‘ජන­ව­ර­මෙහි අරුත ජන­තා­වාදී ආණ්ඩු­වක්’ | සිළුමිණ

‘ජන­ව­ර­මෙහි අරුත ජන­තා­වාදී ආණ්ඩු­වක්’

නා­ධි­ප­ති­ව­රයා විසින් ඉදි­රි­යට ගෙන යන නව වැඩ­පි­ළි­වෙළ කෙරෙහි සහ එම නාය­ක­ත්වය සම්බන්ධයෙන් විශාල ජනතා අපේක්ෂා තිබූ බව ඉතා පැහැ­දි­ලියි. මේ නැවුම් ජන­ව­රම ලැබී­මට ප්‍රධා­න­තම හේතු සාධ­ක­යක් වන්නේ සෞභා­ග්‍යයේ දැක්ම වැඩ­පි­ළි­වෙ­ළහි අන්ත­ර්ග­ත­යයි. පසු­ගිය 2019 නොවැ­ම්බර් 16 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් අන­තු­රුව ආරම්භ කරන ලද ඒ වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යෑමට මෙවර මැති­ව­ර­ණ­යෙන් ජන­තාව විශාල වශ­යෙන් අනු­මැ­තිය ලබා දී ඇත.

සෞභා­ග්‍යයේ දැක්ම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් මුල් කර­ගත් මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­ව­රයා සමඟ ඉදි­රි­යට යන පුළුල් වැඩ­ස­ට­හ­නකි. ඒ වැඩ­ස­ට­හනේ ප්‍රධාන ධාරා දෙකක් ඉදි­රි­පත් කර ඇත. සමා­ජ­ය එක් ධාරා­වක් මඟින් කියැ­වෙන අතර රටේ සංව­ර්ධ­නය පිළි­බඳ නව ආක­ල්ප­යක් සහ නව සිතී­මක් අවශ්‍ය බව අනෙක් ධාරා­වෙන් කියැවේ. 2015 වසරේ ඇතිවූ යහ­පා­ලන රජය විසින් කරන ලද ආර්ථික ඝාතන නිසා මෙන්ම වි‍ශේෂ­යෙන් ගෝලිය අර්බු­ද­යක් වූ කොරෝනා වසං­ග­ත­යත් සම්බ­න්ධ­යෙන් ඇතිවූ ආර්ථික කඩා­වැ­ටීම නිසා මෙරට ආර්ථි­කයේ විශාල කඩා වැටී­මක් ඇති විය. ඒ බල­පෑ­මෙන් ඉදි­රි­යට යන්නේ කෙසේද? ඒ බල­පෑම අති­ක්‍ර­ම­ණය කර­මින් එයින් එළි­යට යන්නේ කෙසේ ද? එහිදී සංව­ර්ධන සැලැස්ම විවර කර­ගන්නේ කෙසේද? යන කාරණා මතුවී තිබේ. ඒ අනුව නව සංව­ර්ධන දැක්මක් අව­ශ්‍යයි කියන කථී­කාව සමා­ජය තුළ ඇති විය. ඒ රික්ත­කය පිර­වීම සඳහා නව සංව­ර්ධන උපාය මාර්ග රැසක් සෞභා­ග්‍යයේ දැක්මෙන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ඉදි­රි­පත් කළේය. ඒ සෞභා­ග්‍යයේ දැක්මේ වුයේද ජන­තාව අපේක්ෂා හෙයින් ජන­තාව එය වැළඳගනු ලැබීය. රටට නව ආණ්ඩු ක්‍රම­යක් අව­ශ්‍යයි යන කරු­ණද සෞභාග්‍යයේ දැක්ම තුළ තිබූ බැවින් එම මත­යට විශාල ජන­ව­ර­මක් ලැබිණි.

මේ ජන­ව­රමේ අර්ථය ලඝු කර දැක්වු­ව­හොත් සංව­ර්ධන අභි­යෝ­ග­යක් සහ ආණ්ඩු­ක­රණ අභි­යෝ­ග­යක් ජය­ග­න්නට ඉදි­රි­පත් වූ ජන­ව­ර­මක් ලෙසත් වෙනත් ආකා­ර­ය­කින් පැහැ­දිලි කළ­හොත් සංව­ර්ධන අභි­යෝ­ග­යක් සහ රටට අවැසි ආණ්ඩු­ක­රණ අභි­යෝ­ග­යක් ජය­ගැ­නීම සඳහා ඉදි­රි­පත් වූ ජන­ව­ර­මක් ලෙස මේ අති දැවැන්ත ජන­ව­රම හැඳින්විය හැකිය. කෙටි­කා­ල­යක් තුළ මේ ආණ්ඩුව අභි­යෝග ජය­ගත් ආකා­රය පිළි­බ­ඳව ජන­තාව විශාල ලෙස පැහැදී සිටින බවද මේ අති දැවැන්ත ජන­ව­ර­මින් පැහැ­දිලි වෙයි.

