
අද අපි දේශනා කරන්නට ෙදුනේ සංයුක්ත නිකායේ පංචාල ඡන්ඩ සූත්‍රයයි.
මේ පංචාල ඡන්ඩ කියලා කියන්නේ දිව්‍ය පුත්‍රයෙක්. සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ බුදුරජාණන්වහන්සේගේ කාලයේ හිටපු දිව්‍යපුත්‍රයෙක්. බුදුරජාණනන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ දී වැඩවෙසෙන කාලයේදී තව දිව්‍යපුත්‍රයන් විශාල පිරිසක් පිරිවරාගෙන ජේතවනාරාමයට පැමිණියා.
බුදුරජාණන් වහන්සේට ආදරයෙන් ගෞරවයෙන් එකත්පස්ව හිදිමින් මේ පණ්චාල ඡන්ඩ උන්වහන්සේගේ ඉදිරියේදි ගාථාවක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේගෙන් මේ ගාථාවක් විදිහට අහන්නේ ප්‍රශ්න. ඇවිත් උන්වහන්සේ ඉදිරියේ මෙසේ ප්‍රකාශ කරනවා. කටුවක් ඇනිච්ච කෙනෙක් කටුවකින් ම ඉවත් කරනවා වගේ ගථාවකින් ම ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සමහර වෙලාවකට මේ ගාථාවකින් අහන ප්‍රශ්නයට ගාථාවකින් ම පිළිතුරු දෙනවා.
සමහරු ගාථාවකින් අහන්නේ තමන්ගේ අදහස. උන්වහන්සේ මේ සියල්ල හොඳින් අහගෙන ඉන්නවා. ඒ දිව්‍ය පත්රයා තමන්ගේ අදහස ගාථාවකින් කියන විට එය පිලිකුල් කරන්නේ නැහැ. ප්‍රතිකේෂ කරන්නේ නැතුව තමන්ගේ අදහසත් පිළිතුර ගාථාවකින් ඉදිරිපත් කරනවා.
අපි මෙහිදි කතා කරන්නේ පංචාල ඡන්ඩ ඇවිල්ලා බුදුන්වහන්සේට මොකක්ද කියන්නේ කියලා.සංඩාකේ වත ඕකං අවින්දි බූරිනේ යසෝ මේ ලෝකයේ ඉන්නවා මානය දුරු කරන ලද අය. මම උසස්, මම උගත් කියලා හිතන අදහස දුරු කරපු අය ඉන්නවා. මේ අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදුන්වහන්සේ ධ්‍යාන අවබෝධ කළා. මානය දුරු කරපු අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ එය අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ ඒ බාධා තිබියදී තමයි එය අවබෝධ කරගත්තේ කියලා දිව්‍යපුත්‍රයා ප්‍රකාශ කළා. එයයි බුදුරජුන් ඉදිරියේ ප්‍රකාශ කළේ. කෙටියෙන් ම මතක් කළොත් ඒ අදහස මානය දුරු කළ අය අතර ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ ධ්‍යාන අවබෝධ කළා.
උන්වහන්සේ මෙය අහගෙන හිටියා ඉන් පසුව ප්‍රකාශ කරනවා සම්බා දේ වාතී වින්දන්ති ධම්මං නිබ්බාන පත්තියා යේ සතින් පච්චලත් තුන්සූ සම්මාතේ සුසමාහිතා ...' උන්වහන්සේ තමන් වහන්සේගේ අදහස ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් නිවන් දකින්නට ඕන කියලා සිහිය උපදවා ගත්තොතින් බාධා තිබුණත් ධ්යානව උපදවා ගන්න පුළුවන්.
බුදුරජාණන්වහන්සේ කියනවා ඒ තැනැත්තාගේ හිතත් හොඳින් සමාහිත වෙලා කියලා කියනවා. මේ දිව්‍ය පුත්‍රයාට මේ ශාසනය පටන්ගත්ත දින පටන් අනාගතයේ සාසන අන්තර දහනය වන තුරුම මේ බුද්ධ සාසනයෙ බිහිවන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසටම මහ පුදුම වටින අවවාදයක් දෙනවා.
