උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විප්ල­වීය වෙන­සක් | සිළුමිණ

උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විප්ල­වීය වෙන­සක්

පේ රටේ රජ කළ දේශීය වෛද්‍ය ශිල්පය ගැන දස්කම් දැක්වූ බුද්ධ­දාස රජ­තුමා වැනි අතීත රජ­වරු හා ආයු­ර්වේද වෛද්‍ය විශා­ර­දයෝ අපේ දේශීය ආයු­ර්වේද වෙද­කම මගින් සුවි­ශේෂී වෛද්‍ය ක්‍රම හා රෝගීන් සුව­පත් කරන ක්‍රම විධි රැසක් භාවිත කළහ. ඒ අනුව අපේ දේශීය වෙද­ක­මට සුවි­ශේෂී ඉති­හා­ස­යක් හා ‍වටිනා­ක­මක් තිබේ. නමුත් එය රැක­ගෙන දියුණු කිරී­මට පසු­ගිය රජ­යන්ට එත­රම් වුව­ම­නා­වක් තිබුණේ නැත. එසේ වුවත් වත්මන් රජය මගින් දේශීය වෙද­කම දියුණු කිරීම උදෙසා දේශීය වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක් ගම්පහදී ආරම්භ කිරී­මට දැන් සියලු වැඩ­ක­ට­යුතු යොදා තිබීම එම ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සතු­ටට හේතු වී ඇත.

පසු­ගි­යදා පැවැති කැබි­නට් මණ්ඩල රැස්වී­මේදී මෙරට උසස් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විප්ල­වීය ප්‍රව­ර්ධ­න­යක් ඇති කරන වැඩ­පි­ළි­වෙ­ළක ආර­ම්භය සනි­ටු­හන් කෙරිණි.

ඒ අනුව අපේ රටේ ප්‍රධාන සර­සවි දෙකක හා උසස් අධ්‍යා­පන ආය­තන දෙකක් සංව­ර්ධ­නය මඟින් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළ­ත්වී­මට අපේක්ෂා කරන සිසු පර­පු­රට අපේක්ෂා මල්ඵල ගන්වන ව්‍යාපෘති හත­රක් කැබි­නට් මණ්ඩ­ලය අනු­මත කර ඇත. එම සියලු කැබි­නට් පත්‍රිකා ඉදි­රි­පත් කර ඇත්තේ කව­දත් අපේ සිසු පර­පුර විද්වත් පිරි­සක් බවට ජය කෙහෙළි නංව­න්නට අත හිත දෙන උසස් අධ්‍යා­පන, නවෝ­ත්පා­දන, තාක්ෂණ, තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ ඇමැති හා කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධ­න­යන් ය.

ඒ අනුව ඔහු මෙරට සම්ප්‍ර­දා­යික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍ය­ය­න­යට අපේ සිසු පර­පුර උනන්දු කිරීමේ අර­මු­ණින් හා දේශීය වෛද්‍ය ක්‍රම මගින් ආර්ථික හා අධ්‍යා­ප­නික ප්‍රති­ලාභ ලබා­ගැ­නීමේ අර­මු­ණින් ගම්පහ වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­නය මෙරට සාම්ප්‍ර­දා­යික දේශීය වෛද්‍ය ක්‍රම පිළි­බඳ අංග සම්පූර්ණ විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත් කළ­යුතු බවට කැබි­නට් මණ්ඩ­ල­යට කළ යෝජ­නාව අනු­මත වී තිබේ.

දැනට විශ්ව­වි­ද්‍යාල කොමි­සන් සභාව යටතේ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධි­තව උසස් අධ්‍යා­පන ආය­ත­න­යක් ලෙස පව­ත්වා­ගෙන යන මෙම විද්‍යා­ය­ත­නය මෙරට සාම්ප්‍ර­දා­යික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍ය­ය­නය කෙරෙහි ප්‍රමු­ඛ­තාව දක්වන විශ්ව විද්‍යා­ල­යක් බවට පත්ක­රන බව ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා පව­සයි. ඒ අනුව දැනට වඩා දස ගුණ­ය­කින් මෙම විද්‍යා­ය­ත­නය මගින් උපාධි හා පශ්චාත් උපාධි ලබන සිසු සිසු­වි­යන් පිට­වනු ඇති බව ද බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා පව­සයි.

