හමු­දා­පති යුද්ධ­යට ගියේ අපේ රට වෙනු­වෙන් | සිළුමිණ

හමු­දා­පති යුද්ධ­යට ගියේ අපේ රට වෙනු­වෙන්

• වර්ත­මාන හමු­දා­පති ලුති­නන් ජන­රාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙ­රි­කාව එර­ටට පැමි­ණීම තහ­නම් කර තිබෙ­නවා. ඔහුට බොරු චෝදනා එල්ල කර තිබෙ­නවා. කුමක්ද මෙහි අර­මුණ?

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ­යට ගියේ ඔහු වෙනු­වෙන් පම­ණක් නොවෙයි. ඔහුගේ දරුවෝ පවුල වෙනු­වෙන් නොවෙයි. මේ රට වෙනු­වෙන්. අද මේ රටේ අයට සහ ලෝක­යාට මේක අම­ත­කයි. නාසි­වාදී ත්‍රස්ත­වා­දය විනාශ කර­න්නයි ඔහු කට­යුතු කළේ.

යුද අප­රාධ ගැන කතා කරන ඇම­රි­කා­වට අම­ත­කයි ඔවුන් යුද්ධ ජය­ග්‍ර­හ­ණය කළ අව­ස්ථාවේ ඔවුන්ට එල්ල වුණු චෝදනා. ලෝක ත්‍රස්ත­වා­දය තුරන් කිරී­මට කට­යුතු කළ ශවේන්ද්‍ර සිල්වා වැනි විරු­වන්ට ඇම­රි­කාව ණය ගැතියි.

ඇම­රි­කාව අනුන්ට අත දිගු කිරී­මට පෙර තමන්ගේ ක්‍රියා කලා­ප­යන් සිතිය යුතුයි. ලෝක ත්‍රස්ත­වා­ද­යට උඩ ගෙඩි දීම සඳහා ඇම­රි­කාව මෙලෙස ක්‍රියා කර­නවා. ඔවුන් ලෝකයේ රට­වල් රැස­කම මානව මානව හිමි­කම් විනාශ කර­මින් කිසිදු තේරු­මක් නොමැ­තිව අපිට යුද අප­රාධ චෝදනා එල්ල කරන්නේ.

• එක්සත් ජාතික පක්ෂය ගැටුම් සහ­ග­තව අර්බු­ද­කාරී තත්ත්ව­ය­කට පත්ව තිබෙ­නවා. මේ තත්ත්වය තුළ ඉදිරි මහ මැති­ව­ර­ණ­යට මුහුණ දෙන්නේ කෙසේද?

ඇත්ත­ටම මේක ගැට­ලු­වක් නොවෙයි. මොකද අප මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හැටි­යට පම­ණක් නොවෙයි. අප මහ­මැ­ති­ව­ර­ණ­යට පැමි­ණෙන්නේ පුළුල් ජාතික සන්ධා­න­යක් හැටි­යට. එය විශේ­ෂ­යෙන්ම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­න­යක් කියන එක මම පැහැ­දි­ලිව කිය­නවා.

සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් මෙම සන්ධා­න­යට උතුර, නැගෙ­න­හිර, බට­හිර ඇතුළු මුළු ශ්‍රී ලංකා­වම ආව­ර­ණය වන පරිදි ජාතික බල­වේග, පක්ෂ, ජනතා නියෝ­ජ­න­යන් මේ සඳහා පෙළ ගැසෙ­නවා. සමගි ජාතික බල­වේ­ගය ලෙස අප දැනට මෙය නම් කර තිබෙ­නවා.

• හද­වත ගැන කතා කර­නවා. අලියා පිළි­බ­ඳව පව­ස­නවා. තවත් පිරි­සක් හංසයා ඕන­මයි කිය­නවා. තරග වදින ඡන්ද ලකුණ කුමක් වේද. ඔබ­ලාට ඡන්ද ලකු­ණත් ගැට­ලු­වක් වෙලා නේද?

