
•කෘතිය - නැවතුම් නැති ජීවිතේ
•පරිවර්තනය - සමන් අතාවුදහෙට්ටි
•පිටු - 303
•මිල - රුපියල් 1000/=
•ඇම්. ඩී. ගුණසේන ප්රකාශනයකි.
•විමසීම් - 077 7704740
දෑත් දෙපා අහිමිව මෙලොවට උපන් ‘නික් වුයෙච්චි‘ විසින් ලියන ලද තමන්ගේ ජීවන අත්දැකීම් එක්කර ලියැවුණ Unstoppabel නම් කෘතිය “නැවතුම් නැති ජීවිතේ“ නමින් ප්‍රවීණ ලේඛක සමන් ආතාවුදහෙට්ටි විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
ධර්ම ප්‍රචාරකයෙක් එහෙමත් නැත්නම් දිරියට දිවි දෙන දේශකයෙක් වශයෙන් ලොව පුරා සංචාරය කරන නික් ගේ ජීවිත කතාව මෙන්ම ඔහු ජීවිතය ජගත් අයුරු මේ කෘතියේ සදහන් වේ. එය වඩාත් වටින්නේ ඔහු ගැන, ඔහු ලැබූ ජීවන අත්දැකිම් ආදි සියල්ල වෙනත් කෙනෙකුගේ ඇසින් නොව නික් තමන්ගේම අත්දැකීම් මතින් පාඨකයාට කියවන්නට ඉඩ සැලැස්වීමය.
නික් තමන් ගැන ලියු පළමු පොත වන්නේ (Life Without Limits) සීමා නැති ජීවිතේ ය. ශාරිරික අපහසුතා දුබලතා නිසා ජීවිතය අතහරින්නට පමණක් නොව යම් විටෙක ජීවිතය අවශ්‍ය නැතියි කියා සිතෙන්න වුන්ට මේ පොත කියවීමෙන් තමන් ගැනම යම් නිගමනයකට ඒමට ජිවිතයේ ඉලක්ක සපුරා ගැනීමට නැවැතුම් නැති ජීවිතේ යම් මඟ පෙන්වීමක් වැනිය.
දුර්ගා
•කෘතිය - දුර්ගා
•කර්තෘ - සමීර ඒකනායක
•පිටු - 400 •මිල - රුපියල් 700/=
•කර්තෘ ප්රකාශනයකි.
•දුර්ගා, සමීර එකනායකගේ පළමු නවකතාවයි.
•විමසීම් - 077 9829330
යොවුන් වියේ කරන දගකාරකම් සමඟ ජීවිතය වැරදෙන්නට මහ වෙලාවක් ගතවන්නේ නැත. අද සමාජයේ වැඩිහිටියන්ට වුවද තරුණ තරුණියන් සම්බන්ධයෙන් ඇත්තේ වෙනස්ම දැක්මකි. මේ කාර්යය බහුල සමාජය තුළ හිදිමින් දිවිගෙවන තරුණ ජීවිත හා බැඳුණ මානවිය සබඳතා සමඟ ඔවුන් දිවිගෙවන අයුරු දුර්ගා කෘතියේ දී කතුවරයා කියන්නට උත්සාහ දරයි.
විශේෂයෙන්ම විරැකියාව මතින් බැටකන ගම්බද තරුණ තරුනියන් රැකියා අවස්ථාවන් සොයා නගරයට පැමිණිමත් , නගරය සමඟ ගැටෙන ආකාරයත්, දේශපාලන බලපැම් හමුවේ තරුණ සමාජය කටයුතු කරන ආකාරයත් මේ කෘතියෙන් කතාබහට ලක්කර ඇත. එමෙන්ම 1850 ගණන් දක්වා දිවෙන බ්‍රිතාන්‍ය පාලන සමයත් ඒ වට පිටාවේ සිට අද දක්වාත් කතා කරන්නට කතුවරයා උත්සාහ දරා ඇත. කුතුහලය ත්‍රාසය මෙන්ම ප්‍රේමය ද මෙහි අඩුවැඩි වශයෙන් අන්තර් ගතවී තිබේ.
තනි මිනිසා
•කෘතිය - තනි මිනිසා
•කර්තෘ - තුෂාරි අබේසේකර
•පිටු - 422 •මිල - රුපියල් 700/=
•ඇම්. ඩී. ගුණසේන ප්රකාශනයකි.
