යතා ඉටු කරන්න බැරි වෙලාවක මේ දේශපාලනඥයන් හොරකම් කරලා රට නැති කරලා තියෙන්නේ කියලා ජනතාව තේරුම් අරන් තියෙන්නේ. මේ හොරකම දුෂණය නැති කරන්න, නීති ගණනාවක් සම්පාදනය කරමින් පාර්ලිමේන්තුවට ගේන්න අපි අපේක්ෂා කරනවා. ඇත්තටම හොරු හොරුන්ව ආරක්ෂා කරනවා කියලා ජනතාව තුළ මතයක් තියනවා. අපේ එහෙම දෙයක් නැහැ.
අපි අලුත් පක්ෂයක් අලුත් ගමනක් යන්නේ නීති රාමුවක් හදාගෙන යනවා. අපි ගැන ජනතාවට විශ්වාසයක් ඇතිවෙයි. මේ දේවල් වෙනස් කරනවාට කවුද එකඟ නැත්තේ කියන කාරණාව එතකොට මහජනතාව දැන ගනීවි.
5 රටේ සමස්ත යාන්ත්‍රණය එනම් දේශපාලනික සමාජ ආර්ථීක ස්ථාවරයක් නැහැ; සමස්ත රටම බංකොලොත් වෙලා තියෙන්නේ. ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි රට බංකොලොත් කරපු අයව තියාගෙන කරන්න බැහැ; මේ අයව ඉවත් කරන්න අවශ්‍යයි. අලුත් අය පැමිණිය යුතුයි. අලුත් සැලසුම් තිබිය යුතුයි. අපිට කොතරම් විරුද්ධත්වයක් තිබුණත් අපි විරෝධයක් පෑවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාවට විස්වාසයක් ඇති කරන්න අවශ්‍යයි. අලුත් සැලැසුම් අවශ්‍යයි. ඒ විරෝධතාව දක්වන අයගෙන් ඉල්ලන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා. විරෝධය පෑවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසා තමයි විරෝධතාකරුවන් වෙනුවෙන් ඒ අයගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පෙනී සිටින්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය විප්ලවයකට යායුතුයි.
අපි සංශෝධනයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ සඳහා වැඩකරන්න අවශ්‍යයි. සමස්ත යාන්ත්‍රණය වෙනස් කරන්න අවශ්‍යයි. අපි ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේනවා. එයින් 20වැනි ව්‍යාවස්ථාව ඉවත් කරලා; ඒ අරගලයේ ඉන්න අය වෙනුවෙන් යමක් කරනවා. අපි විශ්වාසභංගයක් ගේනවා.
ජනතාවගේ අරගලය වෙනුවෙන් අපි ඉන්නවා. මේ ජනතාවගේ විරෝධයත් සමඟ මේ අයට බලයේ ඉන්න අයට තවත් බැහැ. දැනට තියන තත්ත්වයට අනුව ඉදිරියට ගියොත් ජනතාවට කන්නත් නැතිවෙනවා. මිනිසුන් ඉල්ලන්නේ සංශෝධන නොවෙයි. මේ අයට ඉවත් වෙන්න කියලා කියන්නේ.
රටේ දැවෙන ප්‍රශ්නවලට කැබිනට් සංශෝධනවලින් පිළිතුරු සොයන්න බැහැ
- ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක
1 මේ කැබිනට් සංශෝධනය ඇත්ත වශයෙන් තේරුමක් නැති දෙයක්; හිටපු ඇමැතිවරුන්ගේ පුත්තු බහුතරයක් ඉන්නේ. ඒ අය ප්‍රගතිශීලි දේශපාලනයක් කරපු අය නොවෙයි.
බහුතරයක් තාත්තටත් වඩා දූෂිත පිරිසක් කිව්වොත් හරි. ආණ්ඩුවට මේ වගේ දේවල්වලින් රටේ තියන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න බැහැ. මේ බහුතරයක් හිටපු රාජ්‍ය ඇමැතිවරුන්නේ. මේ අය අශුද්ධයි කියලා අපි හිතන්නේ නැහැ.
ඔළු ගෙඩි වෙනසකින් මේ ගැටලුවලට විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා මෙය ජනතාව රවටන්න ගත්ත අසාර්ථක උත්සාහයක් කියලා මම හිතන්නේ.
2 ඇත්තටම ආණ්ඩුවට කලින් තිබුණේ; රටේ ආර්ථික අර්බුදයන් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමයි. දැන් මිනිසුන් කවුරුත් ආණ්ඩුවෙන් පෙට්‍රල් ගෑස් විදුලිය ඉල්ලන්නේ නැහැ.
ආණ්ඩුව ගැන තියන විශ්වාසය බින්දුවට බැහැලා. ජනතාව කියන්නේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා. ආණ්ඩුව රට ගැන හිතනවා නම් ජනතාව අති බහුතරයක් ඉල්ලා සිටින ආකාරයට අස්වෙලා; ජනතාවට කැමැති ජනවරම පත්කර ගැනීමට ඉඩදී යා යුතුයි. ආණ්ඩුව සහ නායකයෝ කියනවා ජනතාවට කැපවීම් කරන්න කියලා. මෙවැනි අර්බුද විසඳන්න ජනතාවගේ සහය අවශ්‍යයි. කැපකිරීම් කියන්නේ සහයෝගයේම කොටසක්. සහයෝගයෙන් පමණක් හැමදේම ගොඩගන්න බැහැ. මේ අවුලෙන් රට ගොඩගන්න ජනතාව අවිශ්වාස කරන පාලකයන් බලයේ තියාගෙන බැහැ. IMF එකට වැන්දට මේ ප්‍රශ්න විසඳගන්න බැහැ. IMF එකට යන්න කලින් රුපියල පා කළා.