මොකක්ද මේ අවවාදය; නිවන් දකින අදහසින් සිහිය පිහිටුවා ගත්තොතින් කොතරම් බාධා ආවත් සමාධියක් උපදවා ගන්නට පුළුවන් කියලා බුදුන්වහන්සේ දේශනා කරනවා. මේ උතුම් පණිවුඩය අපිට සිහිපත් කරනවා; අපේ හිතේ නිවන් දකින ප්‍රාර්ථනව තියනවා නම් සමථ විදර්ශනාව මත සිහිය පිහිටුවන්නට පුළුවන් නම් අපිට සමාධියක් ලබන්න පුළුවන් කියලා කියනවා.
මෙය අහන කෙනාගේ සිත කොයිතරම් විර්යයවන්ත වෙනවාද බලන්න. ශාස්තෘෘන් වහන්සේ කියනවා නම් ඔබ නිවන් දකින අදහසින් සිහිය පිහිටුවනවා නම් ඔබට පුළුවනි සමාධියක් ලබන්න කියලා; අපිට තව කවර කතාවක්ද? මගේම විමුක්ති දායකයන් වහන්සේ මට එහෙම කියනවා නම් ඇයි අපි එය කල් දාන්නේ. ඔබටත් ඒ ගැන හිතන්නට කාලය ඇවිල්ලා.
ඉතින් අපි බලමු මේ නිවන් දකින අදහසින් සිහිය පිහිටුවාගෙන අපේ ජීවිතය තුළ සමාධියක් උපදවා ගන්නේ කෙසේද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි යම් කිසි සමාධියක් ලබන්න; හිතේ තැන්පත් බවක් ලබන්න යම් කෙනෙක් කැමැති නම් එයා කළ යුතු භාවනාවක් තියෙනවා; සමථ භාවනාව කියලා. තමන්ට හිතුණ පමණින් ම සමථයක් වඩන්න ඕන කියලා හිතුවට එක පාරට සමථය වඩන්න පුළුවන් කමක් නැහැ. ඉස්සර වෙලාම කළ යුතු වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙලේ පළමු දේ තමයි; පන්සිල් සමාදන් වෙලා තමන් සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නට ඕන.
සීලයේ අඩුපාඩු තිබුණොත් භාවනා කළාට හිත සමාධිගත වෙන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ ගෙන් ආනන්ද තෙරුණ් වහන්සේ ඇහුවා දිනක්, භාග්‍ය වතුන්වහන්ස! මොකටද සීලය තියෙන්නේ කියල. ඒ අවස්ථාවේ කියනවා ආනන්දය! සමාධිය පිණිසයි. සිල්වත් නැති කෙනාට භාවනා කළාට හිතේ සමාධියක් පිහිටුවා ගන්නට බැහැ; හිත තැන්පත් කරගන්නට බැහැ. ඒ නිසා සිල්වත් බව හිතේ ඇති කරගන්නට ඕන. භාවනා කරන්නට පෙර පන්සිල් සමාදන් වෙන්ට ඕන.
පන්සිල් සමාදන් වුණාට මදි; උන්වහන්සේ අපිට කියලා දෙනවා කරන්නට ඕන මොනවද කියලා. සමාදාය තික්ඛති සික්ඛා පදේසූ... සමාදාය: මුලින් සමාදන් වෙන්ට ඕන; ඉන්පසුව 'සික්ඛති': හික්මෙන්නට ඕන. ඉන්පසු සික්ඛා පදේසූ සික්ෂා පදය තුළ හික්මෙන්නට ඕන . බලන්න උන්වහන්සේ අපිට උගන්නපු හැටි; අපි දන්නේ හික්මෙන ටික විතරයි. නමුත් හික්මෙන්නට ඕන සික්ඛා පදය තුළයි. එය අපි අපේ හිතට ගත්තේ නැහැ. ප්‍රායෝගික ජීවිතයට ගත්තේ නැහැ. ඒ නිසා අපිට සික්ඛා පද රැක ගන්නට බැරිව ගිහිල්ලා. ඒ නිසා සීලය සමාදන් වෙන්නට ඕන; සික්ඛා පද තුළ හික්මෙන්නට ඕන. ඒ තුළයි භාවනාව අරම්භ කරන්නට ඕන.
