අනාවැකි කියන්නේ සුපිරි දක්ෂතා ඇති අය මනෝ විද්‍යාඥයෝ කියති | සිළුමිණ

අනාවැකි කියන්නේ සුපිරි දක්ෂතා ඇති අය මනෝ විද්‍යාඥයෝ කියති

ලංකාවෙත් මෙහෙමද?

අනාගතය ගැන සැබෑ අනාවැකි කිව හැකි හොඳම ක්‍රමය කුමක්ද? අනාගත ලෝකය‍ේ ඇතිවන සිද්ධීන් පිළිබඳව සත්‍ය අනාවැකි කිව හැකි සුළු පිරිසක් සිටින බව මේ පිළිබඳව විමර්ශනය කරන ඩේවිඩ් රොබ්සන් නම් විද්‍යාඥයා පෙන්වා දෙයි. ඔහු කරන විශ්මය ජනක ප්‍රකාශය වන්නේ ඉන් කෙනෙකු ඔබ විය හැකි බවයි.

මෑතක දී ලෝකය කැලඹූ සිදුවීම් පිළිබඳව ඔබ සිතා බලන්න. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයකු වේ යැයි හෝ මහින්ද රාජපක්ෂ මහතා ජයගනු ඇතැයි හෝ ඔබ සිතුවාද? එසේ නැතහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතිවේයැයි හෝ සිතුවාද? රටින් බැහැරට ගියහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිධූරයට පත්වීම හෝ බින් ලාඩන්ගේ මරණය ගැන කිසියම් සිතිවිල්ලක් හෝ ඔබගේ සිතේ පහළ වූවාද?

මේ සිද්ධීන් වූ අන්දම සම්බන්ධව ඔබ කිසිවක් නොසිතා සිටියද ඉදිරියේදී ලෝකයේ සිදුවන දේ පිළිබඳව අරුම නිරවද්‍යතාවකින් දුර දැකිය හැකි සුපිරි අනාවැකි කියන්නකු බවට පත්විය හැකිය. මේ සඳහා සාස්තරකරුවකු හෝ පළපුරුදු දේශපාලන විචාරකයකු වීම අවශ්‍ය නැත.

මේ සුපිරි අනාවැකිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් විවිධ වෘත්තීන්හි නිරත වන සාමාන්‍ය මිනිස්සු වෙති. එහෙත් විස්මය ජනක ලෙස සංවේදී ඉන්ද්‍රියන් මගින් නිශ්චිත තීරණ ගත හැකි අය වෙති.

එම කුශලතාවන් තමා තුළ ඇති බව පවා නොදන්නා සුවිශේෂ මානසික නිපුණතා සහිත සඟවාගත් 'සහජ කුශලතා' අති විශාල සංඛ්‍යාවක් ගත වූ වර්ෂ ගණනාවක් තුළදී මනෝ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ඉන් අදහස් කරන්නේ 'සුපිරි හඳුනාගන්නන්' සිටින බවයි. නිදසුනක් වශයෙන් වසර ගණනාවකට පෙර වුවද වරක් දුටු කෙනෙකුගේ මුහුණුවර හඳුනාගත හැකි අය සිටිති. අනෙක් සහජ දක්ෂතා ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවිතත් එදිනෙදා සිදුවන සෑම දෙයක්ම මතක තබාගත හැකි ස්වභාවයක් සහිත සුපිරි මතක ශක්තියක් හා ගැඹුරු සංජානන ශක්තියකින්ද සමන්විතය.

මේ සහජ කුශලතා බොහෝ සෙයින් ජානවලින් ලැබෙන අතර න්‍යායයන් අනුව අනාවැකි කීමේ හැකියාව ලැබෙන්නේ අත්දැකීම් හා ලබාගත් කුශලතාවලිනි. මේ අතර පැහැදිලිව නිරීක්ෂණයන් ඉතා පහළ මට්ටමකින් කිරීමට ඉහළ පෙළේ දේශපාලන විශේෂඥයෝ නැඹුරු වී සිටිති. ඔවුන් කටයුතු කරන්නේ වාසනාව අනුව ඉබේ සිදුවීම්වලට ඉතා ඉහළින් පමණක් බව මේ ක්ෂේත්‍රයේ විශේෂයකු වන අමෙරිකාවේ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් ටෙට්ලෝන් පෙන්වා දෙයි.

"විශේෂඥයන් කරන පමණටම ඊතල එල්ලයට විදීමට චිම්පන්සියන්ට පවා දක්ෂතාවක් ඇතැයි' ඔහු පවසා තිබේ. විද්‍යා‍යන් විසින් 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතට ඉදිරිපත් කරන ලද එක් සොයාගැනීමක් එසේ ඔහු ප්‍රකාශ කර තිබේ.