•විමසීම් - 077 8353215
තනි මිනිසා තුෂාරි අබේසේකරගේ දහතුන් වන නවකතාවයි. නවකතා රචිකාවක් වන තුෂාරි ඊට අමතරව ටෙලි නාට්‍ය තිර රචනා රැසක් ද කර ඇත. කන්‍යාරාමයක සිටින කන්‍යා සොයුරින් වටා ගෙතී ඇති මේ කතාවෙන් ඇය අපට කියන්නට උත්සාහ දරන්නේ ජීවතය ගැනයි. තනි මිනිසා කෘතියේ ලේඛිකාව සිය කෘතියේ මෙසේ සඳහන් කර ඇත. “එය කියැවීම ඔබට බාරය. ඉවසීම සහ සංයමය ඇත්තේ නම් ඔබ බොහෝ සෙමෙන් ස්පර්ශ කරන්නා වු කුඩා බිලිඳෙකුගේ හිස විලස මේ පොත් පිටුද පෙරළාගෙන ඉදිරියට යනු ඇත.
තවත් වරෙක බිලිඳා ඇකයේ හොවා ගන්නා විලස මේ පොත ද උණුහුමෙන් ළයට තුරුලු කරගනු ඇත.....“ අදි වශයෙන් පෙරවදනේ සඳහන් කරන ලේඛිකාව පාඨකයන්ට රසවිදීමට බොහෝ මානව දයාවෙන් පිරි කතාවක් ගෙන එනු ලබයි.
දුවකගේ කඳුළු
•කෘතිය - දුවකගේ කඳුළු
•කර්තෘ -රුචිරා සුරංගී ද අල්විස්
•පිටු - 151 මිල - රුපියල් 450
•ඇම්. ඩී. ගුණසේන ප්රකාශනයකි.
•විමසීම් - 076 2110036
ඇය සුරංගීද අල්විස් නම් වේ. මාධ්‍ය ලෝකයේ නමක් දිනු හැම නෙතකටම කඳුළක් නැංවූ අකාලයේ ජීවියෙන් සමුගන්නට සිදු වූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රවීණ ගුවන් විදුලි සන්නිවේදකයාගේ, ගී පදරචකයාගේ හා ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිනි දයා ද අල්විස් යුවළගේ දියණියයි. පාසල් වියේදීම පියාගෙන් වෙන්වන්නට සිදුවූ, මව සහ ඇගේ පවුලේ අය සමඟ තනිව ජීවත් වන්නට සිදු වූ එහෙත් පියාගේ හදිසි අභාවය සිදුවන තුරු පියාගේ ඇසුර ලබන්නට හැකී වූ සුරංගී ඉතාම බාල වියේදී ජීවිතයේදී ලද සුන්දර, කටුක, දුක්බර මතකයන් එක්කර ලියූ දුවකගේ කඳුළු හැම නෙතකටම කඳුළක් ගෙනෙනු ඇත.
සිය පියා වු ප්‍රේමකිර්ති සුරංගීට දුක හිතුණා කියා ලියන විට සුරංගි කුඩා දැරියකි. ඔහු එසේ ලියූවේ සුරංගිගේ කනේ තෝඩු දැමු දාය.
කිසිදු දිනෙක අමතක කළ නොහැකි තරම් මතකයන් ගොන්නක් සුරංගීට සිය පියා ගැන ඇත. ඉතා සුගම භාෂාවකින් ලියා ඇති දුවකගේ කඳුළු කෘතිය ගැන ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි ලියු සටහනකි මේ.
සුරංගිට දුක හිතුණා
අකුරු පේළියක්
පත් ඉරු මතට කඩා වැටුණා
අකුරු පේළි මත ඇහැ යවනා
අපටත් ඒ දුක දැනුණා
ජීවිතය නම් මේ යැයි සිතුණා..
දුවකගෙ කඳුළු කෘතියේ නව වන මුද්‍රණය දැන් පිටව තිබේ.
මහේසාක්කිය
•කෘතිය - මහේ සාක්කිය
•කර්තෘ - ශාන්ත බන්නක
•පිටු - 256
•මිල - රුපියල් 700/=
•විමසීම් - 071 4907809
ශාන්ත බන්තකගේ දෙවන නවකතාව මහේසාක්කිය යි. ඔහුගේ පළමු නවකතාව වන්නේ ‘හඳ තාමත් එදා වගෙයි‘ කතාවයි. මෙය 2013 වසරේ නිකුත් විය. ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහ ය වන්නේ රාමයියා කෘතියයි. ඒ 2009 වසරේදීය.