භාවනා කරන කෙනෙක් දත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. භාවනා කරන්නට පෙර අපි කළ යුතු වැඩ කොටසක් තියනවා. මෙය බුද්ධ ශාසනයේ හඳුන්වනවා, පුර්ව කෘත්‍ය කියලා. මුලින් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ට වන්දනා කරන්නට ඕන තෙරුවන්ට ජීවිතය පුජා කරන්නට ඕන. ලොකු අරමුණකටයි මේ ජිවිතය පුජාකරන්නේ. මම උදාහරණයක් කියන්නම්, එක් මනුස්සයෙක් ඉන්නවා, එයාට ගොඩක් වටින රෙද්දක් තියනවා, පුදු ම විදිහට පරිස්සම් කරනවා මේ වටිනා රෙද්ද. ඔහු අරගෙන ගිහින් මහා සංඝ රත්නයට ආදරයෙන් ගෞරවයෙන් පුජා කරනවා. උන්වහන්සේ මේ රෙදි කඩ බිමට එළලා හතර කොනට කූඤ්ඥ හතරක් ගහනවා.
එහෙට මෙහාට වෙනවාට උන්වහන්සේ ඉන්පස්සේ දැලි නූල් ගහනවා. ඉන් පසු දැලි පිහියකින් නූළක කොනක් කපලා දෙපැත්තට අදිනවා. මේ දැලි නූල් ගහනවා, කෑලි කෑලිවලට කපනවා දකිනකොට මේ තැනැත්තාගේ හිතට සතුටක් දැනෙනවා.
අද මම පූජා කළ මේ රෙද්ද හෙට චීවරයක් බවට පත්වෙනවා. මගේ තථාගතයන් වහනසේගේ අනුගාමික නමක් මේ සිවුර පොරවගෙන සිල්වත්ව, ගුණවත් ව ගමන් කරමින් සසරින් මිදිමට ගමන් කරනවා. මේ සිවුර පොරවගෙන භාවනා කිරීමට ප්‍රථම මුළු හදවතින් ම උන්වහන්සේට මුළු ජිවිතය ම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට පූජා කළාම, මේ ශරිරයට දුක දැනුණාම හිතෙනවා;
මම වාඩි වුණේම භාවනාවට, ත්‍රිවිධ රත්නයට ජීවිතය පුජා කරලයි කියලා. මේ ත්‍රිවිධ රත්නයට යි මෙය අයිති කියලා වේදනාව ඉවසන්න පුළුවන් මහ පුදුම ශක්තියක් ධෛර්යයක් ඇති වෙනවා. එයටයි ජිවිතය පුජා කරන්නේ. ඉන්පසුව මෛත්‍රී වඩන්නට ඕන. ගහන්න මරන්න හිතෙන්නේ නැහැ. අතපය රිදුණත් තරහා යනවා. පොඩි සද්දයක් ඇහුණාත් තරහා යනවා.
අකමැතිතා එනවා, ද්වේෂය එනවා, ටිකක් මෛත්රිවඩලා භාවනාව කළාම මේ තත්ත්වය මඟ හැරෙනවා. භාවනා කරන කාලය තුළදි රාගයෙන් අධික පිඩාවට පත් නොවී මේ භාවනාවට කාලය ගත කරන්නට ඔබට පුළුවන්. ඉන් පසු කළ යුතු වන්නේ මරණ සතිය මෙනෙහි කිරීමයි.