මේක අර්බු­ද­යක් නොවෙයි. පහ­සු­වෙන් විස­ඳා­ගත හැකි මත ගැටු­මක් විත­රයි. අපගේ පුළුල් සන්ධා­නය පිළි­බ­ඳව වැරදි මත දර­න්නන්ට අපගේ ලකුණ ගැට­ලු­වක් කර­ගන්න එපා කියන එක මම අව­ධා­ර­ණය කර­නවා.

අනික් ප්‍රධා­නම කාර­ණය තමයි ලාංඡ­නය පිළි­බ­ඳව කතා කර­න්නට වෙන්නේ මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු­වයි. මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කරා­යින් පසුව අප සුදුසු ලාංඡ­නය තෝරා ගන්නවා. දැනට හද­වත සහ හංසයා ලාංඡන පිළි­බ­ඳව අපගේ අව­ධා­නය යොමු කරලා තිබෙන්නේ. හංසයා ලාංඡ­න­යෙන් අපි අවස්ථා දෙක­කදී තරග කරළා තිබෙ­නවා. 2015 අපි ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළෙත් හංසයා ලාංඡ­න­යෙන්. එලෙ­සම ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා තරග කළෙත් හංසයා ලාංඡ­න­යෙන්. මෙයින් තේරුම් ගත යුත්තේ හංසයා ලාංඡ­නය පිළි­බ­ඳව ජන­තා­වට යම් මත­යක් මෙන්ම ජන­ම­ත­යක් තිබෙන බවයි. මේ නිසා අප මේ පිළි­බ­ඳව දැඩි අව­ධා­නය යොමු කර­නවා.

• වර්ත­මාන රජය පරා­ජය කර නව රජ­යක් පිහිටු වීමට ඔබ­ලාට හැකි­යැයි දේශ­පා­ලන වේදි­කා­වල නිර­න්ත­ර­යෙන් ප්‍රකාශ කර­නවා. මේ ගැටු­ම්කාරි අර්බු­ද­කාරී තත්ත්වය තුළ කොහො­මද එය සිදු කරන්නේ?

ඕනෑම දේශ­පා­ලන ව්‍යාපා­ර­යක පුද්ග­ල­යෙ­කුගේ ප්‍රධාන අර­මුණ විය යුත්තේ දේශ­පා­ලන බලය ලබා ගැනී­මයි. බලය ලැබෙන්නේ නැත්නම් එම දේශ­පා­ලන ව්‍යාපා­රයේ නම, ලකුණ, නාය­ක­යින්, අතීත පර­ම්ප­රාව, එහි නිර්මා­තෘ­ව­රුන් කිසි­වක් වැද­ගත් වන්නේ නැහැ.

ඉතින් එක්සත් ජාතික පක්ෂ­යට දැන් දශක දෙක­හ­මා­රක ආසන්න කාල­යක් තනි­වම බලය පිහි­ටුවා ගන්න බැරි වෙලා තිබෙ­නවා. මා හිත­නවා ඒ පාක්ෂි­ක­යන් අතර දැන් සංවා­ද­යක් ඇති කර ගත යුතුයි. මොකක්ද මේකට හේතුව, මෙය වෙනස් කර ගන්නේ කොහො­මද කියන එක. ඒ සඳහා තිබෙන මාර්ගය කුමක්ද? සංවා­ද­යක් ඇති කර ගත යුතුයි.

මා හිත­නවා අනෙක් පැත්තෙන් මේ රටේ මහත් වූ ජන­මාධ්‍ය ක්‍රියා­ව­ලි­යක ප්‍රති­ඵ­ල­යක් හැටි­යට තමයි ජන­තාව මුලා කර­මින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති වර­ණය ජය­ග්‍ර­හ­ණය ලැබුවේ. ඒ මුලාවේ දිගු­වක් තමයි මේ ඉදිරි මහ­මැ­ති­ව­ර­ණ­යෙන් කරන්න යන්නේ. ජන­තාව බලා­පො­රොත්තු වුණු විදි­යට ‘සිස්ටම් චෙන්ඡ්’ එක වෙලා නැහැ.

• බැඳු­ම්කර සිද්ධි­යට අදාළ අත්අ­ඩං­ගු­වට ගැනීම් හෝ ඒ සම්බ­න්ධව වර්ත­මාන රජයේ ක්‍රියා කලා­පය පිළි­බ­ඳව ඔබගේ අද­හස?

