තුන එක වුණත් අපේ වැඩේ අපි කර­නවා | සිළුමිණ

තුන එක වුණත් අපේ වැඩේ අපි කර­නවා

ජනතා විමුක්ති පෙර­මුණ 20 වැනි සංශෝ­ධ­නය එපා කියන්නේ ඇයි?

ජේ.ආර්. ජය­ව­ර්ධන 78 ව්‍යව­ස්ථාව ගෙන ආවේ කොල්ල­කාරී ආර්ථි­කය බල­හ­ත්කා­ර­යෙන් ජන­තා­වට පට­වන්න. පසු­ගිය කාලයේ එය අසා­ර්ථක වුණා. ලංකාවේ පම­ණක් නොවෙයි එය මුළු ලෝකය පුරා­ව­ටම අසා­ර්ථක වුණා. ඒ තත්ත්වය ලංකාව තුළත් අපි දැක්කා. නැවත එවැ­න්නක් තමයි සිද්ධ වෙන්න යන්නේ.

මේ ර‍ෙට් ණය ආර්ථි­ක­යට කඩා වැටී ඇති ආර්ථි­ක­යට උත්ත­ර­යක් නැහැ. මෙන්න මේ නිසා බල­හ­ත්කා­රය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. බල­හ­ත්කා­රය පාවිච්චි කරන්න නීති­යක් ඕන වෙනවා. අන්න ඒ අර්ථ­යෙන් තමයි නැවත ඒකා­ධි­පති ව්‍යව­ස්ථා­වක් ඕන වෙලා තියෙන්නේ.

20 වැනි සංශෝධනය අපේ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මළ­ග­ම­කට යාමක් හැටි­යට පෙන්වා දිය හැකියි.

මෙය ඇත්ත­ටම ඒකා­ධි­පති පාල­න­යක් සඳහා යාමක්. එක් පුද්ග­ල­යෙ­කුට බලය පැව­රී­මට මේ ‍රටේ ජන­තාව කැමැති නැහැ. මොකද ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට තමයි ජන­තාව කැමැති. එය ලෝකයේ ඕනෑම රට­කට පොදු කාර­ණ­යක්. මෙන්න මේ කාර­ණා­ව­ලට ජන­තාව කැමැති නෑ කියන එක අපි දන්නවා. මේ අර්ථය නිසා තමයි අපි විසි­වෙනි සංශෝ­ධ­න­යට අක­මැති වගේම විරු­ද්ධ­වන්නේ. මේ මගින් කිසි­සේත්ම රටට යහ­ප­තක් නොවන බව අපි ජන­තා­වට වග­කී­මෙන් යුතුව කියන්න කැමැ­තියි.

ඔබ කෙසේ කීවත් රජය ප්‍රකාශ කර සිටින්නේ ජන­තාව තමන්ට තුනෙන් දෙකක බල­යක් ලබාදී තිබෙන්නේ ව්‍යවස්ථා සංශෝ­ධ­නය සඳහා බවයි. පාර්ලි­මේන්තු තුළ මෙම පනත ජය­ගන්න බැරි­වෙයි කියල ඔබ විශ්වාස කර­න­වාද?

ජන­තා­වට තුනෙන් දෙකක බල­යක් දුන්නේ ජන­තා­වගේ බඩ ගින්න, විරැ­කි­යාව වගේ ම අන්ත අස­ර­ණ­කම ආර්ථික අප­හ­සු­කම් නිසායි.

ඒ වගේම අධ්‍යා­පන සෞඛ්‍ය වගේම ආර­ක්ෂාව සප­යන්න. තනි පුද්ග­ල­යෙ­කුට ලබා­දුන් බල­යක් නොවෙයි. එක කඳ­වු­රක එක හවු­ලක බලය තහ­වුරු කරන්න නොවෙයි. රටේ අභි­ලා­ෂය එකක් පවුලේ අභි­ලා­ෂය තව එකක්. දැන් මේ තිබෙන්නේ ජනතා අභි­ලා­ෂ­යට පයින් ගහලා පවුලේ අභි­ලා­ෂය ඉටු කර ගන්න දරන උත්සා­හ­යක්.