ජිවිතය අනියතයි, මරණය නියතයි කියලා මෙනෙහි කිරිමේන් විර්යය වැඩෙනවා. ඉන් පසුව භාවනා මනසිකාරයකට ඔබේ සිත යොමු කරන්නට ඕන. මේ විදිහට භාවනාවක් කරද්දි එහි මූලික පසුබිම සකස් කරගන්නට ඕනමයි. අපි මේ කටයුතු වලදී නිවැරදි ලෙස වාඩිවෙන්නට ඕන; අර්ධ පරියන්කයෙන් වාඩිවෙන්නට ඕන; කොන්ද ඍජුව වාඩි වෙන්නට ඕන. වම් අත මත දකුණු අත තබා ගන්නට ඕන.
මේ දේවල් නිවැරදි ව කරමින් ආනාපාන සතිය සහ මෛත්‍රි නිවැරදිව වැඩිය යුතුයි. පුරුදු කරන භාවනා කමටහනක් මෙනෙහි කරන්නට ඕන.
ඉන්පසුව කාරණා හතරක් මුල්කරගෙන ඉතා කැමැත්තෙන් යුතුව භාවනාව අරමුණු කරන්නට ඕන. ඡන්දස් උප්පද්දවා කැමැත්ත අරමුණු කරගෙන විර්යෙන් යුතුව උත්පාදනය කරන්නට ඕන. අපි හිතනවා හුස්ම වලට හිත යොමු කරනවා කියලා. නිකං අරමුණු නැතුව එසේ සිතීම කරන්නට හොඳ නැහැ . එය අරමුණු ඇතුව කල්පනාවෙන් වීර්යෙන් කළ යුතුයි.
විර්යන් උප්පාදිත්වා කියලා එයට කියනවා. චිත්තං උප්පන් දිත්වා මනසි කරෝති... කියන්නේ චිත්තය උත්පාදනය කරමින් අධිෂ්ඨානයෙන් යුතුව මනස ක්‍රියාත්මක කිරීමයි. නිවන් දැකීමේ අරමුණයි; අධිෂ්ටානය විය යුතු වන්නේ. චිත්තං උප්පාදිත්වා විමන්සං උප්පා දෙත්වා.... නුවණින් යුතුවයි මෙනෙහි කරන්න ඕන. නුවණින් තොරව මෙනෙහි කළහොත් තමන්ටවත් දැනෙන්නෙ නැහැ. අරමුණකට හිත යනවා කියලා ඉන් පසුව ටික වෙලාවකින් අරමුණට හිත එන්නට පුළුවන්.
මගේ හිත ලිහිල් විර්යය කියලා මෙනෙහි කරනවා නම් ඉතා වටිනවා. ආයෙමත් භාවනා කරන්නට පටන් ගන්නවා. සමහර විට ඉතා හොඳින් භාවනා කරන් යන්නටත් පුළුවන් . එවිට කරන්නට ඕන අපාය ගැන හිතලා හිත බයට පත් කරන්න.
ඒ නිසා අපායට යන කෙලෙස් ටිකවත් නැති කරන්න පුළුවන් වෙන්න කියලා හිතනවා. එසේ නම් මම මැරිලා අප්‍රමාණ නිරයවල් ටිකක් තියනවා; ඒ නිරයවල් වල උපදින්න පුළුවන් කියලා හිතන්නට ඕන.
බුද්ධ ශාසනයේ එක්තරා වැද්දෙක් මහණ වුණා. එයාට අධික වතුර පිපාසයක් හැදුණා. කල හැටක වතුර තිබුණා කල හැටේම වතුර ඔහුට පේන්නේ නැහැ. රහතන් වහන්සේලා නිදා ගන්නකම් ඉඳලා ඔහුට වතුර පෙව්වා. පුදුම පිපාසයක්. ඒ පිපාසය සංසිඳුණේ නැහැ; රහතන් වහන්සේලාට කිව්වා, ස්වාමීනි මාව බේරගන්න කියලා.
