
මේවන විට මේ රටේ ප්‍රධාන සමාජ කතිකාව බවට පත්ව ඇත්තේ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එයට කැබිනට් අනුමැතිය හිමි විය. 2015 ආණ්ඩුව මඟින් 19 වැනි සංශෝධනය හඳුන්වා දීමේදී එම සංශෝධනය සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගත්තේ 20 වැනි සංශෝධනයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා යන සංකල්පය මතය.
මැතිවරණ ක්‍රමය රටේ ආණ්ඩු කරන ක්‍රමය සඳහා ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් ජනාධීපති බලතල වැඩියෙන් පවතින අවස්ථාවල වඩා යෝග්‍ය වන්නේ සමානුපාතික ජන්ද ක්‍රමයයි. නමුත් යම් කිසි ආකාරයකට ජනාධිපතිවරයාගේ බලතල අඩුවන්නේ නම් එහිදි අනිවාර්යෙන් සමානුපාතික ජන්ද ක්‍රමයෙන් වෙනත් සුවිශේෂී ජන්ද ක්‍රමයකට යා යුතුය. එයට හේතුව සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් සාමාන්‍යෙයන් බොහෝ අවස්ථාවලදී ලැබෙනුයේ ස්ථාවර ආණ්ඩු නොවීමයි. මෙරට බොහෝ විට බිහි වූයේ සරල බහුතරය ලබා ගත් ආණ්ඩුය. නමුත් ඒ ක්‍රමවේදයේ වෙනසක් 2010 සහ 2020 මැතිවරණයේදී දුටුවද නැවත අපට එවැනි සුවිශේෂ අවස්ථා උදාවෙතැයි විශ්වාස කිරීමට අපහසුය. 2015දී මැතිවරණ ක්‍රමයක් වෙනස් කිරීමේ සංකල්පය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගත් නමුත් ඒ ආණ්ඩුව එම කර්තව්‍ය ඉටු කළේ නැත. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සහ ඊට සහාය දුන් අය පිළිබඳ විශාල අර්බුදයක් නිර්මාණය වී තිබිණි. ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවූ දුර්වල ම සංශෝධනය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බව මගේ අදහසයි. එම සංශෝධනය ගෙනා පිරිස එම සංශෝධනය කරනු ලැබුවේ රටේ අවශ්‍යතාවට වඩා ඔවුන් තුළ තිබූ ද්වේෂයකින් බව ඉතා පැහැදිලිය. මේ සංශෝධනයේ හොඳ ලක්ෂණ නැතුවාම නොවෙයි. සාමාන්‍ය දේශපාලනික තත්ත්වයන් යටතේදී ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට එම සංශෝධනය කර ඇත. මේ නිසා මෙය අසාර්ථක සංශෝධනයක් ලෙස හැඳින්විය හැකිය.
2020 මැතිවරණ ව්‍යාපාරයේදී දිගටම වත්මන් ජනාධිපතිවරයා මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණ විසින් මතු කළ කාරණාවක් නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු බවයි. 19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් ලක්ෂණ එනම්, ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් වීම සහ දෙවතාවක් පමණක් ඡන්දයට ඉදිරිපත් විමට හැකි වීම වැනි කාරණා සම්බන්ධයෙන් කතා කිරීමේදී සාපේක්ෂ වශයෙන් හොඳ ලක්ෂණයක් ලෙස දැකිය හැකිය. විශේෂයෙන් ම දෙවතාවකට වඩා ජනාධිපතිවරයකු පත්වීම සුබදායී නොවේ. ජනාධිපතිවරයා වෙනස් වන විට ආණ්ඩු ක්රමයද යම් තරමකට වෙනස් වෙයි. ඉතිහාසයේ අපි එවැනි අත්දැකිම් විඳ ඇත. ඒ නිසා දෙවතාවකට සීමා කිරීම වැදගත් කරුණකි. නමුත් ධුර කාලය වසර පහද හයද කියන කාරණාව තවදුරටත් සාකච්ඡාවට ලක්කළ යුතුයි. සමහර විට ලංකාව වැනි රටකට වසර පහක් හෝ හයක් වැදගත් යැයි විශ්වාසයක් ඇත. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ස්වාධින කොමිෂන් සභා පහ ඉතා වැදගත් වන අතර ඒවා පත් කළ පුද්ගලයන් ස්වාධීන නොවීම ගැටලුවකි. ආණ්ඩුකරණයට හිතෛෂි නොවී කටයුතු නොකර ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වීමේදී අර්බුද ඇතිවන අවස්ථා ඇත. අද පොලිස්පතිවරයා සිරගතව සිටින අතර ව්‍යවස්ථා අර්බුදය නිසා පොලිස්පතිවරයකු පත් කරගැනීමට නොහැකිය. ව්‍යවස්ථාවේ එවැනි තාක්ෂණික අර්බුද ඇත. මේ නව සංශෝධනවලදී ඒවා නිවැරදි කළ යුතුය. 18 වැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී සිදු විය. ඒ, 18 වැනි සංශෝධනය හරහා යම් යම් ගැටලු මතු වූ අවස්ථාද විය. සමහර විට පරාජයට එක්තරා හේතුවක් ලෙස 18 වැනි සංශෝධනය සඳහන් කළ හැකි බව ඇතැමුන්ගේ අදහසයි. එවැනි අවස්ථාවලදී ආණ්ඩුවක් විචාරශිලීව මේ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය. 2015 ජනතාව අපට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේ ඇයි යන කරුණ පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඒ ගැනත් යම් කිසි අවධානයකින් සංශෝධනයක් ගෙන එන්නේ නම් මෙය අති විශිෂ්ට සංශෝධනයක් බවට පත්වේ. ඒ සමඟම මෙය කාලීන සංශෝධනයක් විය යුතුය. තොරතුරු දැනගැනීමේ පනත අහෝසි නොකළ යුතුයි යන්න ඇතැමුන්ගේ මතයයි. නමුත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ හැම තොරතුරක්ම ඉල්ලීමට ජනතාව පෙළඹී ඇත. අතිශයින්ම පෞද්ගලික සහ රහස්‍ය තොරතුරු ලබාදීම අපහසු කරුණක් මෙන්ම ඒවා ලබා දීම එතරම් යෝග්‍ය නොවේ. තොරතුරු ලබා ගැනීමේ පනතේ සඳහන් වන කරුණක් නම් විභාග ප්‍රතිඵල ඉල්ලුම් කළ නොහැකි බවයි. එසේ තිබියදීත් ඇතැම් පුද්ගලයන් තොරතුරු දැනගැනීම යටතේ ඒවා ලබා ගැනීමට උත්සාහ කරයි. තොරතුරු දැනගැනීමේ පනත වැදගත් නමුත් යම් තාක් දුරට විවිධ අවස්ථා යම් ආවරණයකට යටත්ව කළ යුතුය. එබැවින් මගේ අදහස ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි යන්නයි. විශේෂයෙන් පාර්ලිමේන්තු විවාදයක් අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් ඇතිවෙයි. මේ සම්බන්ධයෙන් කරුණු විවාදයට ලක්වීම නිසාද යම් කිසි වෙනස්වීම් නව සංශෝධනයේදී සිදු විය හැකියි. එවැනි වෙනස්වීම්වලින් අනතුරුවද පාර්ලිමේන්තු කාරක සභාව අවස්ථාවලදී විවිධ වෙනස්වීම් සිදු විය හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී හදිසි පනත් ලෙස පනත් ගෙන ආ නොහැකිය. ඒ නිසා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විවාදයට ලක් කළ යුතුය. ඒ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට යම් කාලයක් ලබාදීමද සිදු වෙයි. ඒ විරෝධතාවන්ට ඇහුම්කන්දීම මෙන්ම ඒ සම්බන්ධයෙන් පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයටද යා හැකිය. ඒ ක්‍රියාදාමය අවසානයේ ගෙන එන පනත 2/3 ජන්දයෙන් සම්මත වූ පසු රට තුළ ක්‍රියාත්මක වේ.
මෙරට කිහිප වතාවක් ව්‍යවස්ථා සංශෝධනය වුවත් ජනමත විමසුමක් අවශ්‍ය වුයේ නැත. ඒ අනුව 1978 ව්‍යවස්ථාවෙහි පැහැදිලිව සඳහන් වන කරුණක් නම් ජනමත විචාරයක් අවශ්‍ය වන්නේ ජනතාවගේ පරමාධීපත්‍ය පිළිබඳ ගැටලුවක් ඇතිවූ අවස්ථාවලදී පමණයි. ජනතාවගේ පහසුව සඳහා කරන සංශෝධන සඳහා ජනමත විමසුමක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වෙන්නේ 2/3 පාර්ලිමේන්තු බහුතරයකි. ජනමත විමසුමක් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධනවලදී පමණි. අපේ රටේ කවදාවත් එය අවශ්‍ය වී නැත. තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට මේ ව්‍යවස්ථා සංශෝධනයට අපහසු කරුණක් නොවේ. ඒ බලය පහසුවෙන් ලබා ගැනීමට මේ පනත සංශෝධනය කළ හැකියි. එහෙත් නිවැරදි ලෙස මේ පනතේ සංශෝධන දෙස නොබැලුවහොත් සිවිල් ක්‍රියාකාරීන් අනවශ්‍ය ලෙස පිබිදීමක් ඇතිවිය හැකිය. රටට හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වෙතැයි යන්න අපේ විශ්වාසයයි.