පාර්ලි­මේ­න්තුවේ ඔළු ගෙඩි­ව­ලින් මේක සම්මත කර­ගන්න පුළු­වන් වෙයි. හැබැයි තව අවු­රු­ද්දක් දෙකක් යන කොට මේකට ඡන්දය දීපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට තේරෙ­නවා තමන් ගන්නේ ලොකු වැරැ­ද්දක් කියලා. රටේ ජන­තා­ව­ටත් තේරෙ­නවා මේක බර­ප­තළ අප­රා­ධ­යක් කියලා.

ඔබ පවුලේ අභි­ලා­ෂය කියන එකෙන් අද­හස් කරන්නේ කුමන පවු­ලක් ගැනද?

වෙන පවු­ලක් ගැන නොවෙයි. රාජ­පක්ෂ පවුල ගැන‍. සංශෝ­ධ­න­යෙන් පසු බැසිල් රාජ­ප­ක්ෂට හොඳ ඇමැ­ති­ක­මක් ලබා­දේවි. මොවුන් මේ උත්ස­හය ජන­තාව ඉතා ඉක්ම­නින් හඳුනා ගන්නවා.

ඔබ රජ­යට චෝදනා කර­නවා මේ ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගෙන එන්නේ බැසිල් රාජ­පක්ෂ මහතා නැවත පාර්ලි­මේ­න්තුවේ ගෙන එන්න කියලා කොහො­මද එහෙම කියන්නේ.

ඔව් පැහැ­දි­ලි­වම අපි කිය­නවා. ද්විත්ව පුර­වැසි භාවය කියන එක උසස් නිල­ධා­රීන්ට පවා ලබා නොදිය යුතුයි කියලා.

අද තානා­පති සේව­යට ඇමෙ­රි­කන් පුර­වැ­සි­භා­වය තිබෙන අය පවා යනවා. ඇමෙ­රි­කානු පුර­වැ­සි­භා­වය කියන්නේ ඇමෙ­රි­කාවේ පුර­වැ­සි­භා­වය වෙනු­වෙන් ඇමෙ­රි­කාවේ සිටින පුද්ග­ල­යන් ඕනෑම දෙයක් කර­නවා. එලෙ­සම ඔවුන් ඇමෙ­රි­කාව වෙනු­වෙන් ඕනෑම දෙයක් සිදු කර­නවා‍. මොකද ඒ වෙනු­වෙන් දිවු­රුම් දීලා ඉන්නේ.

කෝප් කමි­ටු­වට සභා­පති තෝරා ගැනී­මේදී මෙතෙක් ඉති­හාස වෙනස් කර­මින් ආණ්ඩු පක්ෂ­යට ලබාදී තිබෙ­නවා. එය ඔබ­ලාගේ පක්ෂය දැඩි විවේ­ච­න­යක් එල්ල කර­නවා. අපි මාධ්‍ය තුළින් දුටුවා. ඇයි එලෙස විරුද්ධ වන්නේ?

මේ ආණ්ඩුව සම්පූ­ර්ණ­යෙන් ම යන්නේ ඒක­ම­තික තීරණ ගනි­මින්. රටේ ජන­තා­වට කෝප් කමිටු තීරණ දැන­ගත යුතුයි. රජය අද ජන­තා­වට එය ද නැති කරලා.

ඇත්ත­ටම ඉති­හා­සය පුරා­ව­ටම මේකේ සභා­ප­ති­කම දුන්නේ විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යෙ­කුට. අද එය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­ර­යෙ­කුට දීලා.

කුමන ආණ්ඩු­වක් තිබු­ණත් ඒ ආණ්ඩුව සිදු කරන මූල්‍ය වංචා මුර බල්ලෙකු ව‍ගේ ක්‍රියා කර­මින් පරික්ෂා කරන්න කෝප් කමි­ටු­වට හැකි­යා­වක් තිබුණා. අද එය ආණ්ඩු පක්ෂ­ය­ටම ලබා­දීලා. මේ තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ගේ වැරදි වහ­ගන්න කෝප් කමි­ටු­වට තමන්ගේ ම කෙනෙක් සභා­පති කර තිබෙ­නවා.