මේ පිළි­බ­ඳව ‘සිළු­මිණ’ ට විශේ­ෂ­යෙන් කරුණු දැක්වූ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම් සභාවේ උප සභා­ප­තිනි හා ගම්පහ වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­නයේ නිසි බල­ධා­රි­නිය වන ශ්‍රී ලංකා විද්‍යා­භි­ව­ර්ධන සංග­මයේ (SLAAS) සභා­ප­තිනි ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජනිතා ඒ. ලිය­නගේ පව­සන්නේ ‍මේ වැඩ­පි­ළි­වෙළ නිසා අපේ රටේ පාර­ම්ප­රික දේශීය වෙද­ක­මට ස්වර්ණ­මය යුග­යක් උදා­වෙ­මින් පව­තින බවයි.

මේ අනුව දැනට ගම්පහ වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද වෛද්‍ය විද්‍යා­ල­යට වස­ර­කට ඇතු­ළත් කර­ගන්න සිසු පිරිස 120 සිට 500 වඩා වැඩි වනු ඇත. එම­ගින් අපේ දේශීය වෙද­කම ඉහළ ඵල­දා­යි­තා­ව­යක් ලැබෙන පරිදි සිදු කිරී­ම­ටත් රටට වි‍දේශ විනි­ම­යක් උප­යී­ම­ටත් අව­ස්ථාව සැල­සෙන බව ද නිසි බල­ධා­රි­තු­මිය පව­ස­න්නීය.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මගින් වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­න­යට සිසුන් තෝරා ගන්නවා. ඒ අයට දැනට උග­න්වන්නේ DAMS ආයු­ර්වේද උපාධි පාඨ­මා­ලාව පම­ණයි.”

“වික්‍ර­මා­රච්චි වෙද රාල­හාමි පව­ත්වා­ගෙන ගිය ආයු­ර්වේද විද්‍යා­ලය දැන් කැල­ණිය සර­ස­වි­යට අනු­බද්ධ ආයු­ර්වේද විද්‍යා­ය­ත­න­යක් ලෙසයි ක්‍රියා­ත්මක වෙන්නේ.”

මෙම විද්‍යා­ය­ත­නය විශ්වවිද්‍යා­ල­යක් බවට පත් කිරී­මෙන් අපි ප්‍රධාන ලෙස අපේ දේශීය වෙද­කම නවීන විද්‍යා­නු­කූ­ලව පර්යේ­ෂණ අනුව දියුණු කිරී­මට එහි තත්ත්වය වටි­නා­කම් ප්‍රමි­තිය වැඩි දියුණු කිරී­මට අවශ්‍ය තවත් ආයු­ර්වේද උපාධි හා පශ්චාත් උපාධි පාඨ­මාලා ගණ­නා­වක් ක්‍රියා­ත්මක කරන්න කට­යුතු කර­මින් ඉන්නවා.

“දේශීය වෙද­කමේ ගුණා­ත්මක බව විද්‍යා­නු­කූ­ලව වැඩි­දි­යුණු කරන පාඨ­මාලා ඒ අතර ප්‍රධාන ස්ථාන­යක් ගන්නවා. ඒ අනුව දේශීය වෙද­කම පිළි­බඳ මේ පාඨ­මාලා සඳහා අවශ්‍ය රෝහල් ඇති කිරී­ම­ටත් ඊට අදාළා කළ­ම­නා­ක­රණ කාර්ය මණ්ඩ­ල­ව­ලට උප­දෙස් පාඨ­මාලා ඇති කිරී­ම­ටත් අපේක්ෂා කර­නවා.

ඊට අම­ත­රව දේශීය වෙද­කමේ ඖෂධ නිප­ද­වීම හා විද්‍යා­ත්මක ක්‍රම මගින් එම ඖෂ­ධ­ව­ලට අගය එකතු කර අලුත් වටි­නා­ක­මක් ලබා­ගෙන අපේ දේශීය ඖෂධ ලොව පුරා ජන­ප්‍රිය කර­වී­මට අවශ්‍ය උපාධි පාඨ­මා­ලාත් අපි මේ අලුත් විශ්ව විද්‍යා­ල­යෙන් ආරම්භ කිරී­මට සූදා­නම්. ඒ සම­ඟම දේශීය වෙද­කම් හා ආයු­ර්වේද ‍රෝහල්වල හෙද හෙදි­යන්ට අවශ්‍ය නව තාක්ෂ­ණික දැනුම හා පාර­ම්ප­රික ආයු­ර්වේද දැනුම ලබා­දෙන නව පාඨ­මාලා ගණ­නා­වක් ආරම්භ කිරී­මට සූදා­නම් වෙනවා.

