
උතුරු නැඟෙනහිරට වෙනම රාජ්‍යයක් ඉල්ලමින් ත්රස්තවාදීහු ඊළාම් යුද්ධය ආරම්භ කෙළේ 1983 වසරේදීය. ත්රස්තවාදීන් විසින් රට තුළ ආරම්භ කරන ලද මේ යුද්ධය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ අවි ආයුධ පිට පාරෙන් පැමිණියේ මුහුදු මාර්ගයෙනි. මේ නිසා මුහුදේ මෙන්ම ගොඩබිම් සටන්වල මනා පුහුණුවක් ලත් කණ්ඩායමක අවශ්‍යතාව ඉස්මතු විය. ඒ අනුව 1983 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාන්ත්‍රික හා ස්වේච්ඡා අංශ වලින් තෝරා ගත් නාවිකයන්ගෙන් යුත් කණ්ඩායමක් සකස් කරනු ලැබිණි. මොවුන් වෙරළ තීරයේ සහ ගොඩබිම් ආරක්ෂක රාජකාරී සඳහා අනුයුක්ත කරන ලදී.
මෙසේ මුහුදු තීරයේ සහ ගොඩබිම් ආරක්ෂක කටයුතු සිදු කළ මේ පිරිස් 1997 වසරේදී විජයබා, වළගම්බා සහ ගජබා යන නම් වලින් නාවික හමුදාවේ ප්‍රථම බලඇණි 3 ලෙසින් ස්ථාපිත විය. මේ සඳහා නිලධාරීන් 49 ක් සහ නාවිකයන් 3000 ක පමණ පිරිසක් අනුයුක්ත කරන ලදී. මෙම බළඇණි සඳහා පුහුණුව යුද හමුදාව විසින් ලබා දුන් අතර, පසුව මෙම බළඇණි 3 ජයසිකුරු මෙහෙයුම සඳහා අනුයුක්ත කරන ලදී.
නාවික හමුදාව ගොඩබිම සටන් ආරම්භ කෙළේ එලෙසින්ය.
2009 වසරේදී මාවිල්ආරුවලින් ආරම්භ වූ අවසන් සටන, මානුෂීය මෙහෙයුමකින් අවසන් වීමත් සමගම නාවික හමුදාවේ මූලික කාර්යභාරයට සහ රාජකාරීන් වලට අනුගත වන ලෙසින් නිලධාරීන් සහ නාවිකයින් 5000 ක ගෙන් පමණ යුක්ත නාවික සෙබළ අංශය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී තිබුණි.
එහි ආරම්භක පියවර ලෙසින් 2016 වසරේ මුල් භාගයේදී ‘භූ ජල තරණ‘ ක්‍රියාන්විත පිළිබඳ දින 45 ක විශේෂ පුහුණුවක් ලබා දෙමින් නාවික පුද්ගලයන් 300 කින් සමන්විත ප්‍රථම ‘භූ ජල තරණ‘ කණ්ඩායම ආරම්භ කරන ලදී.
ඉන් අනතුරුව, නාවික සෙබළ අංශයේ තෝරා ගත් නිලධාරීන්ගෙන් සහ නාවිකයන්ගෙන් සමන්විත ‘මැරීන් ‘බළඇණියක් සකස් කිරීමට යෝජනා විය.
ඒ බළඇණිය ලෝකයේ සෙසු රටවල මැරින් බළඇණිවලට නොදෙවෙනි ලෙසින් ආරම්භ කිරීමට අවශ්‍ය විය. ඒ සදහා ඇෙමරිකාවේ සහයෝගය ලබා ගැනීමට තීරණය කරන ලදී. ඒ පියවර මල්පල ගන්වමින් පසුගිය වසරේ එනම් 2016 මාර්තු මස 29 වන දින ඇෙමරිකානු නාවික හමුදාවට අයත් “බ්ලූ රිජ්” යුද නෞකාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේදී මැරීන් බළඇණිය පිහිටුවීම සහ එහි පුහුණු කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
සාකච්ඡා සාර්ථක වූවා නොව අතිසාර්ථක විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාගේ අදහසකට අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මෙම මැරීන් බළඇණිය ස්ථාපනය කෙරුණි.
