
1.උත්සව සමයේදී රජය කොවිඩ් පාලනය කිරීම සඳහා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සාර්ථක ද?
2.ජනතාව තම සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබුවාද?
3.සංචරණ සීමා නොපැනවීම නිසා ජනතාව නිදහසේ ගමන් කිරීමෙන් කොවිඩ් ව්‍යාප්තිය සිදුවෙතැයි ඇතැමුන් චෝදනා නඟනවා නේද?
4.වසර දෙකකට පසුව අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරන්නට ලැබීම ජනතාවට දැනුණේ කුමන ආකාරයකට ද?
5.පාරිභෝගික සේවා අධිකාරිය උත්සව සමයේ නිසි ලෙස ක්‍රියාත්මක වුණාද?
1.මේ වන විට ලෝකයේම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. නමුත් අපේ රටේ රෝගීන්ගේ අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. කොරෝනා මර්දනයේදී අපට ජනතාවගේ සහයෝගය අපිට ලැබුණා වගේම ඉදිරියේදිත් අඛණ්ඩව ඒ සහයෝගය අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. මුව ආවරණ පලඳින්න,මීටරේ දුර ආරක්ෂා කර ගන්න සහ නිතරම දෑත් පිරිසුදුව තබා ගන්න යන දැනුම්වත් කිරීම් කරමින් මෙය පාලනය කිරීමට ජනතා සහාය ඉල්ලා සිටිනවා. හැමවිටම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සෞඛ්‍යය මැදිහත්වීම තුළ, රෝගීන් කලින්ම හඳුනාගෙන ඔවුන්ව රෝහල් ගත කිරීමටත් ඔවුන්ගේ ප්‍රාථමික ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටත් අමතරව විදේශයන්හි සිට පැමිණෙන අයට ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. අනවශ්‍ය ලෙස රට lockdown කිරීමට අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ උත්සව සමයේදී සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් ගත කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාවගේ සහයෝගය අපි දිගටම බලාපොරොත්තු වෙනවා. එසේ නොලැබුණොත් යම් අවදානමක් තියෙනවා. විශේෂයන්ම වැඩියෙන්ම රෝගීන් වාර්තා වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ මේ වන විට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනවා.
2.ඇත්තවශයෙන්ම සියයට සියයක් මේ රටේ ජනතාව නීතිය ආරක්ෂා කරනවා නම් අපිට පොලිසි අවශ්‍ය නෑ. ජනතාව සියයට සියයක් ම නීති පිළිපදින්නේ නැහැ. නමුත් මේ නීති රීති අනුගමනය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලීම් කරනවා. බහුතරයක් මේ නීති පිළිපදිනවා. එලෙසම පිළිපදින්නේ නැති සුළු පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ අයට විරුද්ධ තරාතිරම නොබලා කටයුතු කරන ලෙස විශේෂයෙන්ම ජනාධිපතිතුමා පොලිසියටත් අපි සෞඛ්‍ය බලධාරීන්ටත් උපදෙස් දී තියෙනවා. නමුත් මේ අවුරුදු සමයේ ජනතාවට පොඩි සහනයක් ලබා දී තියෙනවා අවුරුද්ද සමරන්න. අපි මේ වෙලාවෙදී අනවශ්‍ය ලෙස ජනතාව පීඩාවට පත් කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ. නීති රීති පැනවීම් අනවශ්‍ය ලෙස කළ යුතු වෙන්නේ නැහැ. නමුත් අපි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. මෙය ගෝලීය වසංගතයක්. මේ වන විට අපි එන්නත්කරණය ආරම්භ කරලා 9,25, 000කට ලබා දී තියෙනවා. මෙහිදී අප වැඩියෙන්ම අවධානය යොමු කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටයි. එයිනුත් වැඩියෙන් රෝගීන් වාර්තා වූ ප්‍රදේශවලට විශේෂ අවධානයක් ලබා දුන්නා. ප්‍රජාවගෙන් අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීම් අඛණ්ඩව සිදු වෙමින් පවතිනවා.