පසු­ගිය යහ­පා­ලන ආණ්ඩුව සම්බ­න්ධ­යෙන් ජන­තා­ව ඉතා කෙටි කාල­යක් තුළදී කල­කි­රී­මට පත් විය. මැති­ව­රණ කල් දැමූ එම ආණ්ඩුව පැවැත්වූ පළ­මු­වැනි පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී එව­කට නව පක්ෂ­යක් වූ පොදු­ජන පෙර­මුණ විශාල ජන­ව­ර­මක් ලබා­ගත් බව ඉතා පැහැ­දි­ලිය. දුර්වල යහ­පා­ලන ආණ්ඩුව රටේ විශාල ආර්ථික අර්බුද රැසක් මතු කළේය. ඔවුන් නැවත නව රජ­යට මේ රට බාර දුන්නේ සිය­යට 6.7 පමණ වූ ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා පහත දම­මිනි. මහ දවල් සිදු කළ මහ බැංකු මංකො­ල්ල­යෙන් රටේ ආර්ථි­කට විශාල බල­පෑ­මක් ඇති­විය. ඔවුන් විදෙස් රට­ව­ලින් විශාල ණය කන්ද­රා­වක් ලබා ගත්තද කිසිදු සංව­ර්ධන ව්‍යපෘ­ති­යක් සිදු කළේ නැත. මාධ්‍ය සන්ද­ර්ශන සිදු­ක­ර­මින් හොරු ඇල්ලී­මට කොමි­ෂන් සභා පත්ක­ර­මින් ජන­තාව නොමඟ යැවූහ. ජාත්‍ය­න්තර වශ­යෙන් අපේ රටේ අන­න්‍ය­තා­වට, භෞමික අඛ­ණ්ඩ­ත්ව­යට හානි වන ආකා­ර­යට යහ­පා­ලන රජය විදෙස් ප්‍රති­පත්ති අනු­ග­ම­නය කරනු ලැබිණි. ඇම­රි­කාව, එංග­ල­න්තය වැනි රට­වල් අපේ රටට විරු­ද්ධව ජිනි­වා­වල යෝජනා ගෙන එන විට එව­කට සිටි මෙරට විදෙස් ඇමැ­ති­ව­රයා ඒ යෝජ­නා­වල යෝජ­ක­යකු ලෙස අත් ඔස­ව­මින් පෙනී සිටී­මට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ ද්‍රෝහී ප්‍රති­පත්ති නිසා මේ රටේ ජාත්‍ය­න්තර තත්ත්වය ඉතා­මත් දුර්වල අඩි­ය­කට ඇද වැටිණ.

එප­ම­ණක් නොව යහ­පා­ලන ආණ්ඩුව නිසා රටේ ජාතික ආර­ක්ෂාව විශාල අර්බු­ද­ය­කට ලක්විය. අන්ත­වා­දීන්ගේ පාස්කු ප්‍රහා­ර­යත් සමඟ ඉතා විශාල පිරි­සක් මර­ණ­යට පත්විය. මරණ බියෙන් තැති ගත් ජන­තාව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ආග­ම­න­යත් සමඟ නැවත ජීවය ලබ­න්නට විය. ආර­ක්ෂාව පිළි­බඳ තිබු අවි­නි­ශ්චිත භාවය තුරන් විය. ජන­තාව නිද­හසේ නැවත හුස්ම ගැනී­මට පටන් ගත්හ. ජාතික ආර­ක්ෂාව සම්පු­ර්ණ­යෙන් බිඳ වැටීම තුළ විශ්වසනීය ආණ්ඩු­වක් තුළ ජාතික ආර­ක්ෂාව ස්ථාපිත කර­ගැ­නීම මේ ජන­ව­රමේ තවත් අර්ථ­යකි.

අපේ රටේ ජාතික වශ­යෙන් පිළි­ගත් සංස්කෘ­ති­ක­මය හර­ප­ද්ධ­ති­යක් විය. ඒ හර පද්ධ­තින් අප­හා­ස­යට ලක්ක­ර­මින් බට­හිර ගැති සම­හර සංස්කෘ­තික ලක්ෂණ වැරදි අස­ම්මත සංස්කෘ­තික අංග, වැරදි සමාජ ක්‍රම­යන් මේ රටට එන්නත් කිරී­මට යහ­පා­ලන ආණ්ඩුව උත්සා­හ­යක යෙදිණ. නමුත් සංස්කෘ­තිය අග­යන ජන­තාව ඊට කිසිදු ප්‍රසා­ද­යක් නොදැ­ක්වූහ. ඒ ක්‍රම­වේ­ද­යන් වෙනස් කිරී­මට මෙරට ප්‍රග­ති­ශීලී ජන­තාව යුහු­සුළු වුයේද එහෙ­යිනි.

