
මුළු ලෝකයම කෝවිඩ් වසංගතයේ ගිලී යද්දී දකුණු කොරියාව පමණක් රටේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් එරට මහමැතිවරණයද පැවැත්වීමට කටයුතු යෙදීය. මෙය බොහෝ දෙනාට විස්මයට කරුණක් වූයේ මැතිවරණය පැවැත්වීමෙන් පසුව ද දකුණු කොරියාවේ කොවිඩ් වසංගත ව්‍යප්තියේ කිසිදු වර්ධනයක් දක්නට ෙනාලැබීෙමන්. සැබවින්ම දකුණු කොරියාව මේ මැතිවරණය සාර්ථකව පැවැත්වූෙය් කෙසේද? දිනකට දහස් ගණන් ජනතාව මියයන වසංගයක් සාර්ථකව පාලනය කිරීමටත්, ඒ අතර තම දෛනික කටයුතු සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යෑමටත් දකුණු කොරියාව ලෝකයේ සෑම රටකටම ආදර්ශයක් වන බැවින් ඒ සම්බන්ධව කරුණු සොයා බැලිය යුතුමය.
චීනයේ අසල්වැසියකු වුවද දකුණු කොරියාව අමෙරිකාවේ සුහද මිතුරෙකි. එමෙන්ම කොරියානු ආකෘතිය ලොවට හදුන්වා දෙමින් සාර්ථකව තම අනන්‍යතාව ලෝකයේ සෙසු රටවල් අතර කැපී පෙනෙන ලෙස ස්ථාපිත කිරීමට සමත් වූ රටකි. ධනවාදී ආකෘතියට අනුව හැඩගැසුණු පක්ෂ දේශපාලනයක් පවතින දකුණු කොරියාව තම රටේ පමණක් භාවිත වන දකුණු කොරියානු භාෂාවට මුල් තැනදී කටයුතු කිරීම හේතුවෙන්ද ලෝකයේ සෙසු රටවල් අතර කැපී පෙනීමට ලක්වූ රටක් බවද සිහිපත් කළ යුතුය.
ඒ අනුව ඔවුන් සතුව ඉතා ශක්තිමත් සමාජ දේශපාලනික යාන්ත්‍රණයක් සහ ඒ හා බැදුණු ආරක්ෂක, සෞඛ්‍ය, ජනමාධ්‍ය ඇතුළු සේවාවන් රැසක්ද, ප්‍රමාණවත් මූල්‍ය බලයක්ද වන බව සිහිපත් කළ යුතුය.
දකුණු කොරියාව ප්‍රධාන පක්ෂ දෙකක සහ සුළු පක්ෂ රාශියක ක්‍රියාකාරීත්වයකින් යුතු රටකි. එම ප්‍රධාන පක්ෂ දෙක ඩිමොක්‍රටික් පක්ෂය සහ එක්සත් අනාගත පක්ෂයයි. මේ හැර තවත් සුළු පක්ෂ රාශියක් දකුණු කොරියාවේ ක්‍රියාත්මක අතර ව්‍යවස්ථාවට අනුකූලව නියමිත කාලයේදී මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙන යෑම සම්බන්ධව ලෝකයේ මුල් පෙලේ රටවල් අතරට දකුණු කොරියාවද අයත් වේ.
මෙවර ඔවුන්ගේ 21වැනි මහමැතිවරණය පැවති අතර එහි අභියෝගය වූයේ ලොව පුරා වසංගතයක් පැතිර යන අවස්ථාවේදී එය සාර්ථකව පැවැත්වීමය.