මේ ඔක්කෝම IMF කැරලි. IMFදාන කොන්දේසි මේ අය දන්නවා. ඒ අයගේ හිත දිනාගන්නයි මේ දේවල් කරන්නේ. නූල කැඩිලා වගේ සියල්ල පාලනයකින් තොරව වැඩි වෙනවා. ඇත්තටම රුපියල පාවෙනවා වගේ සියල්ල ඉහළ යනවා. මේ රටේ නීතිය, සාමය ටිකක් හරි රැකිලා තිබුණා.
ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් විසින් ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කරනවා. මැතිවරණයක් කරන්න කොමිසමට බාර දීලා ආණ්ඩුව ගෙදර යා යුතුයි.
අලුත් ජනවරමකට අවස්ථාව නොදී මේ රට ගොඩනගන්න ක්‍රමයක් නැහැ. පුළුවන් තරම් අඩු වියදමින් මැතිවරණයක් කරලා මේ අය ගෙදර යවන්න අවශ්‍යයි.
3 ඇත්ත වශයෙන් මේ තත්ත්වය ඉදිරියට ගියොත් ආර්ථික අර්බුදය දේශපාලනික අර්බුදය ආදියට අමතරව රටේ ඉදිරි කැරලි කෝලාහල මට්ටමකට එන්න පුළුවන්.
මේවා සාමකාමී උද්ඝෝෂණ. ප්‍රචණ්ඩත්වය නැහැ. ආණ්ඩුවට අවශ්‍ය මේවා ප්‍රචණ්ඩ කරගන්න.
ඒ නිසා සිවිල් කලකෝලාහල වලට ගිහින් ජිවිත විශාල සංඛාවක් නැති වුණත් මේ අරගලෙන් ආණ්ඩුව පරදිනවා. ආණ්ඩුව මොන දේවල් කළත් නැවත ජනවරමක් ගන්න බැහැ. තව ඉදිරියට මෙහෙම ගියොත් ජන ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වෙනවා.
4 ජනතාවගේ කැමැත්ත මත කෙරෙන උද්ඝෝෂණයක්. කාගෙත් මැදිහත් විමෙන් කරන දෙයක් නොවෙයි. ආණ්ඩුව කරන ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු නිසා ගාලුමුවදොර පිටියේ වගේම තවත් උද්ඝෝෂණ රැසක් මතුවෙයි. ඒ නිසා උද්ඝෝෂණ වැඩිවෙනවා; මිසක අඩුවෙයි කියලා හිතන්න බැහැ.
ආණ්ඩුවට යන්න කියලයි ප්‍රධාන වශයෙන් ජනතාව කියන්නේ. ජනතාව පිළිගන්න නායකත්වයක් අවශ්‍යයි. සිවිල් බුද්ධිමතුන් උගතුන් පත් කරන්න අවශ්‍යයි.
නමුත් ඒ අය කාටද වග කියන්නේ. අනෙක් කාරණාව; ඒ අයට ආර්ථික දේශපාලනික කාරණා කිරීමට හැකිද යන අවිශ්වාසය ඇතැම් අය තුළ තියෙනවා. එමෙන්ම ඒ අය කාටද වග කියන්නේ. රටක් පාලනය කරන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගැනීමෙනුයි.
මෙතන ලොකුම අර්බුදය තියෙන්නේ ආර්ථික විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව පිළිබඳ ගැටලුවක් නොවෙයි.
ජනතාවගේ විශ්වාසය දිනාගෙන ජනතාව මේ උඟුලෙන් ගලවා ගන්න ප්‍රතිපත්තියක් අවශ්‍යයි. දියසේන කුමාරයෝ අවශ්‍ය නැහැ. අපේ ම ජනතාව තමයි; දියසෙන් කුමාරවරු වෙන්නේ. ජනතාවගේ විශ්වාසය, ආදරය දිනාගෙන ජනතාවාදීව මේ රට මේ උඟුලෙන් ගලවා ගන්න ප්‍රතිපත්ති අවශ්‍යයි.
දියසේන කුමාරවරුන් නොවෙයි අවශ්‍ය. ජනතාවාදී ප්‍රතිපත්ති මාලාවක් සහ ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න අදූෂීත දේශපාලනික නායකත්වයක් අවශ්‍යයි. ජනතාවගේ විශ්වාසයෙන් තොරව අඟලක්වත් ඉදිරියට යන්න බැහැ.
5 සැලකිය යුතු ජනතාවක් විරෝධතාවයක ඉන්නවා. මේවායෙන් පටු වාසි ගන්නා පිරිසකුත් ඉන්නවා. කළු කඩකාරයෝ මේ අර්බුදයෙන් වාසි ගන්නවා. තෙල් ගැන වුණත් වැඩිවෙන්න පෙර ගත්ත තෙලුයි මේ වැඩි මිලට විකුණන්නේ.
අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්න පිරිසක් ඉන්නවා. නමුත් බහුතර රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩු විරෝධි වුවත් ජනතාවට විරුද්ධව කටයුතු කරන්න තවමත් පටන් අරගෙන නැහැ.
එය ජනතාවගේ පැත්තෙන් හොඳ ලක්ෂණක්. මේ අරගල ජනතාවට පීඩාවක් නොදී කරන්නයි; ජනතාව උත්සාහ කරන්නේ. දවසක් හරි මේ ආණ්ඩුව ඉදිරියට යනවා නම් එයයි රටේ සමස්ත යාන්ත්‍රණයට බාධා කරන්නේ.
එයිනුයි නීතිය, සාමය, ආර්ථිකය යන සාධකවලට ලොකු ම හානිය වෙන්නේ. අපි කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කර මේ දූෂීත පාලකයන් ගෙදර යවන්න ඕන.