මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස | සිළුමිණ

මීතොටමුල්ල නිවාස අහිමිවූවන්ට නව නිවාස

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 30ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (21) සිදු විය.

එම ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පවුල් 98 සඳහාම නිවාස ලබාදීමට රජය කටයුතු සූදානම් කර තිබෙන අතර, මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුද මෙහි සිටිති.

ඡායාරූපය - සුදත් සිල්වා

Comments