ඒ අනුව රටේ ජාතික ආර්ථි­කය, ජාතික ආර­ක්ෂාව, ජාතික සංස්කෘ­තිය, ජාතික සම­ගිය සම්මු­තිය සම්බ­න්ධ­යෙන් මෙන්ම ජාත්‍ය­න්තර කීර්තිය සම්බ­න්ධ­යෙන්ද විශාල හානි­යක් කළ ආණ්ඩු­වක් ලෙස මිත්‍යාව වපු­ර­මින් බොරු යහ­පා­ල­න­යක් ගෙන­ගිය බෝඩ් ලෑල්ල­කට සීමා වූ යහ­පා­ලන ආණ්ඩුවට එරෙහිව පියවර ගත්හ. කණ්ඩා­යම රටට පෙන්නුම් කළ වැරදි දේශ­පා­ල­නික ක්‍රම­වේ­ද­යන් සම්බ­න්ධ­යෙන් වූ ජනතා කල­කි­රීම මේ ජන­ව­රමේ තවත් අර්ථ­යක් විය. මේ වැරදි දේශ­පා­ලන ක්‍රියා­කා­රී­ත්වය මේ ජන­ව­ර­මට පද­නම් වූ තවත් කරු­ණකි. රටේ ගැටලු අලුත් මුහු­ණු­ව­ර­කින් කියවා ගැනී­මට හැකි ජනා­ධි­ප­ති­තුමා සමඟ එම වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යෑමට එතුමා සමඟ වැඩ­ක­රන අනෙක් පිරි­ස­ටද හැකි­විය. රට ඉදි­රි­යට ගෙන යෑමට අලුත් ඇහැ­කින් බැලීම සම්බ­න්ධ­යෙන් ජන­තාව තුළ ප්‍රසා­ද­යක් ගොඩ­නැ­ගිණි. මේ සිය­ල්ලේම සමා­න්තර ඇගැ­යී­මක් මේ ජන­ව­ර­මේදී ලබාදී ඇත. මේ ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් කතා කිරී­මේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ දේශ­පා­ලන ධාරාව නිර්මා­ණය වීම සහ එහි ක්‍රියා­කා­රී­ත්වය සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන් ඇගැ­යිය යුතුය. බැසිල් රාජ­ප­ක්ෂ­යන් මේ රටේ දේශ­පා­ල­න­යට පාඩම් රැසක් කියා දුන් නාය­ක­යෙකි. රටට අලුත් පක්ෂ­යක්, අලුත් ජනා­ධි­ප­ති­ව­ර­යෙක්, ආණ්ඩු­වක් හැදී­මට පසු­බිම සකස් කළේ වසර හත­රක් වැනි කෙටි කාල­ය­කිනි. අලු­තින් මේ රටේ ඉති­හා­සය ලිවී­මට හැකි තැන­කට මේ රට තල්ලු කර­න්නට බැසිල් රාජ­ප­ක්ෂ­යන්ගේ යාන්ත්‍ර­ණ­යට හැකි­විය. මෙරට දේශ­පා­ල­න­යට මෑත ඉති­හා­සයේ පහළ වූ සුවි­ශේෂ දේශ­පා­ලන චරි­ත­යක් ලෙස බැසිල් රාජ­ප­ක්ෂ­යන් හැඳි­න්විය හැකිය. මේ නව දේශ­පා­ල­නික ක්‍රියා­කා­රී­ත්වය ගොඩ­නැ­ඟී­මට බැසිල් රාජ­පක්ෂ මහ­තාගේ නව දේශ­පා­ලන ප්‍රවා­හය ඉව­හල් වූවා යැයි සඳ­හන් කළ හැකිය. මේ පුළුල් මෙහෙ­ය­වීම මෙන්ම මෙරට වසර තිහක කුරිරු ත්‍රස්ත­වා­ද­යෙන් බැට කෑ ජනතා සිත්ස­තන් තුළ මහින්ද රාජ­පක්ෂ සහ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කෙරෙහි තිබූ ආද­රය නිසා ඇතිවූ විශ්වා­සය නිසා ජනතා බල­වේ­ගය ඔවුන් දෙසට කේන්ද්‍ර ගත වීමද තවත් හේතු­වකි. සමා­ජය තුළ සදා­චා­රා­ත්මක සහ දේශ­පා­ල­නික වශ­යෙන් මෙවැනි විශාල විශ්වා­ස­යක් ගොඩ­නැ­ඟී­මට හැකි­යාව තිබෙන්නේ මහින්ද රාජ­පක්ෂ වැනි නාය­ක­ත්ව­ය­කට පමණි. මෙවැනි කාරණා රාශි­යක එක­තු­ව­කින් මේ ජන­ව­රම තුනෙන් දෙක­කට වඩා එහා ගිය අති දැවැන්ත ජන­ව­ර­මක් බවට පත්විය. දේශ­පා­ල­නික වශ­යෙන් මේ ජන­ම­තය සමඟ ගැට­ගැ­සුණු කරුණු කාරණා රාශි­යක් ඇත. මේ වන­විට කැබි­නට් ඇමැ­ති­ව­රුන් සහ රාජ්‍ය ඇමැ­ති­ව­රුන් කණ්ඩා­ය­මක් පත් කර ඇත. ඒ කණ්ඩා­ය­ම්වල විවිධ දක්ෂතා ඇති අය සිටියි. එමෙන්ම මන්ත්‍රී­ව­රුන් අත­රත් ඉතා ඉහළ තලයේ දක්ෂතා ඇති අය සිටියි. ඊළඟ වසර කිහි­පය තුළ මේ රටේ ජන­තා­වගේ ගැටලු සිය­ල්ලට පිළි­තුරු සෙවිය හැකි රාජ්‍ය යාන්ත්‍ර­ණ­යක්, පාල­න­යක් ඇති­කර ගැනී­මට හැකි­වෙ­තැයි අපි විශ්වාස කරමු. මේ ආණ්ඩුව ආර්ථික සංව­ර්ධ­නය සහ ආණ්ඩු­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් නව කිය­වී­මක්, අලුත් සිතී­මක් ඇති කළ ආණ්ඩු­වකි. මේ දේශ­පා­ල­නික වෙනස සහ සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් නව කිය­වීම පිළි­බ­ඳව සඳ­හන් කළ හැකි වන්නේ පසු­ගිය කාලය පුරා ගෝලීය අර්බු­ද­යක් බවට පත් වු කොරෝනා වසං­ග­තයි. ඒ සමඟ ගෝලිය ආර්ථික ක්‍රමයේ අර්බු­ද­යක් ඇති­විය.