3.සංචරණ නීති දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. මේ රෝගය තියෙන්නේ අහඹු ලෙස කුඩා විසිරුණු තැන්වල පමණයි. සංචරණ නීති රීති දැම්මා නම් අනවශ්‍ය ලෙස ජනතාව තළා පෙළා ජනතාවට අවුරුද්ද සමරන්නේ දුන්නේ නැතැයි චෝදනා කරනවා. ඇතැම් අවස්ථාවලදී අපි ජනතාවට සංචරණ නීති දැම්මේ නැහැ කියලා චෝදනා කරනවා. ඇත්ත වශයෙන්ම එලෙස නීති පැනවීමට තාක්ෂණිකව කිසිදු අවශ්‍යතාවක් නෑ. විශේෂයෙන්ම වාතාශ්‍රය ඉතා අඩු, සෙනඟ ගැවසෙන, මීටරයේ පරතරය තබා ගත නොහැකි ස්ථානවලට යෑමෙන් වළකින්න, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් සීමා කරන්න, නිතරම සෞඛ්යාරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙසයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
4. සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්න කියන පණිවිඩය අපි ජනතාවට ලබා දෙනවා. අපි තවම කොවිඩ් අවදානමෙන් තුරන් වී නැහැ. අපේ අසල්වාසී රටෙත් විශාල ලෙස රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එම නිසා ආරක්ෂිතව තමන්ගේ පවුලේ අය සමඟ මේ අවුරුද්ද සමරන්න කියලා අපි රජයක් විදිහට ඉල්ලනවා.
5.නිලධාරීන්ට ලංකාව පුරා තිබෙන සියලුම අලෙවිසැල් පරීක්ෂා කිරීම කළ නොහැකියි. නමුත් ඔවුන් අහඹු ලෙස පරික්ෂා කිරීම් සිදු කරලා මිල පාලනය කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම රජය, ලක් සතොස සහ සමුපකාර ආයතන හරහා සහන මිලකට ජනතාවට භාණ්ඩ ලබා දීමට කටයුතු කරනවා.
ගෝලීය වසංගතයත් සමඟ ගෝලීය ආර්ථිකය බිඳ වැටීමත් එක්ක යම් යම් භාණ්ඩවල මිල වැඩි වී තිබෙන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි. නමුත් මේක අපේ රටට පමණක් පොදු න්‍යායක් නොවෙයි. මහත් ලෝකයේම ජනතාව අද මේ තත්ත්වයට මුහුණ පාමින් සිටිනවා. බඩු මිල හා භාණ්ඩවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීම පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන ගණනාවකට පැවරී තිබෙනවා. මේවා ශක්තිමත් කරමින් ඒ ආයතන නියාමනයකට ලක් කර මීට වඩා එම ආයතන අතර සම්බන්ධීකරණය වීම වැදගත් යැයි මා පෞද්ගලිකව විශ්වාස කරනවා.
1.මට සිතෙන ආකාරයට නම් ප්‍රමාණවත් නැහැ. යම් මොහොතකදී සෞඛ්‍යය හා ආර්ථිකය අතුරින් වඩා වැදගත් කුමක්දැයි තෝරා ගැනීමට සිදු වෙනවා. එහිදී ඔවුන් ආර්ථිකය වඩා වැදගත් යැයි තීරණය කරනවා. එසේ නම් රට විවෘත කළ යුතුයි. සංචාරක ක්ෂේත්රය සිට අනිත් සියලුම ක්ෂේත්රයන් විවෘත කළ යුතුයි. දැනට විවෘත කිරීම ප්‍රමාද වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්රය පමණයි. අනෙකුත් ආර්ථිකව වැදගත් යැයි හැඟෙන සියලු ක්ෂේත්‍ර විවෘත කරලා තියෙන්නේ. අපේ වගේ රටක් කොහොමත් වහගෙන ඉන්නත් බැහැ. අපේ ආර්ථිකය දුර්වලයි. දුර්වල ඇයි කියන දේ අපි වෙනම කතා කළ යුතු දෙයක්. නමුත් ආර්ථිකය දුර්වල වෙන තත්ත්වයකදී අපට මෙවැනි වසංගතයකට මුහුණ දීම අමාරු කාර්යයක්. කොවිඩ් සාර්ථකව පාලනය කළ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් දෙස බැලුවොත් ඔවුන් ඉතා තදින් කොවිඩ් පාලනය කිරීම් කරනවා. boarder control පවා පවත්වාගෙන යනවා. එක් අයකු හෝ වැලඳී ඇති බව තහවුරු වුවහොත් ප්‍රාන්ත අතරේ සංචරණය වළක්වමින් ඔවුන් එය ඉතා තදින් පාලනය කරනවා. ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් තිබෙන නිසා එය කිරීමට පුළුවන්. නමුත් අපට ඒක දරා ගන්න අමාරුයි. එම නිසා එවැනි බාධක නොදමන්න රජය තීරණය කර තියෙනවා. එහෙත් එසේ තීරණය කළා නම් වසංගතය මැඬ පැවැත්වීමටත් ඔවුන් නිසි වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. එය අණ දීම්වලට සීමා නොවුණු ප්‍රායෝගික වැඩපිළිවෙළක් විය යුතුයි. එසේ නිසි වැඩපිළිවෙළක් නැති වීම තමයි මෙහි තිබෙන ප්‍රධාන ගැටලුව. ඒ වැඩපිළිවෙළ සිදු විය යුතු වන්නේ කෙසේද කියන වගකීම රජය බාර ගන්නේ නැහැ. එහි වගකීම බාර දී තිබෙන්නේ ජනතාවටයි. ලෙඩ නොවී ප්‍රවේශම් වන්නේ කෙසේද? එසේ ප්‍රවේශම් විය හැකි තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වී තිබේද යන්න පිළිබඳ රජයට නිශ්චිත වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. මෙහි අවධානම වගකීම රජය අරගෙන නැහැ. එවිට සෞඛ්‍ය ආරක්ෂාව තීරණය වන්නේ බැරි පුළුවන්කම මතයි. පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන පහසුකම් සලසාගත හැකි අය, නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ online order මඟින් නිවෙසටම ගෙන්වා ගත හැකි අය, වැඩි වශයෙන් සෙනඟ නොගැවසෙන ස්ථානවලින් බඩු මිලදී ගැනීමට හැකි අයට වැඩි වාසියක් තිබෙනවා.
ඔවුන්ට ආරක්ෂා වීමට හැකියි. නමුත් බහුතරයකට එසේ ජීවත් වීමට හැකියාවක් නැහැ. බහුතර ජනතාව භාවිත කරන්නේ පොදු ප්රවාහනයයි. බඩු භාණ්ඩ මිලදී ගන්නේ පොළෙන්. අවුරුද්දට අවශ්‍ය බඩු මිලදී ගන්නේ මහරගම, නුගේගොඩ වැනි ප්‍රදේශවල වීදීවල තිබෙන විවෘත කඩ සාප්පවලින්. ඒවා තුළ ඔය කියන නීති ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේශම් වෙන්න පුළුවන් තත්ත්වයක් ඒ තුළ නැහැ. එම නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජය ගන්නා තීරණවල අවදානම ගැනීමට සිදු වී තිබෙන්නේ එම ජන කොටසටයි.
2.එහි සියලු වගකීම ජනතාවට පෞද්ගලිකව දරා ගන්න සිදු වී තිබෙනවා. පරෙස්සම් වෙන්න කියලා අණ දීම වෙනුවට ඒව ක්‍රියාත්මක කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමයි කළ යුතු වන්නේ. ප්‍රවාහනයේදී, කඩ සාප්පුවලදී ක්‍රියාත්මක විය යුතු කුමක් හෝ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ගැටලුව වන්නේ එහෙම දෙයක් ක්‍රියාත්මක නොවීමයි. එම නිසා කොවිඩ් අවදානමක් පවතිනවා. එම නිසා ජනතාවට බාධාවන් මධ්‍යයේ තමයි මෙවර අවුරුද්ද සමරන්න සිදුවුණේ. රජය ගන්න තීරණවල අවදානම ජනතාව විසින් ගත යුතුයි.
3.අනිවාර්යෙන්ම. අවුරුදු කාලයේ බොහෝ අය තම තමන්ගේ ගම්බිම් බලා යනවා. මේ වන විට කොළඹ නගරය හිස් වී තිබෙන්නේ. එම නිසා එහි පැහැදිලිවම අවදානමක් තිබෙනවා; PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ පවත්වන බව මුලදී ප්‍රකාශ කර තිබුණා. එවැන්නක් සිදු වන බව මට නම් පෙනෙන්නට නැහැ. අමාරුවෙන් වුණත් මේ අවුරුද්දේ සංචරණ කිරීම සීමා කළා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.