අපේ රටේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්ව­තුන්ගේ හා වෛද්‍ය­ව­රුන්ගේ හා ඒ පිළි­බඳ කැමැත්ක දක්වන අය මේ වික්‍ර­මා­රච්චි විද්‍යා­ය­ත­නය විශ්ව­වි­ද්‍යා­ල­යක් කිරීම පිළි­බ­ඳව ඉතා අගය කර­නවා. ඒ සඳහා කට­යුතු කරන ජනා­ධි­ප­ති­තු­මා­ටත් අග­මැ­ති­තු­මාට හා බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­තු­මා­ටත් ඒ සියලු දෙනා මෙන් ම අපිත් ස්තුති­වන්ත වෙනවා.

ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජනිතා ලිය­නගේ පෙන්වා දෙන පරිදි මේ නව ආයු­ර්වේද විශ්ව­වි­ද්‍යා­ලය ඇති කිරී­මෙන් අලුත් සිසු පර­පු­ර­කට දේශීය වෙද­කම පිළි­බ­ඳව ඉහ­ළම දැනු­මක් ලබා­දී­මට හැකි­වෙ­නවා. එමෙන් ම පිට­රට සිසු දරු­වන් මේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් ඒ අය­ටත් මේ පාඨ­මාලා හදා­රන්න අපි අව­ස්ථාව ලබා­දෙ­නවා.

දේශීය වෙද­කම නවීන තාක්ෂ­ණය හා විද්‍යා­නු­කූ­ලව දියුණු කිරීම මගින් ඇති­වෙන අලුත් රෝහල් හා දේශීය වෛද්‍ය විශ්ව­වි­ද්‍යාල සඳහා පිට­ර­ට­වල වෛද්‍ය සංචා­ර­ක­යන් ඇද ගැනීම මේ විශ්ව­වි­ද්‍යා­ලය ඇති කිරීමේ තවත් ප්‍රධාන අර­මු­ණක් වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම ජන­ප්‍රි­ය­ වී අප රටට විදේශ විනි­මය ලැබෙන අතර ම ලොව පුරා අපේ දේශීය වෙද­කම පිළි­බ­ඳව ප්‍රචා­ර­යක් ලැබී රටේ පෞඪ­ත්වය තවත් වැඩි­වෙ­නවා.

මේ අනුව මේ නව විශ්ව­වි­ද්‍යා­ලය බිහි­කි­රීම මගින් අපේ රටේ දේශීය හා ආයු­ර්වේද වෛද්‍ය ක්‍රමයේ ස්වර්ණ­මය යුග­යක් ඇති­වෙන බව කියන්න පුළු­වන්.

විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ නියෝජ්‍ය සභා­ප­තිනි ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජනතා ඒ. ලිය­නගේ පව­ස­න්නීය‍.

මේ අනුව මින් ඉදි­රි­යට වික්‍ර­මා­රච්චි ආයු­ර්වේද විද්‍යා­ය­ත­නය අංග­ස­ම්පූර්ණ විශ්ව­වි­ද්‍යා­ල­යක් කිරීම මගින් අලු­තින් තවත් සිසු සිසු­වි­යන් දහස් ගණ­න­කට අපේ පාර­ම්ප­රික දේශීය වෙද­කම පිළි­බඳ විද්වත් දැනු­මක් ලබා­ගැ­නී­මට හැකිවේ. එතෙර සිසු­න්ටත් ඒ අව­ස්ථාව ලැබෙන අතර එම­ගින් අපේ පාර­ම්ප­රික දේශීය වෙද­කමේ වැද­ගත් සුව­පත් වන ක්‍රම සුරැ­කී­මට ද ඉඩ ලැබේ. රටට විදේශ විනි­මය ‍ ගෙන ඒම­ටත් රටට උචිත වෛද්‍ය­වරු පිරි­සක් බිහි­වී­ම­ටත් මෙහි අතුරු ප්‍රති­ලාභ අත­රට ගැනේ‍.

මේ අතර ඉදි­රි­යේදී රුහුණු විශ්ව­වි­ද්‍යා­ලය සහ චීනයේ ගයිෂෝ විද්‍යා ඇක­ඩ­මිය අතර ගිවි­සු­ම­කට එළ­ඹී­මට කට­යුතු කරන බව ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන පව­සයි.