කොවිඩ් 19 චීනයෙන් බැහැරව ව්‍යප්ත වීම ඇරඹුණු මුල් දිනවල ප්‍රධාන වශයෙන්ම ලෝකයේ රටවල් තුනක් වසංගතයෙන් දැඩිව පහර කෑමට ලක් විය. එනම් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවයි. දකුණු කොරියාවේ තේගුන් නගරයෙන් රෝගය දැඩි ලෙස රට පුරා පැතිර යෑමට වූ අතර ආසාදිතයන් සංඛ්‍යාවද, මරණ සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. ආසාධිතයන් සංඛ්‍යාව වැඩිවත්ම චීනයෙන් දකුණු කොරියාවට ආධාර ලැබුණු අතර වෛද්‍ය කණ්ඩායම්ද දකුණු කොරියාව බලා යැවීමට චීනය කටයුතු කළේය. එහෙත් රෝගය පාලනය කිරීමට දකුණු කොරියාවට එයම ඉවහල් වූ බව පැවසිය නොහැකිය. මන්ද යත් කොවිඩ් යනු ජනතාවගේ පැවැත්ම මත තීරණය වන රෝගයක් බැවිනි.
මාර්තු මාසය ගෙවී යන විට රෝගය සම්පූර්ණයෙන් පාලනය කිරීමට දකුණු කොරියාවට හැකිවූ අතර එයට මූලික හේතුව එරට රජයේ සංවිධාන ශක්තිය, ශක්තිමත් සෞඛ්‍ය සේවය මෙන්ම ජනතාවගෙ විනයගරුක බවද එක්ව කැටිවූ යහපත් වාතාවරණයයි.
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පසුගිය අප්‍රේල් 5වැනිදා මහමැතිවරණය පැවැත්වීමට යෙදුණු අතර එය ලෝකයේම පුදුමයට කරුණක් විය. එයට හේතු වූයේ ලෝක මට්ටමින් පැතිර යන වසංගත රෝගයක් අතරතුර මහමැතිවරණයක් පැවැත්වීම එතරම් පහසු කරුණක් නොවන බැවිනි.
දකුණු කොරියානු මාධය පමණක් නොව විවිධ අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට මැතිවරණය පැවැත්වීමට ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් දකුණු කොරියාව සතු විය. ඒ අතරින් අංක 1 යටතේ ඔවුන් දක්වා තිබුණේ ඒ වන විටත් දකුණු කොරියාව රෝගය පාලනය කර තිබීමය. කොවිඩ් යනු සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඉවත් කළ නොහැකි, එහෙත් පාලනය කිරීමකින් පසුව ජන ජීවිතයද පවත්වාගෙන යා යුතු වන අන්දමේ වසංගතයකි. මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 10,338කි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාධිතයන්ගේ ලැයිස්තුවේ දකුණු කොරියාව සිටින්නේ ඉතාමත් පහළිනි. මේ රෝගීන්ද මාර්තු මස ආරම්භයේදී වාර්තා වූ රෝගීන්ය. මේ වන විට එරට දෙනිකව රෝගීන් වාර්තා වන්නේ 10කටත් අඩුවෙනි. සමස්ත කොවිඩ් මරණ 243ක් වාර්තා වී තිබුණද රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින් මේ වන විට දෛනිකව මරණ වාර්තා වන්නේ එකක් හෝ ශූන්‍ය වශයෙනි. මේ වන විට ආසාධිතයන්ගෙන් 8,764ක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොවිඩ් රෝගීන් 1,731ක් පමණි. රෝගීන් වාර්තා වීම අඩු වුවද දකුණු කොරියාව මේ වන විටත් නොකඩවා ජනතාව පරීක්ෂාවන්ට ලක් කරමින් සිටින බව වාර්තා වේ. දකුණු කොරියාව මේ වන විට පවත්වා ඇති මුළු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 601,660කි.