4. ගිය අවුරුද්දේත් හරියට අවුරුද්ද සමරන්න බැරි වුණා නිසා මේ අවුරුද්ද බොහෝ අයට විශේෂිතයි. ලංකාවේ අවුරුදු සමය කියන්නේ තමන්ගේ ගමට ගිහින් පවුලේ සාමාජිකයන්, නෑදෑයන් සමඟ එකතු වෙන කාලයක්. එය කිසිම ආගම් භේදයක් නොමැතිව සිදු වන දෙයක්. නමුත් බඩු මිල වැඩි වීමත් සමඟ මේ අවුරුද්ද සැමරීම ජනතාවට ලේසි වන්නේ නැහැ. පසුගිය අවුරුද්ද පුරාම තිබුණු ආර්ථික අභියෝග සමඟ බොහෝ පිරිසකට රැකියා අහිමි වුණා,ආදායම අඩු වුණා. එලෙසම සමහර අයට ආදායම් අහිමි වීම සිදු වුණා. මේ සියල්ලත් එක්ක මූලික දේවල්වල පවා මිල සිතා ගැනීමට පවා බැරි ආකාරයට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පවුලකට තමන් කැමති ආකාරයට අවුරුදු සැමරීම ලේසි වන්නේ නැහැ. ඒ සඳහා විශාල වියදමක් දැරීමට ජනතාවට සිදු වෙලා තියෙනවා. එලෙසම තමා අපිට කොවිඩ් ගැටලුවෙන් මිදීමට හැකි වෙලත් නැහැ. අපි දන්නවා එන්නත ලැබිලා තියෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණයි. ඒත් පළමු වටේ විතරයි. දෙවෙනි වටේ එන්නත ලැබෙයිද? ලැබෙන්නේ කවදද කියන දේ ගැන අවිනිශ්චිත භාවයක් තිබෙන්නේ. සියල්ලන්ටම එන්නත ලබා ගැනීමට හැකි වන්නේද යන්න පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. අපිට පෙනෙන ආකාරයට කොවිඩ් පාලනය සඳහා වැඩපිළිවෙළක් නැහැ. මෙවැනි වෙලාවක එය අනිවාර්යෙන් විය යුතුයි.
5.මෙතැනදී ඇති විශාලම ගැටලුව වන්නේ පාරිභෝගික අධිකාරිය සිටගෙන ඉන්නේ ජනතාව පැත්තේ ද? එහෙමත් නැතිනම් ව්‍යාපාරික පැත්තේ ද යන්නයි. පාරිභෝගික අධිකාරිය පිළිබඳව තෘප්තිමත් විය නොහැකියි. මේ ප්රශ්නය රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙනුත් තිබෙනවා. සීනි ප්‍රශ්නයේදිත් රජය පවසන ආකාරයට ඔවුන් සීනිවල බදු අඩු කළේ ජනතාවට සහනයක් ලබා දීම උදෙසායි. නමුත් ජනතාවට එයින් සහනයක් ලැබුණේ නැහැ. එයින් ප්‍රයෝජන ලබා ගත්තේ ව්‍යාපාරිකයන්. ව්‍යාපාරික ප්‍රජාවෙනුත් තෝරා ගත් යම් පිරිසකට තමයි මෙහි ලාභය හිමි වුණේ. සාමාන්‍ය ජනතාවට ඉන් කිසිම දෙයක් හිමි වුණේ නැහැ. එම නිසා රජය ගන්නා ප්‍රතිපත්ති ගැන අපිට අහන්න තිබෙන්නේ මේ තීරණ ගන්නේ කාගේ පැත්තෙ ඉඳන් ද කියලයි. රජය තීරණ ගන්නේ ඔවුන්ට හිතවත් ව්‍යාපාරික පිරිසකගේ අභිවෘද්ධිය සඳහා වන බව නම් පැහැදිලියි. ඔවුන් ආරක්ෂා කරගෙන ඔවුන්ට වාසිදායක වන අයුරින් තමයි මේ සියලු තීරණ රජය විසින් අර ගන්නේ. එම නිසා පාරිභෝගික අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේ සියල්ලම ගත්තත් ඔය කාරණම තමයි කියන්න තියෙන්නේ.
1. ඇත්ත. රජයත් ජනතාවත් කොවිඩ් අතහැරලා තියෙන්නේ. කොවිඩ් නැතිවෙලා නැහැ. කොවිඩ්වලට ඕන විදිහට කොවිඩ් හැසිරෙනවා. අපි දැක්කා ජනතාව උත්සව සමයේ බඩුගන්න පෝලිම්වල හිටියා. මහජන සෞඛ්‍ය නිලධාරින්,පොලිසියේ නිලධාරින් ඒවා දැක්කේ නැද්ද? සෞඛ්‍ය අංශ දැක්කේ නැද්ද? කොළඹ විශාල වශයෙන් ජනතාව හිටපු පෝලිම්වල මීටරයේ පරතරයක් අපි දැක්කේ නැහැ. අපි දකින්නේ මේ අවුරුදු කාලය තුළ රජයත් ජනතාවත් කෝවිඩ් අතහැරලා තිබුණා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒවායේ ප්‍රතිඵල ඉදිරියේදී දැකිය හැකියි.