අනෙක් කාර­ණය තමයි මෙතෙක් කල් කෝප් කමි­ටුව මාධ්‍ය­යට විවෘ­තව තිබුණා‍. මින් ඉදි­රි­යට එය මාධ්‍ය­යට ලබා නොදෙන්න ආණ්ඩුව තීර­ණය කරලා තිබෙ­නවා.

මින් ඉතා පැහැ­දිලි කාර­ණ­යක් ලෙස‍ ­පෙ­න්වා­දිය හැක්කේ රජ­යට අව­ශ්‍ය­වෙලා තිබෙන්නේ වුව­මනා වෙලා තිබෙන්නේ මූල්‍ය වංචා මෙන් ම අක­ට­යු­තු­කම් සිදු කිරී­මයි කියන එක. ජන­තාව මේ පිළි­බ­ඳව දැන ගැනීම නතර කරන්න තමයි මාධ්‍ය­යට බාධා එල්ල කර තිබෙන්නේ.

පාර්ලි­මේ­න්තුව තුළ මන්ත්‍රී ආසන තුනක් තිබෙන ජනතා විමුක්ති පෙර­මු­ණට කිසිම දෙයක් පාර්ලි­මේ­න්තුව තුළ කළ නොහැකි බව මාධ්‍ය­යෙන් අස­න්නට ලැබෙ­නවා. මේ පිළි­බ­ඳව ඔබගේ අද­හස?

ජන­තාව ජනතා විමුක්ති පෙර­මුණ කෙරෙහි තැබූ විශ්වා­සය කිසිම අඩු­වක් වෙලා නැහැ. ඔවුන් ජනතා විමුක්ති පෙර­මුණ අයු­ක්ති­යට අසා­ධා­ර­ණ­යට විරු­ද්ධව දිගින් දිග­ටම හඬ නඟන බව පෙනී සිටින බව දන්නවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර ගණන තුනක් වුණත් එකක් වුණත් අපි අපගේ වග­කීම ජන­තාව වෙනු­වෙන් ඉටු කර­නවා කියන එක ජන­තාව හොඳින් දන්නවා.

පළාත් සභා මැති­ව­ර­ණය අවශ්‍ය බව එක් පිරි­ස­කගේ මත­යයි. තවත් පිරි­සක් පළාත් සභා අවශ්‍ය නොවන බව කිය­නවා. ජනතා විමුක්ති පෙර­මුණ මින් කුමන කණ්ඩා­ය­මේද?

පළාත් සභා ක්‍රමය ගෙන එන්නේ මේ රටේ ජාතික ප්‍රශ්න­යට විස­ඳු­මක් ලබා­දෙන බව කිය­මින් එහෙම විස­ඳු­මක් ඉන් ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙර­මුණ හැටි­යට අපි මේක ගෙන එන දවසේ ඉඳලා විරු­ද්ධයි. අදත් ඒ මතය එසේ­මයි.

දැන් තිබෙන තත්ත්වය ස්ථිර නෑ. ඇමැ­ති­වරු ඔවුන්ගේ මතය ප්‍රකාශ කර­නවා විත­රයි. ආණ්ඩුව කියන්න ඕන පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්ව­න­වාද නැද්ද කියන කාර­ණය.

අලුත් මුහුණු අසූ එකක් මෙවර පා‍ර්ලිමේ­න්තු­වට පැමි­ණිලා තිබෙ­නවා. මේ පිළි­බ­ඳව ඔබ­ලාගේ අද­හස?

ලොකු වෙන­සක් නෑ. අලුත් මුහුණු කියලා මේ අසූ එක්දෙනා අතර වැඩි දෙනකු මූල්‍ය වංචා­ක­රු­වන්, නොයෙක් දූෂණ චෝදනා එල්ල වුණ අප­රා­ධ­කා­ර­යන් තමයි පාර්ලි­මේ­න්තු­වට තේරී­පත්ව සිටින්නේ.

කප්පම් කරු­වන්, දූෂි­ත­යන්, බාර් ලයි­සන් තිබෙන පුද්ග­ල­යන් මේ ඔක්කොම අලු­තෙන් ඇවිත් ඉන්නවා. ඒ අත­ර­තුර එක් අයෙකු දෙදෙ­නකු ඔය කියන හොඳ අය අත­රට ඉන්නවා.

Comments