ඒ සමඟම පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් දැනට අක්‍රිය වී ඇති පනත සක්‍රිය කොට ඡන්දයක් ඉක්මනින් පවත්වා ගතහැකි ආකාරයට සංශෝධනය විය යුතුය. පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් එය කඩිනමින් කළ යුතුය. දැනට පළාත් සභා අක්‍රියව පවතින්නේ මේ අර්බුදය නිසාවෙනි. එබැවින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව යම් ප්‍රතිපත්තිමය තීන්දුවකට පැමිණිය යුතුය. තවදුරටත් පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් කඩිනමින් කළ යුතුයි. එමෙන්ම මේවනවිට රොමේෂ් සිල්වා ජනාධිපති නිතිඥවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ කමිටුවක් පිහිටුවා ඇත. මෙරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මේ සියලු ජනතා අවශ්‍යතා එකවර සිතා බැලිය යුතුය. ඒ අනුව නව ව්‍යවස්ථාව එකවර සංශෝධනය කළ හැකිය. ඒ පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැඟිය යුතුය. ඒ පිළිබඳ බලධාරින් නැවත කියවා බැලිය යුතුය. කෙසේවෙතත් ඒ අලුත් ව්‍යවස්ථා සංශෝධන සිදුවන තෙක් දහනව වැනි ව්‍යවස්ථාව සංශෝධනය සිදු කළ යුතුය. එසේ නොවන්නට 2/3 බලයක් තියෙන වැඩි ජන්දයෙන් 19 වැනි ව්‍යවස්ථාව හරහා ජයග්‍රහණය කළ ජනාධිපතිවරයාට රටට වඩා හිතකර ආකාරයේ පාලනයක් කරගෙන යෑමේ නොහැකියාවක් මතුවී තිබිණි. මේ තත්ත්වය වෙනස් කළ යුතු බැවින් අනිවාර්යෙන්ම 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. විශේෂයෙන් ඇමැති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් බලතල සම්බන්ධයෙන් අගමැතිවරයාගේ උපදෙස් විමසිය යුතු නැති අතර අවශ්‍ය අවස්ථාවලදී පමණක් අදහස් විමසීම සම්බන්ධයෙන් සංශෝධනයේ සඳහන් කරුණු ගැන කතා කළ විට එය 1978 ව්‍යවස්ථාවේ අඩංගු වූ කරුණු ලෙස ගත හැකිය. නමුත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය යටතේ ඇති කළ සංශෝධන අනුව ජනාධිපතිවරයාගේ වැඩි බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරා ගැනීම සිදු විය. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ සමහර කොටස් ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුන් පොරොන්දු අනුව එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනමත විමසුමකට තුඩු නොදෙන සංශෝධන පමණක් සංශෝධනයට ලක්කිරීමට සිදු විය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ බටහිර ගැති පිරිසට එකතු වී කළ සංශෝධනයේදී ඔවුන්ට ඔවුන් අපෙක්ෂා කළ දේ සිදු නොවීය. ජනාධිපතිවරයා නිකම්ම නිකන් ජනාධිපතිවරයෙක් බවට පත්කර සමස්ත බලය පාර්ලිමේන්තුවට ලබාගැනීමේ උපක්‍රමය ඉටුකරගත නොහැකි විය. මේ ව්‍යවස්ථා විකෘතිය සිදු වූයේ ඒ අනුවය. 19 වැනි සංශෝධනය අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එතුමාට අවශ්‍ය අමාත්‍ය ධූර තබා ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට නිශ්චිත අමාත්‍යාංශ කිහිපයක් තිබීම සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය වැනි කරුණු ජනාධිපතිවරයා සතුව තබාගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව ඇමැති ධූර 104 දක්වා වැඩි වූ අවස්ථාද වෙයි. එහෙත් මේ රජයේ ඇමැති මණ්ඩලය තිහකට සීමා වීම සහ විද්‍යානුකූල ක්‍රමයට අමත්‍යාංශ පත් කිරීම සම්බන්ධයෙන් ජනතාවද සතුටට පත් විය. විෂය පථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොවේ. ජනාධිපතිවරයාගේ සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එම බලතල හිමිවීම වඩා යෝග්‍ය වන්නේ යම් කිසි දිනයක ජනාධිපතිවරයා, අගමැතිවරයා පක්ෂ දෙකක් නියෝජනය කිරීමෙන් තේරී පත්වුවහොත් අර්බුදකාරී තත්ත්වයට පත්වීමට හැකිවෙයි. නොඑසේ නම් ජනාධිපතිවරයාට මේ බලතල පාර්ලිමේන්තුව තුළ තිබීම ඉතා වැදගත් වෙයි. ජනාධිපතිවරයා මත මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවතීම ගැටලුවක් නොවෙයි. එහි ගැටලුව මතුවන්නේ ජනාධිපතිවරයෙක් දැඩි අත්තනෝමතික ආකාරයකින් හැසිරුණහොත් පමණි. එය පුද්ගලයන් මත තීන්දු වන කාරණාවකි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරයා මතයි. ඒ නිසා පත්කිරීම් කිරීමේදී ස්වාධීන පුද්ගලයන් කොමිෂන් සභාවලටත් පත්වන්නේ නම් ඉතා වැදගත් වේ. 2020 වැනි සංශෝධනය සිදු වූයේ මේ පවතින අවශ්‍යතා අනුව සංශෝධන කිරීමටයි. මෙය තාවකාලික සංශෝධනයකි. ජනතාව මෙන්ම රජයේද අපේක්ෂාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. එය ජනතා හිතවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් කරගැනීමට අප වගබලා ගත යුතුය.