
චීනය මේ වන විට අභ්‍යවකාශය ජය ගැනීමේ වැඩපිළිවෙළේ පියවර කිහිපයක් ඉදිරියට තබමින් සිටී. ඒ අතරින් විශේෂිත පියවරක් ලෙස පසුගියදා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අභයවකාශයට යැවීමට චීන රජය කටයුතු කළේය. මේ අභ්‍යවකාශගාමීන් තිදෙනා අභයවකාශ ගත කිරීමේ මූලික අරමුණ වන්නේ 2022 වන විට සම්පූර්ණයෙන් නිපදවා නිම කිරීමට නියමිත චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතු සම්පාදනය කිරීමයි.
චීනය තම අභ්‍යවකාශ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ 1950 තරම් අතීතයේ සිටය. 1969 දී ඇමරිකාව මිනිසුන් හඳට යැවූ බව ප්‍රකාශ කළ අතර ඇමරිකාව සහ රුසියාව එක්ව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිම කරමින් දෙරටම සමානව අභ්‍යවකාශගාමීන් එහි සේවයේ යෙදවීමට කටයුතු කළහ. ්
ඇමරිකාව සහ රුසියාව මිනිසුන් අභ්‍යවකාශ ගත කළ ප්‍රථම රටවල් බවට පත් වූ අතර චීනය එම තරගයේ තුන්වැනි තැන දිනා ගත්තේ පසුගියදා චීන ජාතිකයන් තිදෙනෙකු අභ්‍යවකාශ ගත කිරීමත් සමඟිනි. විශේෂත්වය වන්නේ චීනය ඇමරිකාව සහ රුසියාව මෙන් හවුලේ එක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් භාවිත කිරීම වෙනුවට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබීමය.
චීනය අරමුණු කර ගෙන ඇති අන්දමට මේ අභ්‍යවකාශ මධයස්ථානය නිම කිරීමට බලාපොරොත්තු වන්නේ 2022 වසරේදීය.
චීනය තම අභ්‍යවකාශ වැඩපිළිවෙළ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන පැමිණියද එහි විශේෂ වර්ධනයක් දැක ගත හැකි වන්නේ වසර 2000න් පසුවය. ඒ යටතේ ලොන්ග් මාර්ච් අභ්‍යවකාශ යානා කිහිපයක්ම අභ්‍යවකාශ ගත කිරීමට චීනය කටයුතු කළ අතර සඳ මතටද සාර්ථකව යානයක් ගොඩ බැස්වීමටද චීනයට හැකියාව ලැබිණි. ප්‍රථම වරට සඳේ කක්ෂය අසලට ගොඩබැස්වූ චීන අභ්‍යවකාශ යානය තුළ සඳ කපු ඇට පැළ විමට ඉඩ ඇරීම තුළින් සඳ මත පළමු ශාකය වාර්තා කිරීමට චීනය උත්සාහ දැරුවද එම කපු ඇට පැළවීමේ මූලාරම්භ අවස්ථාවෙන් පසු අසාර්ථක විය.
කෙසේ වුවද චිනය මේ වන විට තම අභ්‍යවකාශ වැඩපිළිවෙළේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටී. ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ග්‍රහයා ඉලක්ක කර ගනිමින් තම අභ්‍යවකාශ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළද ඔවුන් තවමත් දෙවැනි අවසථාවකදී සඳ මතට මිනිසුන් ගෙන යෑමක් සම්බන්ධව කටයුතු කිරීමේ අරමුණක් නොමැති බව පෙනේ. එහෙත් ඒ වෙනුවට පෞද්ගලික ව්‍යපාරිකයන් කිහිප දෙනෙක්ම අභ්‍යවකාශ වැඩපිළිවෙළට එක්වෙමින් සිටින්නේ ව්‍යපාරික අරමුණු මූලික කර ගනිමිනි. ජෙෆ් බේසස්, රිචඩ් බ්‍රැන්සන් වැනි බිලියනපති ව්‍යාපාරිකයන් අභ්‍යවාකශ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර සිටින්නේ සංචාරක ව්‍යපාරයක් ලෙස අභ්‍යවකාශයට මිනිසුන් යැවීම ඉලක්ක කර ගනිමිනි.
එහෙත් චීනය තමන්ටම ආවේණික අරමුණු මත ක්‍රියාත්මක වෙමින් අදාළ ඉලක්ක කරා යමින් සිටිනු දැකගත හැකිය. දැනට ප්‍රකාශ කර ඇති අන්දමට චීනයේ අභ්‍යවකාශ ඉලක්ක කිහිපයකි. තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශගාමීන් රැඳවීම ඒ අතර ආසන්නතම අරමුණ වන අතර ඉන්පසු සඳ මතට මිනිසුන් ගොඩබැස්වීමට කටයුතු කිරීම තවත් අරමුණක් වේ. සඳ මත මිනිසුන් සඳහා කඳවුරක් ඉදි කිරිමේ අරමුණක්ද චීනය සතු වන අතර පසුකාලීනව රොබෝ තාක්ෂණය සහිතව අඟහරු වෙත යානයක් යැවීමද චීන අභ්‍යවකාශ වැඩපිළිවෙළේ ඉදිරි අරමුණකි.
මේ අතර රුසියාව පවසා ඇත්තේ තමන්ටද චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කිරීමේ අරමුණක් පවතින බවයි. මේ වන විට චීනය සහ රුසියාව අතර යහපත මිත්‍ර සබඳතාවක් පවතින අතර බොහෝ විටකිරීම අභ්‍යවකාශ ව්‍යපෘතියේදී රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය එකඟ විය හැකි බවද පෙනේ.
කෙසේ වුවද පසුගියදා අභ්‍යවකාශ ගත වූ චීන අභ්‍යවකාශගාමීන් තම ඉලක්ක වෙත ළඟා වෙමින් සිටින අතර 2012 න් පසු චීනය අභ්‍යවකාශගාමීන් අභ්‍යවකාශය වෙත යැවූ ප්‍රථම අවස්ථාවද මෙය ලෙස ඉතිහාසගතවීමටද නියමිතය.
එමෙන්ම මේ අභ්‍යවකාශගාමීන් තිදෙනා ලබන සැප්තැම්බර් මාසය තෙක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට නියමිත අතර ඒ අනුව මෙවර වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි චීන ජාතිකයන් බවටද ඔවුන් පත්වීමට නියමිතය.