මුහුදේ ආරක්ෂාව මුල් කරගෙන සිටි නාවික හමුදාව මේ අනුව මුහුද සහ ගොඩබිම යක දෙකෙහිම නව තාක්ෂණය හා නවීන යුද උපක්‍රම ඔස්සේ සටන් පුහුණුව ලබා ගන්නා ලදී.
එම බළඇණිය සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති මෙම නාවික පුද්ගලයන් දූපත් රාජ්‍යයක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වේ.
ඒ සඳහා මුහුදේ ගැඹුරට ගොස් සතුරාට පහර දීමේ සිට ගොඩබිම ඇතුළත ඕනෑම ගරිල්ලා සටන් ප්රහාරයන් දක්වා ක්‍රියා කිරීමට ඔවුන්ට හැකියාවක් ඇත.
ඒ හැකියාවෙන් යුත් ප්‍රථම නාවික හමුදා මැරීන් බළගණයේ පුහුණුව ලැබූ නාවික නිලධාරීන් සහ නැවියන් 164 දෙනකුගේ විසිර යාමේ පෙළපාළිය පසුගියදා සිදු කෙරුණේ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ මොල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදීය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බළගණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 6 දෙනෙකු සහ නාවිකයන් 158 දෙනකු සිය පුහුණුව නිමකොට එදින විසිර යන ලදී.
මුල්ලිකුලම් හි පිහිටි, පැවති එම විසිරයාමේ සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදාධිපතිතුමාගේ ආරාධනයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය. එසේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිෂාන්තද සිල්වා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති සහ විදේශීය ආරක්ෂක හමුදා ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇතුළු විශාල පිරිසක් ද එම අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.
ඉතා ආකර්ෂණීය සරඹ සංදර්ශනයකින් සහ මැරීන් බළගණයේ නාවික පුද්ගලයන්ගේ දක්ෂතා විදහා දැක්වෙන ඉදිරිපත් කිරීමකින් සමන්විත වූ මෙම විසිරයාමේ පෙළපාළියේදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන රටක් වන ශ්‍රී ලංකාවේ හමුදා ජයග්‍රහණ අප හොඳින් දන්නා බවත් පසුගිය යුද සමයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක බළකායට අයත් සියලුම රණවිරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් තම රාජකාරිය ඉටු කිරීම කිසිදා අමතක කළ නොහැකි බවත්ය.
දූපත් රාජ්‍යයක් වශයෙන් අප රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව එදා මෙදා තුර අනගි සේවාවක් සිදු කළ බව එතුමා එහිදී විශේෂයෙන් සඳහන් කරන ලදී. එමෙන්ම නාවික හමුදාව, තමන් වෙත පැවරෙන ඕනෑම භාර දූර කර්තව්‍යයක් නොපිරිහෙලා ඉටු කිරීමට හැකි හමුදාවක් බව ද එතුමා පැවසූ අතර මැරීන් බලකාය ස්ථාපිත කිරීම සඳහා ඇෙමරිකානු රජය ලබා දුන් සහාය අගය කෙළේය. ඇෙමරිකානු තාක්ෂණය හා පුහුණු උපදේශ ඒ අතර විශේෂ වැදගත් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම මහඟු කර්තව්‍යයට උර දුන් නාවික හමුදාපතිතුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා අනාගතයේදී මෙම මැරින් බළකායේ අභිවෘද්ධිය උදෙසා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අවශ්‍ය සෑම පහසුකමක්ම සැලසීමට රජය සූදානම් බවද එතුමා පෙන්වා දුන්නේය.
සේයාරූ - සුදත් මලවීර
තාරක වික්‍රමසේකර