කෙසේ වුවද ඔවුන් මැතිවරණය කල් නොදැමූ අතර මැතිවරණය පවත්වන්නේ වසංගතයක් මධ්‍යයේය යන්න මනාව අවබෝධයෙන් යුතුව ඒ සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබේ. ඡන්දය සඳහා සූදානම් වීමේදී මධ්‍යස්ථානවල පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට විශේෂයෙන් කටයුතු යොදා තිබූ අතර ඡන්දය දැමීමට පැමිණෙන මිලියන ගණන් ජනතාවට සෑම අයෙකුමට එක බැගින් මුඛ ආවරණ, රබර් අත්වැසුම් යුවළක් සහ අත් සේදීමට විශබීජ නාශක දියර සපයා තිබිණි. ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ද සඳහා විශේෂ ආරක්ෂක ඇඳුම් සපයා තිබූ අතර ඡන්දය දැමීම සඳහා පැමිණෙන සෑම පුද්ගලයකුගේම උෂ්ණත්වය පරීක්ෂා කිරීමට වෙනම නිලධාරියකු සෑම මධ්‍යස්ථානයකම පත් කර තිබිණි. ශරීර උෂ්ණත්වයේ කිසියම් වෙනසක් දක්වන පුද්ගලයන් වහාම හඳුනාගෙන ඔවුන් මධ්‍යස්ථානය අසල වෙනම ඉඳිකර තිබූ විශේෂ කුටියක් වෙත ගෙන යනු ලැබූ අතර එහිදී ඔවුන්ට වෙනම ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලබා දී වෛද්‍යවරුන් වෙත යොමු කිරීමද සිදු කර තිබේ.
මීට අමතරව රෝහල්වලද ඡන්දය පාවිච්චි කිරීමේ පහසුකම් සපයා තිබූ අතර එමගින් කොවිඩ් ආසාධිතයන්ට සහ වෛද්‍ය කාර්ය මන්ඩලයට ඡන්දය ලබා දීමේ අවස්ථාව උදා කර තිබිණි.
දකුණු කොරියාවේ සමස්ත ජනගහනය මිලියන 51කි. එයින් මිලියන 44ක පිරිසක් ඡන්දය දැමීමට සුදුසුකම් ලබා තිබූ අතර මෙවර මෙතෙක් පැවති ඡන්ද හිමිකම් ලැබෙන වයස් සීමාව වූ වයස අවුරුදු 19, වයස අවුරුදු 18 දක්වා පහළ දැමීමටද බලධාරීන් කටයුතු කර තිබිණි. ඒ අනුව ඡන්ද දායකයින් ප්‍රමාණය තවත් වර්ධනය වීමට එය හේතු විය.
ඡන්දය පැවති අප්‍රේල් 15 වැනි දින රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 14,000ක් ඒ වෙනුවෙන් සූදානම්ව පැවති අතර ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත විධිත්‍රම සමග ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබිණි. උදෑස 6.00 වන විට ඡන්දය දැමීම ආරම්භ වූ අතර ජනතාව කොවිඩ් වසංගතය අමතක කර දමා ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබිණි. පෙර සඳහන් කළ පරිදි ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5ට වඩා වැඩියෙන් පැවති කිසිම ඡන්ද දායකයකුට මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර නොදුන් අතර ඔවුන් වෙනම වූ කුටි කරා යොමු කරණු ලැබීය.
සෑම පැයි බාගයකටම වරක් විෂබීජ නාශක යොදමින් සියලුම ඡන්ද මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් පිරිසිඳු කිරීමට කටයුතු යොදා තිබිණි. මේ විෂබීජ නාශක ඡන්ද පෙට්ටි ආශ්‍රිතවද යොදනු දැකගත හැකිවිය. දකුණු කොරියාවේ ජනගහනය අධික බැවින් එක් මධ්‍යස්ථානයක ඡන්දය සලකුණු කිරීමේ ස්ථාන කිහිපයක් ස්ථාපිත කර තිබූ අතර ඒ සියල්ල මීටරයක දුරින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබිණි.
ඡන්දය පාවිච්චි කිරීමේදී ජනතාවට ලබා දුන් අත් ආවරණ මධ්‍යස්ථානයෙන් පිටව යන විට අසල වූ කසල බඳුනකට දැමීමට ජනතාව යොමු කර තිබුණේ ඡන්දය භාවිත කරන අවස්ථාවේ විෂබීජ දෑත්වල තැවරුණේ නම් එය පිටතට ගෙන යෑම වැළැක්වීමටය. සැබවින්ම දකුණු කොරියාවේ ඡන්ද විමසීම එතරම් දැඩි සෞඛ්‍ය පිළිවෙත් යටතේ ක්‍රියාත්මක විය.