2. ජනතාවටත් වගකීමක් තිබෙනවා. සෞඛ්‍ය අංශවලට පමණක් එය කරන්නට බැහැ. පනහට පනහ පමණක් නොවෙයි; එය සියයට 75ක වගකීමක්. ජනතාවට විශාල වගකීමක් තියනවා කියලා මා සඳහන් කළේ ඒ නිසයි. එහිදී රජය පැත්තෙන් සහ සෞඛ්‍ය අංශවලට කරන්න පුළුවන් අල්ප ප්‍රමාණයක්. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි.
3. උත්සව සමයේ සංචරණ සීමාවන් නැතිවීමෙන් කොවිඩ් ව්‍යාපෘතිය සිදුවිය හැකියි. තොග බඩු කඩයට ගිය, ඇඳුම් ගන්න ගිය ජනතාව කොවිඩ් ගැන හිතුවේ නැහැ. ඒ වගේම චාරිත්රවාරිත්ර ඉටුකරන්න කියලා දුරබැහැර ගියා. ඒ තුළින් කොවිඩ් ව්‍යාපෘතියක් නැති ප්‍රදේශවලටත් එය ව්‍යාප්ත විය හැකියි. ජනතාවට වගකීමක් තියනවා සීමාවන් පැනවුවත් නැති වුණත් පරෙස්සම් වෙන්න.
4.ඇත්තටම මේ වසර ජනතාවට බොහෝම අමාරුයි ජීවත්වෙන්න. ආර්ථික තත්ත්වය ඉතාම පහත මට්ටමක තියෙන්නේ. මේ අවුරුද්ද ජනතාවට ආදායමක් නැහැ. චාරිත්‍ර කළ යුතු නිසා ජනතාව තමන්ගේ රත්තරන් බඩු උගස්කරලා හරි අවුරුද්ද සැමරුවා. මෙවර ජනතාව වැඩියෙන්ම රොක්වෙලා හිටියේ ජනතාව බැංකුවල උගස් අංශයේ. මුං, උඳු කිලෝවක් කීයද? මුං කිලෝවක් රුපියල් දාහයි. අවුරුදු කන්න පුළුවන්කමක් තිබුණේ නැතත් ණය වෙලා හරි මිනිසුන් අවුරුදු කෑවා. මේ රටේ ආර්ථිකය බොහොම කඩා වැටිලා තියෙන්නේ. සමෘද්ධි ලාභීන්ට රුපියල් පන්දහසක් මුදලින් ගෙව්වා. එතැනදිත් තෝරා බේරාගත් පිරිසකට දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය දේශපාලනඥයන් ගිහින් මේ රුපියල් පන්දහස බෙදලා දීලා තියෙන්නේ. මම හිතනවා රාජ්‍ය දේපළ අවභාවිතයක් මෙහිදී සිදුවී තියෙනවා. මේ රුපියල් පන්දහසින් සතොසට කොතරම් ආවාද කියලා බැලිය යුතුයි. ඇත්තටම සතොසට ද? බාර් එකට ද? මේක ගියේ කියලා බැලිය යුතුයි. මීට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කරලා ජනතාවට අවුරුදු කන්න ක්‍රමයක් සකස් කොට දිය යුතුව තිබුණා. ජනතාව තේරුම් ගන්න ඕන අවුරුද්දට බත් වේලක් කන්න කියලා දුන්නාම එය නිසි විදිහට පරිහරණය කිරීමට . ඒ වගකීම ජනතාවට ඉටු කළාද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා රජය මෙවැනි දේ කරන කොට මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මීට වඩා සැලසුම් කළ යුතුයි. දේශපාලඥයෝ හරහා මේ මුදල් දෙමින් පන්දාහෙනුත් දේශපාලනය කිරීමක් තමයි ඒ අය කළේ.
5.පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ අයගේ වගකීම් පැහැර හැර තියනවා කියලා පැහැදිලියි. පත් කර තිබෙන නිලධාරින් නිවැරදි තොරතුරක් දෙන්නේ නැහැ. වැටලීම් කිරීමක් අපි දකින්නේ නැහැ. ඒ වගේම මිල පාලනයක් දැක්කෙත් නැහැ. අපි දැක්කා ප්‍රමිති කාර්යාංශයේ තත්ත්වය. ඒ සියලු ආයතන පාලනයකින් තොරව ක්‍රියාත්මක වුණා. රට කැකිල්ලේ පාලනයක් බවට පත් වී තිබෙනවා.