
කේ. කේ. සමන් කුමාරගේ නවතම කාව්‍ය සංග්‍රහය “ඇගෙ නම රතී”නමින් දැන් නිකුත් වී තිබේ. ‘නගා මැරූ අල’, ‘කවි නැවත් කොළඹට’, ‘මගේ පුංචි මාතාහාරි’, ‘ඉතිරි බිතිරි’ යන කාව්‍ය සංග්‍රහයන් මීට පෙර පළ කොට ඇති ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු, පරිවර්තකයකු මෙන්ම ජනමාධ්‍යවේදියකු ද වන කේ. කේ. සමන් කුමාරගේ පස් වන කාව්‍ය සංග්‍රහය වන මෙය ශෘංගාරාත්මක කවි එකතුවකි.