රජය විසින් මෙලෙස ක්‍රියාත්මක කරනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධව දකුණු කොරියානු ජනතාව ඉතා සතුටට පත් වූ බව මාධ්‍ය වාර්තා අනුව පැහැදිලි වේ. ඡන්දය වාර්තා කිරීමට පැමිණි රොයිටර් මාධ්‍යවේදියා හමුවේ අදහස් දැක්වූ මධ්‍යම සියෝල් හි හොන්ජේ- ඩොන්ග් ප්‍රදේශයේ වැසියකු වන 56 හැවිරිදි චොයි සුන්-හ්වා පවසා ඇත්තේ ‘මැතිවරණය කල් නොදැමීම ගැන තමා ප්‍රථමයෙන්ම කණගාටුවට පත් වූ නමුත් ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේ දී එහිවූ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වූ බවයි.
උදෑසන 9.00 වන විට සියයට 8ක ජනතාවක් ඡන්දය භාවිත කර තිබූ අතර එය පසුගිය 2016 මැතිවරණයේදී ඡන්දය භාවිත කළ ප්‍රතිශතයට වඩා සියයට 0.9ක වර්ධනයක් විය. ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබූ කාලය සවස 6ක්වා වූ අතර සවස 6න් පසුව ස්වයං නිරෝධානයනට ලක්වෙමින් සිටි පුද්ගලයන් 13,000කට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
මැතිවරණය පැවති දිනයේදීද දකුණු කොරියානු වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකු එදින අලුතෙන් වාර්තා වූ බව නිවේදනය කර තිබිණි. එහෙත් මිලියන 51ක ජනතාවකට සාපේක්ෂව 27 දෙනෙකු යනු ඉතා සුළු සංඛ්‍යාවක් බවද පැවසිය යුතුමය. මේ වන විට දකුණු කොරියාව කොවිඩ් - 19 ඉතා සාර්ථක ලෙස පාලනය කර තිබුණද එම පාලනය කොයියම්ම හෝ අවස්ථාවක ගිලිහී ගියහොත් යළිත් දරුණු ලෙස රෝගය පැතිරීමට අවස්ථාව පවතින බව විශේෂඥයන්ගෙ මතය වී තිබේ.
කෙසේ වුවද දකුණු කොරියාවේ මේ ආදර්ශය ලෝකයම පුදුම කරවීමට සමත් විය. මන්ද යත් මෙතෙක් සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියේ ඡන්දය පාවිච්චි කිරීමේ මධ්‍යස්ථාන වැනි විශාල පිරිසක් කුඩා ප්‍රදේශයක එකවර ගැවසීම කොවිඩ් වසංගතය පැතිරීමට අනුබල දීමක් යනුවෙනි. එහෙත් දකුණු කොරියාව සාර්ථකව මැතිවරණය පවත්වා පෙන්වා දුන්නේ වසංගතයේ බලපෑමකින් තොරව ආරක්ෂිතව මැතිවරණ පැවැත්විය හැකි බවයි.
මැතිවරණයෙන් පසුව කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්ද වාර්තා නොවූ අතර පාලක පක්ෂය වූ ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර සිටියේය. එරට පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 300න් ආසන 180ක් ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට හා ඔවුන්ගේ සන්ධානයට එක්ව සිටි සෙසු පක්ෂවලට හැකිවිය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට ආසන 151ක් ලබා ගැනීම ප්‍රමාණවත්ය. එහෙත් මෙවර ආසන 180ක දැවැන්ත ජයග්‍රහණයක් ජනතාව එරට පාලක පක්ෂයට ලබා දුන්නේ ඔවුන් රට නිවැරදි මාවතක ගෙන යන බව ජනතාවට තහවුරු වී ඇති බැවිනි. එපමණක්ද නොව කොවිඩ් වසංගතයට ඔවුන් සාර්ථකව මුහුණ දී ජනතාවගේ ජීවිත අති සාර්ථකව ආරක්ෂා කර දුන් අන්දම ද එරට ජනතාව සැලකිල්ලට ගන්නට ඇතිවාට සැක නැත. එබැවින් වසංගතයට සාර්ථකව මුහුණ දුන් දකුණු කොරියාව එමගින්ම ප්‍රජාතන්ත්‍රවාදයද ජයගත් බව කිව හැකිය.