මහේසාක්කිය කෘතිය සඳහා ශාන්ත බන්තක කතුවරයා තේමා කරගන්නේ දුටුගැමුණු යුග පරම්පරාවයි. යුද්ධයේදී රුහුණු පුරයේ බල සේනාව වෙනුවෙන් මහා මෙහෙවරක් කළ දස මහා යෝධයන්ගෙන් කෙනෙකි දඨාසේන යෝධයා. දසමහා යෝධයන් ගෙන් කිහිප දෙනෙකුටම ගුරුවරයා වූ දඨාසේන යෝධයා මුල් කර ගෙන එම කාල වකවානුවේ සමාජ, ආර්ථික රාමුව ඔස්සේ ලේඛකයා මගේසාක්කිය කතාව ගොඩනගා තිබේ.
මං අතරමං
•කෘතිය - මං අතරමං
•කර්තෘ - සහසලා හුණුකුඹුර
•පිටු - 271 •මිල - රුපියල් 475/=
•සරසවි ප්රකාශනයකි
•විමසීම් - 077 3459608
සහසලා හුණුකුඹුර ලේඛිකාවගේ පළමු නවකතාව මං අතරමං පසුගියදා නිකුත් විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඇය විශ්වවිද්‍යාලය තුළ දී ලැබු අත්දැකීම් ද මේ කෘතියට ඇතුළත් කර ඇතැයි සිතෙන්නේ ඇය මං අතරමං කෘතියට ඇතුළක් කර ඇති කතාව, චරිත, සංසිද්ධිය ආදිය නිසාය.
විශ්ව විද්‍යාල පරිසරයත් සමඟ ගැටෙන, ඉගෙන ගැනීමට වෙහෙසෙන, අලුත් පරිසරයකදී හමු වන පුද්ගලයන් සමඟ ගැටෙන්නට, ජීවත් වන්නට, මෙන්ම ජීවිතය ගොඩනඟා ගන්නට වෙහෙසෙන, ආදරය හඳුනා ගන්නට උත්සාහ දරන තරුණිය ක හා බැදුණු කතාවකි මං අතරමං.
මේ කතාව එක පෙළට කියවාගෙන යා හැකි අන්දමින් චරිත සිද්ධි එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් ගොඩනැගි තිබිම පොතේ විශේෂත්වයකි. එනම් ලේඛිකාවගේ පළමු නවකතාව මෙය වුවත් ඇයට තවත් බොහෝ දුර යා හැකි බව මං අතරමං නවකතාව කියවීමේදී වැටහේ.
මල් කුමාරයා සහ සමන්මලී
•කෘතිය - මල් කුමාරයා සහ සමන්මලී
•කර්තෘ - සත්‍යපාල ගල්කැටිය
•පිටු - 74 •මිල - රුපියල් 250/=
•කර්තෘ ප්රකාශනයකි.
•විමසීම් - 076 2910890
සත්‍යපාල ගල්කැටියගේ හයවන කෙටි කතා සංග්‍රහය පසුගියදා නිකුත් විය . එය නම් මල් කුමාරයා සහ සමන්මලීය. ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහය වන්නේ අසම්මතක ගීතය යි.
විවිධ මාතෘකා ඔස්සේ දිගහැරෙන මෙම කතා වර්තමන සමාජය ගැන මෙන්ම මේ සමාජයේ ජීවත් වන මිනිසුන් පිළිබඳ දිගහැරෙන කතා ඇත. බත් දන්සල, ලේඛකයාගේ මරණය, කන්‍යා දුෂකයෝ, දොරට වැඩුම, ඇවිඳින මංතීරු, අවුරුදු දා හා මල් කුමාරයා සහ සමන්මලි යන හිසින් යුතුව කතා නම් කර තිබේ.
පවුල් තුළ ඇති පුද්ගල බැඳිම මෙන්ම සමිජ සම්බන්ධතාවයන් , ආදරය සෙනෙහස සොයුරු පෙම ආදිය ඔස්සේ මල් කුමාරයා සහ සමන්මලී කෙටි කතා සංග්‍රහයේ කතා දිගහැරි තිබේ.