අපාය ගැන තේරැම් අරගෙන භාවනා කරන්න කියලා අපාය කෙබදුද කියලා ඔහු ප්‍රශ්න නඟනවා. රහතන් වහන්සේලා ගිනි පුපුරක් ගන්නවා; ඍද්ධි බලයෙන් මෙය දරගොඩ ගිනි ගත්තා සැණින්. අපි වුණත් මේ විදිහට අපිටත් හින වීර්යය ඇති වෙලාවේ භයට පත්වෙන්නට ඕන. අපි භාවනා කමටහන වඩන්න පටන් ගන්න ඕන. නිදිමත එන අවස්ථා එනවා අපි භාවනා කරන විට.
එවිට අපි එය නුවණින් දකින්නට ඕන. මේ ආකාරයට නුවණින් දැනගෙන පුළුවන් නම් මෙනෙහි කරන්නට ඕන. ථීන මිත්තය, ථීන මිද්දය කිය ලා මෙනෙහි කරන්නට ඕන. මේ ආකාරයට එසේ මෙනෙහි කරමින් සිටින විට හිත තැන්පත් වෙනවා නම් හොඳයි. කළයුතු දෙය තමයි; අරමුණ වෙනස් කළ යුතුයි. මෛත්‍රී කරමින් බුදු ගුණ භාවනාව කළ යුතුයි. අරමුණ වෙනස් කර භාවනා කරලා බලන්න ඕන.
අරමුණ වෙනස් කරගෙනත් නිදිමත එනවා නම්, සිහියෙන් ඉරියව්ව වෙනස් කරන්නට ඕන. වේදනාව නිසා ඉරියව්ව වෙනස් කරන්න බැහැ . නමුත් නිදිමත නිසා අරමුණ වෙනස් කරන්නට ඕන. දකිමින් මෙනෙහි එය කරන්නට ඕන. වතුර ටිකක් අරගෙන මුහුණ සෝදාගන්නට ඕන.
මේ ආකාරයට මුහුණ හෝඳගෙන ඉන්පසු කන්දෙක අදින්න ඕන. කන්දෙක රිදෙන්න ඇදලා දකුණු අතේ වම් අතේ බාහුව පිරිමදින්නට ඕන. මේ ආකාරයට ආයෙත් වාඩිවෙන්නට ඕන. ඉන්පසු ව ප්‍රගුණ කළ ධර්මය සංගායනා කරන්නට ඕන.
ඉන්පසුව භාවනා පටන් ගන්නට ඕන, එවිට ථීන මිද්දයෙන් භාවනා කරන්නට පුළුවන්. කිහිප සැරයක් කරලත් බැරිනම් නැගිටින වෙලාව අධිෂ්ඨාන කරලා නිදියන්න ඕන. දකුණු අත ඔළුවේ තියාගෙන නිදා ගැනීම කළ යුතුයි; වම් අත ශරිරය දිගේ තබාගත යුතුයි. මේ වගේ භාවනා කරනකොට තවත් බාධක තියෙන්න පුළුවන්.
හිත විසුරු වනවිට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන මේ භාවනා ව වඩන්නට ඕන. කාම සංකල්පනා එනවා නම් ඒ වෙලාවේදි දේවදුත සුත්‍රය මෙනෙහි කරන්නට ඕන . මේ දේවදුත සුත්‍රයේ තියන විදිහට දුක්විඳින්නට ඕනද කියලා හිත බයට පත් කරගෙන; භාවනාව අරමුණු කරගෙන; භාවනා කරන්නට ඕන. අපි කළයුතු වන්නේ මේ සසරින් එතෙර වීමට නම් භාවනාව ප්‍රගුණ කිරීමයි; කියන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව භාවනාව වැඩිය යුතුයි.