ඒ නිසා රට තුළ දේශිය ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මට අලු­තින් සිතන දේශ­පා­ල­නික දර්ශ­න­යක් ඇති කිරීම සුවි­ශේෂී කාර­ණා­වකි. රටේ ආර්ථි­කය ගැන නැවත සිතී­මට හැකි­යාව මේ රජ­යට තිබිණි. ඒ නව දේශ­පා­ල­නික කිය­වි­මට විශාල පිළි­ගැ­නී­මක්ද ජන­තාව තුළ ඇති වීම සුවි­ශේෂී කරු­ණකි. කොරොනා වසං­ගත අව­ස්ථා­වේදී මෙන්ම විශේ­ෂ­යෙන් දිළි­ඳුකම තුරන් කිරිමේ වැඩ පිළි­වෙ­ළේදී ජනා­ධි­පති කාර්ය සාධක බළ­කාය තුළ බැසිල් රාජ­ප­ක්ෂ­යන් අති­වි­ශාල මෙහෙ­යු­මක් සිදු කළේය. පශ්චාත් කොරෝ­නා­වෙන් පසු ලොව පුරා අලුත් ගෝලීය ආර්ථික මොඩ­ල­යක් බිහි­වෙ­තැයි උප­ක­ල්ප­නය කළ හැකිය. ඒ සඳහා මුහුණ දීමට අලුත් ආර්ථික මොඩ­ල­යක් ඇති කිරී­මට නව රජ­යට හැකි­යාව ලැබෙනු ඇත යන්න අපේ විශ්වා­ස­යයි.

13 සහ 19 වැනි සංශෝ­ධ­නය රට විශාල ආර්ථික දේශ­පා­ල­නික අර්බු­ද­ය­කට පත් කර ඇත. මේ අර්බු­ද­යට ගිය ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති සංවි­ධා­නය සහ ප්‍රතිං­ස්ක­ර­ණය කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් ගෙන ආ යුතුය. මේ ජන­ව­රම ලබා දීමේදී ජන­තා­වගේ එක් අපේ­ක්ෂා­වක් ඒ තුළ කේන්ද්‍ර­ගත වි ඇති බව ඉතා පැහැ­දි­ලිය.

