
යාල් දේව් ඔබ
යාල් දේවි යකඩ ගොඩට
ගාල් වුණේ එක රොත්තට
සුරග විරග රණ විරුවෝ
මුදා ගන්න ක්රස්ත මාර
ජීවිත පරදුවට තබා
එදා යාල් පානම්හි
යුද වැදි මහ විරුවෝ මය
කෝච්ච්යේ යකඩ වළලු
සිසිල් අයිස් කැට විලසින්
ඔබට එදා සිසිල බෙදු
වා රැලි හා මුසුව ගියේ
අතිතයක දේශ හිතයිශි බවමය
එකම ධජයක් යටට ගෙන එන
අබිමනින් යුද වදි සිටි ඔබ
එදා සිරුරේ ගැලූ ලේ පොද
පොලෝ තලයට නොහෙළුවත්
අද මෙසේ ඒ රුධිර ධාරා
පේළි අතරේ මුදා හැරියේ
දෛවයේ සරදමට දෝ...
එකම සත්තයය
සදා සත්තයය
උපන්නොත් ලොව
කිසිවෙකුත් හෝ
කෙසේ හෝ මියැදිය යුතුයි
එයයි ලෝකයෙ ධර්මතාව
කිසිවෙකුට හෝ
වෙනස් නොකෙළෙකි
දිවි පිදු විරුවනේ
ඔබට අපි දිවිතුරා
ණයගති වෙමුය
මිනිසත් නාමයෙන්..
කිවිපති, කලාභුෂණ
ඩබ්ලිව්. කේ.
සරත් විමලසිරි
පාතිමා නංගියේ
උඹට මතකයි ද මං පාතිමා නංගියේ
අපි එකම බැච් එකේ සරසවිය කැලණියේ
පර්දාව නුඹෙ ගතට නව හැඩක් එක් කළේ
සොයුරු දම අපි ගාව නැත බිඳුණෙ කිසි දිනේ
හමු වුණේ නැතත් අප සරසවි යුගෙන් පසු
බොඳ වෙලා නැහැ අපේ පෙර මතක සටහන්
කළු වලාවෙන් පසු පාස්කුවෙ ඉරු දිනේ
හිත මගේ වද දෙයි පවසන්න හිත මගේ
ජාතියේ ලේබලය අපි උඹල වෙන් කළත්
එකම ලේ මස් වලින් හැදුණු පංචස්කන්ද
ඉස්ලාම් දහමින් නැතිද හෙළිවෙන්නෙ
මිරිඟුවක් වුණාවත් ද කුරානය සහරාන්ට
නංගියේ උඹත් දැන් සිව් දරු මවක් නේ
අම්මලා දරුවෝ එකම ලේ විලක් මැද
මිනිස් කම නොහඳුනන මේ නරුමයන් හට
මොන දිව්‍ය ලෝකෙද දොරගුළු හැරෙන්නේ
මියන්මාරයේ සිට
ජයසේන කොඩිතුවක්කු
කිමද රැඳුණෙ හදවතේ
කිමද රැඳුණෙ
ලියන්නට බැරි
පදවැලක් වී...
ගයන්නට බැරි
ගීතයක් වී...
වයන්නට බැරි
තාලයක් වී...
කිමද ඇවිදින් රැඳුණෙ
නුඹ මගෙ හදවතේ
සිසිල නොගෙනෙන
සුළං රැළි වී...
එළිය නොමදෙන
තාරුකා වී...
මඟ නොපෙන්වන
වළාකුළු වී...
කිමද අවිදින්
රැඳුණෙ නුඹ මගෙ
හදවතේ මකන්නට බැරි
තනි ඉරක් වී
ලිහන්නට බැරි
ගැට පෙළක් වී
නිවන්නට බැරි
ගින්දරක් වී
කිමද ඇවිදින්
රැඳුණෙ නුඹ
මගෙ හදවතේ
තෙල්මා වයෝමි
ඉතින් පවසන්න කැඩපත
කල් පිරී පත් ලිහන දින දසුන
අසංවේදී බැල්මකින්
දෙනෙත් මා දෙසම
තෙත් බරිත සුසුම්
කැඩපතෙහි ගැටෙන
අඳුරු කෙරුවාද තව
මා දසුන
වියළි චුම්බනයකින් සමු ගෙන
තටු ලැබී ඉගිළ යයි
ඒ දෙනෙත්
මට පෙනී...
නොපෙනෙන්නට
ඉතින් පවසන්න කැඩපත
රඹ පැහැති කොපුල්
සුරත් පෑ ලවන්
වලා කෙහෙරැළි
තැනින් තැන රන් පාට එබෙන
නතර කරනවාද
ඒ දෙනෙත්
මඟ තොට