
පොරොන්දු දේශපාලනයෙන් තොරව මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් ද?
මම මේ මැතිවරණයේ දී කාටවත් පොරොන්දු දෙන්නෙ නෑ. ඒ වාගේම මත්ද්‍රව්‍ය වැනි කිසිම දෙයක් දෙන්නෙත් නෑ. මම ජනතාවත් එක්ක එකතුවෙලා මට කරන්න පුළුවන් දේවල් කරනවා. ඒ නිසා ජනතාව දන්නවා මම කවුද කියලා. මැතිවරණය පුරාම තිබෙන තරඟය නිසා පක්ෂ විපක්ෂ හැමෝම අඩු වැඩි වශයෙන් පොරොන්දු දේශපාලනය කරනවා. අපි එහෙම නොකළත් අපි ඒ හැම දෙනාටම වඩා ඉදිරියෙන් ඉන්නවා.
මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් සාම්ප්‍රදායික හා වියතුන් කියල බෙදිල ඡන්ද සටන මෙහෙයවනවා කියන්නේ ඇත්තද?
අපේක්ෂකයෝ එහෙම බෙදුණත් ගමේ ඡන්දදායකයා එහෙම බෙදෙන්නෙ නෑ. ජනතාවට අපේක්ෂකයා වියත්ද නැද්ද කියන කාරණය වැදගත් නෑ. ඔවුන් බලන්නේ ඔවුන් ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන ඔවුන් ගේ ප්‍රශ්න අවබෝධ කර ගන්න පුළුවන් ජනතාවට ඕනැම වෙලාවක කතා කරන්න පුළුවන් අපේක්ෂකයන් ගැනයි. ඒ නිසා ඔය කියන වියතුන් හෝ සාම්ප්‍රදායික දෙපිරිසම ජනතාව පාර්ලිමේන්තුවට පත් කරල එවාවී. වියතුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන කාරණයට මමත් එකඟයි. එහෙම ඉන්න ඕන කියල අපි කිව්වත් ජනතා කැමත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නමුත් ජනාධිපතිවරයාට පුළුවන් උගත් බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ගන්න. මහජනයා වියතුන් පත් කෙළේ නැත්නම් ඒක තමයි තියෙන විකල්පය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර ප්‍රතිඵල ගැන ඔබේ කණ්ඩායම් නායක අනාවැකි පළ කර තිබෙනවා. එය අනුමත කරනවාද?
ඔව්, අපි වැඩ කරන්නේ කණ්ඩායමක් විදියට. අපේ වැඩි අවධානය තිබෙන්නේ අපිට ලැබෙන මනාපවලට වඩා පොහොට්ටුවට ලැබෙන ඡන්ද ගැනයි. අපි උත්සාහ කරන්නේ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට ලැබුණ ඡන්ද ප්‍රමාණය දෙගුණයක් කර ගන්නයි. අපි විශ්වාස කරනවා අපිට ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙයි කියලා.
මෙවර මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. එවැනි පසුබිමක වැඩි ඡන්ද ලක්ෂ පහක ඉලක්කයක් සපුරා ගන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. මනාප අංක ප්‍රදර්ශනය කරන එක තහනම් වුණාට පොහොට්ටුව ප්‍රදර්ශනය කරන්න තහනමක් නෑනේ. අපි ගමින් ගම ගෙයින් ගෙට ගිහිල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්රකාශනය ගැන ජනතාව දැනුවත් කරනවා. ඇත්තටම මැතිවරණ නීති උල්ලංඝණය නොකර අපිට ජනතා කැමැත්ත දිනා ගන්න පුළුවන්. ආණ්ඩුව විසුරුවා හැරිය දිනේ ඉඳලම අපි ජනතාව දැනුවත් කරන වැඩේ පටන් ගත්තා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ඡන්දදායකයකුට කීප වරක් කතා කරන්න. ඒ නිසයි අපිට විශ්වාසයක් තියෙන්නේ අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් කියලා.
ඔබ ජයග්‍රහණය කළොත් ගම්පහ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න සැලසුම් ගත වැඩ පිළිවෙලක් තියෙනවාද?
අපි ගම්පහ හෝ රටේ වෙන තැනක හෝ කළ යුතු වැඩ ගැන පක්ෂයක් විදියට ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවානේ. ඒක තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සෞභාග්‍යයේ දැක්ම විදියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. අපි කවුරුත් ඒ ප්‍රතිපත්තිය අනුව තමයි කටයුතු කරන්න ඕනෙ. මම විශ්වාස කරනවා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති අපි හරියට ක්‍රියාත්මක කළොත් වසර තුනක් විතර යන කොට අපේ රට නිවැරදි සංවර්ධන මාවතකට යොමු කර ගන්න පුළුවන් කියලා. එහෙම වුණොත් අපේ ගම්බිම් වල ජනතා ප්‍රශ්න කඩිනමින් විසදන ක්‍රමවේදයක් සකස් වෙිවී. ඒ තත්ත්වය ඇති කර ගන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ජනාධිපතිවරයාට අවශ්‍යයයි.