බැඳු­ම්කර මග­ඩිය සිදු වෙලා තිබෙන්නේ 2008 වසරේ සිට. එය මේ මෑතක හෝ යහ­පා­ලන රජයේ පැවැති සමයේ පම­ණක් සිදු වුණු එකක් නොවෙයි. මේ වන විට වෝහා­රික විග­ණන වාර්තා අනුව මේ පිළි­බ­ඳව හෙළි­ද­රව් වෙනවා. අප රජය පැවැති සමයේ අප මෙයට විරු­ද්ධව ක්‍රියා කළා. මේ නිසා අපි අභි­යෝග කර­නවා මේ රජ­යට හැකි ඉක්ම­නින් බැදු­ම්කර මග­ඩි­යට හවුල් සිය­ලුම පාර්ශ්ව­යන් පිළි­බ­ඳව රටට හෙළි කර­න්නට කියලා.

• ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ලක්ෂ 69 ක් ලබා ජනා­ධි­ප­ති­ව­රයා බවට පත්වෙ­නවා. ඔබ පක්ෂ සහය ලබා­දුන් සජිත් ප්‍රේම­දාස මහතා අන්ත පරා­ජ­ය­කට ලක් වෙනවා. මේ තත්ත්වය අද වන විට ඔබ දකින්නේ කෙසේද?

අපගේ යහ­පා­ලන රජයේ පාල­නය පිළි­බ­ඳව විවි­ධා­කාර ගැටලු තිබුණා. අප පරා­ජය වීමට ප්‍රධාන කරු­ණක් ලෙස මා එය දකි­නවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් යහ­පා­ලන කාලය තුළදී එක්සත් ජාතික පක්ෂය වෙනු­වෙන් කැප කිරීම් කළ ජන­තා­වට අසා­ධා­ර­ණ­යට ලක් වූ පාක්ෂි­ක­යන්ට යුක්තිය ඉටු වූයේ නෑ කියන එක මගේ මත­යයි.

‍පොදුවේ ගත් කළ රජ­යට 2015 දී දූෂ­ණ­යට එරෙ­හිව ක්‍රියා කිරීම සඳහා ලක්ෂ 20 කට ආසන්න ජන­තා­වක් ඡන්දය ලබා දුන්නා. මෙන්න මේ ජන­තා­වට අතුල් පහ­රක් එල්ල කළා. බැඳු­ම්කර වංචාව ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය මෙන්ම එම සන්ධා­න­යට එක්ව සිටි ලක්ෂ විස්සක පමණ වන ඡන්ද දාය­ක­යින් අප­ගෙන් ඉවත් වුණා. ඔවුන් අව­සා­න­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ පැත්තෙම නතර වුණා. එයට සම්පූ­ර්ණ­යෙන්ම වග කිව යුත්තේ දුෂ­ක­යන් සමඟ එක් වී දුෂ­ක­යන් සමඟ ඩීල් දාගත් අය. ඒ අය අලො­සි­ය­ස්ලාගේ සාක්කු­වට වැටුණු කට්ටිය. මෙලෙස සාක්කු­වට වැටුණු අය අපගේ පාර්ශ්වයේ විත­රක් නොවෙයි. වර්ත­මාන රජයේ පාර්ශ්ව­යෙන් සිටි­නවා කියන එක මම අව­ධා­ර­ණය කර­නවා.

ඒ වගේම මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා තමන්ගේ පක්ෂයේ දේශ­පා­ල­නය විත­රක් සිදු කර­න්නට පටන් ගත්තා. අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන අතර දිනෙන් දින ගැටුම් උග්‍ර වුණා. මේ හේතුව නිසා ජන­තා­වට යහ­පා­ලන රජය දිනෙන් දින එපා වුණා. අව­සාන වශ­යෙන් සහ­රාන්ගේ ප්‍රහා­රය වළ­ක්වා­ගැ­නී­මට තිබූ අව­ස්ථා­වක් එයත් බල­පෑවා.

Comments