ඒ අනුව රුහුණු විශ්ව­වි­ද්‍යා­ලය සහ චීනයේ ගයිෂෝ විද්‍යා ඇක­ඩ­මිය (Guizhon Academy of Science) අතර අධ්‍යා­පන හා පර්යේ­ෂණ කට­යුතු සඳහා අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළ­ඹීම සඳහා යෝජ­නාවී ඇත. යෝජිත අව­බෝ­ධතා ගිවි­සුම මගින් දෙපා­ර්ශ්වය අතර හඳු­නා­ගනු ලබන තොර­තුරු හුව­මාරු කර ගැනීම, පර්යේ­ෂණ අර­මු­දල් සලසා ගැනීම සඳහා සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරීම සහ ඒකා­බද්ධ ප්‍රථම උපාධි/ පශ්චාත් උපාධි අධ්‍ය­යන පාඨ­මාලා ආරම්භ කිරීම සඳහා කට­යුතු කිරී­මට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තැබීම පිණිස උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන අමා­ත්‍ය­තුමා ඉදි­රි­පත් කළ යෝජ­නාව අමාත්‍ය මණ්ඩ­ලය විසින් අනු­මත කරනු ලැබ ඇතැයි ඇමැ­ති­ව­රයා කියයි.

ඒ සම­ඟම වයඹ පළාතේ සර­සවි සිසුන් වෙනු­වෙන් ඇති වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩ­නැ­ගිලි සංකී­ර්ණ­යක් රුපි­යල් ලක්ෂ 15605 ක විය­ද­මින් ඉදි­කි­රී­ම­ටත් කට­යුතු යොදා ඇත. ඒ පිළි­බඳ කැබි­නට් පත්‍රි­කාව ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු එය ද අනු­මත වී තිබේ.

ඒ අනුව එහි ඉදි­කි­රීම සීමා­ස­හිත සතුට බිල්ඩර්ස් පුද්ග­ලික සමා­ග­මට පිරි­න­මනු ඇති බව බන්දුල ගුණ­ව­ර්ධන ඇමැ­ති­ව­රයා පව­සයි. මින් තාක්ෂණ විෂය ධාරාව යටතේ සර­සවි ප්‍රවේ­ශය අපේක්ෂා කරන සිසු පර­පු­රට ඉම­හත් ප්‍රති­ලාභ හිමිවේ.

ඊට අම­ත­රව රත්ම­ලාන තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය සඳහා අඩු­පාඩු රැසක් සපි­රී­ම­ටත් සුදුසු කැබි­නට් පත්‍රි­කා­වක් තොර­තුරු සන්නි­වේ­දන, උසස් අධ්‍යා­පන තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ අතර කැබි­නට් මණ්ඩ­ලය ඒ සඳහා අනු­මත කර ඇත.

ඒ අනුව රුපි­යල් ලක්ෂ 9273 ක ඇස්ත­මේන්තු ගත පිරි­වැ­යක් යටතේ මෙම තාක්ෂණ විශ්ව­වි­ද්‍යා­ලය සඳහා නව නේවා­සි­කා­ගා­ර­යක් වැඩ­ප­ළක් හා‍ නව ආපන ශාලා­වක් සඳහා වෙන වෙනම ගොඩ­නැ­ගිලි 3 ක් ඉදි­කි­රීම ළඟ­දීම අර­ඹනු ඇතැයි ඇමැ­ති­ව­රයා පව­සයි.

මේ අලුත් නව ව්‍යාපෘති ක්‍රියා­ත්මක වීම මගින් මෙරට උසස් අධ්‍යා­ප­නය හදා­රන සිසු පර­පු­ර­ටත් ඒ අයගේ දෙමා­පි­යන් ඇතුළු සහෝ­දර සහෝ­ද­රි­ය­න්ටත් ඉම­හත් ප්‍රති­ලාභ හිමිවේ.

ඒ තවත් අලුත් විවිධ දැනුම් ඇති උපා­ධි­ධා­රින් බිහි­වීම් හා ඒ පිළි­බ­ඳව ඒ පවු­ල්ව­ලට ඇති පෞඪ­ත්ව­යක් හේතු කොට­ගෙ­නය.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති රාමුව යටතේ ක්‍රියා­ත්මක මේ වැඩ­පි­ළි­වෙළ මගින් අපේ සිසු පර­පුර ඉදි­රි­යේදී රට සුර­කින ඉම­හත් ප්‍රති­ලාභ රැසක් හිමි­වනු ඇත.

 

Comments