අද වන විට විප­ක්ෂය විසිරී ඇති තත්ත්ව­ය­කට පත් වී ඇත. විප­ක්ෂය සෝදා­පා­ළු­වට ලක්වන තත්ත්ව­ය­කට පත්වී­මට පසු­ගිය කාලයේ පැවැති විප­ක්ෂයේ ක්‍රියා­කා­රී­ත්වය හේතු වී ඇත. විප­ක්ෂය ප්‍රග­ති­ශිලි ක්‍රියා­කා­රී­ත්ව­ය­කින් ජනතා හිත­වාදී යෝජ­නා­ව­ලින් කට­යුතු කරයි යන ජනතා අපෙ­ක්ෂාව විනි­ර්මුක්ත වීමට හේතුව පසු­ගිය කාලයේ විප­ක්ෂයේ හැසි­රී­මයි. එම පක්ෂ­වල අභ්‍ය­න්ත­රයේ හෝ කිසිදු දේශ­පා­ලන ස්ථාව­ර­යක් නැති විම නිසා විප­ක්ෂය සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ සම්පූර්ණ විශ්වා­සය බිඳ වැටී ඇත. එය මේ ජන­ව­රමේ තවත් සුවි­ශේ­ෂ­ත්ව­යකි. විප­ක්ෂ­යක් පිළි­බඳ කිසිදු ජනතා අපේ­ක්ෂා­වක් නැති බවක් මෙයින් තහ­වුරු වෙයි. විප­ක්ෂය දේශ­පා­ල­නික අර්බු­ද­ය­කට පත්වී­මට සහ දුර්වල වීමට හේතු ගණ­නා­වක් ඇත. 2015 ජනා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් පසු එජා­පය සුළු සමාජ කාණ්ඩා­ය­මක, දේශ­පා­ල­නික යාන්ත්‍ර­ණ­යක අත්අ­ඩං­ගු­වට පත්වීම, කොළඹ සිවිල් සමා­ජයේ සුළු පිරි­සක් එකතු වී එක්සත් ජාතික පක්ෂයේ ඉහ­ළින් සිටින යාන්ත්‍ර­ණ­යක් ලෙස සිවිල් සමාජ යාන්ත්‍ර­ණය තුළ ක්‍රියා කිරීම, ඔවුන් විසින් එජාප දේශ­පා­ල­නික යාන්ත්‍ර­ණය මෙහෙ­ය­වීම ආදී කරුණු නිසා එජා­පයේ කඩා­වැ­ටීම සහ ජනතා විශ්වා­සය නැති වී යෑම සිදු විය.

මේ අනුව පොදු ජන පෙර­මුණ ශක්ති­මත් වීම සහ එජා­පයේ කඩා වැටී­මත් සමා­න්ත­රව සිදු විය.

එක්සත් ජාතික පක්ෂය නෛස­ර්ගික දේශ­පා­ල­නික ධාරා­වෙන් මිදී එයින් එළි­යට විසි­වීම 2015 සිටම ආරම්භ විය. දේශ­පා­ල­නික දර්ශ­නයේ ගැඹු­රක් නැති නිසා සමගි ජන බල­වේ­ගය මේ මොහොතේ යම් බල­පෑ­මක් කිරී­මට උත්සාහ කළද එය දීර්ඝ­කා­ලීන නොවන අතර එජා­පය ඉතා පහත් අඩි­ය­කට ඇද­වැටී තිබිණ. සජිත් මහතාට විශාල දේශ­පා­ල­නික කියැ­වී­මක් හෝ හැකි­යා­වක් ඇතැයි සිතිය නොහැ­කිය. විප­ක්ෂයේ දුර්වල වීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රට­කට අහි­ත­කර වන්නේ ආණ්ඩු පක්ෂයේ ක්‍රියා­කා­රී­ත්වය රට­කට නුසු­දුසු වුව­හොත් පම­ණයි. මෙත­රම් ජන­ව­ර­මක් ලබා දීමට හේතුව වන්නේ මේ නව රජ­යට ජන­තා­වගේ ඇති ප්‍රසා­දය සහ විශ්වා­ස­යයි. ශක්ති­මත් විප­ක්ෂ­යක් පිළි­බඳ අපේක්ෂා නොකර ජන­තාව මෙවැනි විශාල ජන­ව­ර­මක් ලබාදී ඇත්තේද ජන­තා­වාදී ආණ්ඩුව පිළි­බඳ ඇති දැඩි විශ්වා­සය නිසා බව ඉතා පැහැ­දි­ලිය.

Comments