අනාවැකි පවසන්නන් සම්බන්ධව රාජ්‍ය බුද්ධි තොරතුරු ආයතන පවා සැලකිල්ලක් දක්වන බව වාර්තා වී තිබේ. එමෙන්ම අනාවැකි කියන්නන් හඳනා ගැනීම සඳහා කරනු ලබන පර්යේෂණ සම්බන්ධවද හමුදා බුද්ධි අංශ උනන්දුවක් දක්වා කටයුතු කළ අවස්ථා ලෝක ඉතිහාසයේ දුලබ නැත. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ අනාවැකි කියන්නන් හඳුනා ගැනීමට විද්‍යාඥයන් පවා යෙදවූ අවස්ථාව අමෙරිකානු ඉතිහාසයේ පැවති බවට පර්යේෂණ වාර්තාවල සඳහන්ය.

එක් පර්යේෂණ වාර්තාවක සඳහන් අන්දමට 'යහපත් විනිශ්චය තීන්දු දීමේ ව්‍යාපෘතිය' යනුවෙන් තරගාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සදහා අනාවැකි කීමේ හැකියාව සහිත පුද්ගලයන් දහස් ගණනක් තෝරාගෙන තිබේ.

මේ තෝරාගැනීම සම්බන්ධව ඔවුන්ට පිළිතුරු දීම සඳහා 2011 සැප්තැම්බර් මාසයේදී රොබට් මුගාබේ ජනාධිපති ධූරය හැර යයිද?' හෝ ‘2012 ජූනි පළමු වැනි දිනට පසුවත් ග්‍රීසිය යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරයිද?‘ වැනි ප්‍රශ්න අසා ඇති අතර ‘ඔව්‘ හෝ ‘නැත‘ යනුවෙන් පිළිතුරු දුනහොත් එමගින් ජීවිතයේ අනියත බව පැහැදිලි නොවන නිසා එම සෑම සිද්ධියක්ම පිළිබඳව සිදු විය හැකි දේ විස්තර කරන ලෙස තරගකරුවන්‍ට දන්වනු ලැබීය.

මේ තරගාවලියට වසර තුනක් ගතවීමෙන් පසුව එහි ප්‍රථම ප්‍රතිඵල මහාචාර්ය ටෙට්‍ලෝන්ගේ කණ්ඩායම විසින් අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පිහිටි මානසික විද්‍යාඥයන්ගේ වාර්ෂික සම්මේලනයේදී මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

මෙහි මූලික අරමුණුවලින් එකක් වූයේ මේ අනාවැකි පවසන්නන්ට සැබෑ ලෙසම ස්ථාවර ලෙස තම කාර්යය සාර්ථකව කරගෙන යා හැකිද යන්නයි. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල විග්‍රහයට ලක් කළ මාහාචාර්යවරයා ඇතුලු කණ්ඩායමේ අවසන් නිගමනය වී ඇත්තේ පරීක්ෂණයට ලක් වූ තරගකරුවන්ගෙන් සියයට දෙකක් සුපිරි මට්ටමේ අනාවැකි කියන්නන් බවයි. සෙසු තරගකරුවන්ට වඩා මේ පිරිස ප්‍රකාශ කළ අනාවැකි සිව් ගුණයකින් නිවැරැදි බව පර්යේෂණයේදී සනාථ විය.

කෙනෙකු බලාපොරොත්තු වන ආකාරයටම මේ ශූර අනාවැකි කියන්නන් අනෙක් සාමාජිකයන්ට වඩා ඇදහිය නොහැකි අනාවැකි ප්‍රකාශ කළ අතර එයට අමතරව ඔවුන් සතුව තවත් දක්ශතා තිබූ බවද සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් විය. එනම් ඔවුන් නව අදහස්වලින් යුක්ත වීම, දෛනික ජීවිතයේදී ලිබරල් දේශපාලන මත සහිත වීම මනෝ විද්‍යාවට අනුව ජීවිතයේ අනියත බව මනා‍ ලෙස පිළිබිඹු බව මතවාදයක සිට කටයුතු කිරීම ඒ අතර ප්‍රමුඛ කාරණා විය.

මාහාචාර්ය ටෙට්ලෝන් පෙන්වා දෙන පරිදි අනාවැකි කීමට ආධාර වන තවත් ලක්ෂණයක් නම් එය කියන්නා තුළ තමාගේ දෝෂ වටහා ගැනීමේ හැකියාවක්ද පැවතීමයි.

කෙ‍ේ වුවද අනාවැකි කියන්නන් බිහි කළ නොහැකි බවත් ඔවුන් ස්වභාවයෙන්ම එම හැකියාව ලබා ගෙන සිටින්නන් බවත් මහාචාර්ය ටෙට්ලෝන් වැඩිදුරටක් පෙන්වා දී තිබේ.

Comments