![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/02/24/unp.jpg?itok=SeeZRSXt)
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවරය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ සියලුම නායකයන් අරලියගහ මන්දිරයට කැඳවූ අගමැතිවරයා මේ බැව් දැනුම් දී ඇත.
ආණ්ඩුව ගෙනයාමේ කටයුතු එක් පිරිසක් කරන අතරතුර අනෙක් පිරිස පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වසරේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත. ඉදිරි වසර සඳහා ක්‍රියාකාරි සැලැස්මක් සකස් කර ලබන සඳුදා වන විට භාර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨයින්ට දැනුම් දී තිබේ.
මෙම හමුවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන සභාපති මලික් සමරවික්‍රම, නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරුන්ද, මහා භාණ්ඩාගාරික ඉරාන් වික්‍රමරත්න සහ ලක් වනිතා පෙරමුණේ සභාපතිනි අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ සහකාර ලේකම් රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහත්වරුන් සහ මහත්මීන් සහභාගි වුහ.