මේ නැති­වෙලා ඉන්නේ අපේ එකම කෙල්ල | සිළුමිණ

මේ නැති­වෙලා ඉන්නේ අපේ එකම කෙල්ල

මෝටර් රියේ ඉදි­රි­පස දොර විවර කළද ඊට නැ‍ඟෙනවා වෙනු­වට ඔහු නැවත එය වසා දැමු­වේය.

“නංගි කල­බල වෙන්නෙ නැතුව ඉන්න­වද...”

“අයියා කියන්නෙ මහ පුදුම කතා­වක්නෙ... බලු පැටි­යෙක් නැති වුණත් හොය­නවා නේද මිනිස්සු පත්ත­ර­වල හිටං දැන්වීම් දාලා.. මේ නැති­වෙලා තියෙන්නෙ බලු බළල් පැටි­යෙක් නෙමේ අයියෙ... ගෑනු දරු­වෙක්.. අපේ කෙල්ල... අපේ එකම කෙල්ල... අයි­ය­ටයි මටයි දෙන්නට ම ඉන්නෙ ඔච්ච­රයි නේද?”

ළම­යින් හත්අට සිය­යක් පාල­නය කරන විදු­හ­ල්ප­ති­ව­ර­යාගේ භූමි­කා­වෙන් මිදී පිය හද­වත විදහා පාන මෙන් ඇය එක එල්ලේ ඉල්ලා සිටියා නොවේ. එහෙත් ඇගේ හැඬු­ම්බර හ‍ඬෙහිද සියො­ළ‍ඟෙහි ද ඒ ඉල්ලීම ගැබ්ව තිබිණ.

“ඔළුව තියෙන ගෑනු ළම­යෙක් නිසා තමා බයක් නැත්තෙ. කොයි වෙලා­වක හරි ආපහු එයි. හැම­දාම යාළු­වන්ගෙ ගෙව­ල්වල ඉන්න බෑනේ”

“ඉතිං එහෙම කියලා කොච්චර කල් බලං ඉන්න­නද... චම්පා අක්කා එන­කම් අවු­රුදු දෙකක් බලං ඉන්නවා නේද...? කෝ ඉතිං ආවද...?”

සිරි­මාන්න කෝප­යට ඉඩ හැරි­යේය. තව­දු­ර­ටත් කරුණු පැහැ­දිලි කිරී­මෙන් පලක් නොවන බව වටහා ගත්තේය.

“හරි දැං නංගි මට මොකක්ද කරන්න කියන්නෙ?”

“මං කියන්නෙ මේ ළමයා හොයන්න යං කියලා...”

ඔහු මෝටර් රියට නැංගේය. රියැ­දුරු අසුනේ හිඳ­ග­ත්තද රිය පණ ගන්ව­න්නට හෝ යමක් පව­ස­න්නට තැත් නොක­ළේය. ඇය රිය කවු­ළු­වෙන් එබී බල­මින් “එක්කො අපි අමාව හොයන්න ඕන. එහෙම නැත්තං පොලී­සි­යට කියන්න ඕන. ඒ කිසිම දෙයක් නොකර උඩ බලා­ගෙන ඉන්නෙ කොහො­මද අයියෙ” යි ඇසුවේ හැඬු­ම්බර හඬිනි.

“ඊයෙත් මම ගියේ ඉස්කෝ­ලෙට නෙමේ නංගියේ”

“එහෙනං?”

ඔහු පළ­මුව දිගු සුසු­මක් හෙළු­වේය.

කිසි­ව­කින් නොකැ­ල­ඹෙන මිනි­සෙකු ලෙස පෙනී සිට­යද දිය­ණිය පිළි­බඳ තමා ළතැ­වන තරම කොතෙ­ක්දැයි නිශ්චය කර­ග­න්නට සිරි­මාන්න පවා අපො­හො­සත් වෙයි. ඇය හිතු­ව­ක්කාර එකි­යක බව සැබෑය. එහෙත් ඒ හිතු­ව­ක්කාර යුව­තිය තමාගේ එකම දිය­ණිය නොවේද?

“අමා ගැන මට බයයි සිරී” යි ඇතැම් රැයක චම්පා ශෝකී හඬින් කොඳු­රයි.

“බය­වෙන්න ඕන මලක් වගේ දුවෙක් ගැන මිසක ගලක් වගේ දුවෙක් ගැන නෙමේ චම්පා”

“අනේ මංදා... ඔය මුර­ණ්ඩු­ක­මත් එක්ක එයා කොහො­මද දව­සක හොඳ බිරි­යක් වෙන්නෙ? හොඳ අම්මා කෙනෙක් වෙන්නෙ? එයා හැම­දේම දකින්නෙ කණ­පි­ටට” ‍‍

සිරි­මා­න්නට සිනා පහළ වේ. ඔහුගේ ඒ උස් සිනාව ඇගේ නොස­තුට වඩ­වයි. ‍

“ඔයාට නම් හිනා... මගේ ඔළුව අවුල් වෙනවා මේ ළමයා ගැන හිතු­වම” යි ඇය නොම­නා­ප­යෙන් පව­සයි.

“ඇත්තම කිය­නව නම් චම්පා අපේ කෙල්ල නෙමේ අපි තමා කණ­පි­ටට දකින්නෙ හැම දේම... මොනවා වුණත් අමා දකි­න්නෙත් කිය­න්නෙත් ඇත්ත නේ. අපි ඇත්ත කියන්නෙ දෙපා­රක් හිතලා. හුඟක් වෙලා­වට අපි ඇත්තට වඩා කැමති බොරු­වට. අමා ඉතිං පටස් ගාලා ඇත්ත දකි­නවා.. ඇත්ත කිය­නවා..”

“අනේ මට ඔය තාත්ත­ගෙයි දුව­ගෙයි අප­භ්‍රංස තේරෙන්නෙ නෑ.”

සුන­න්දාගේ කුහු­ල්බර නුවන් ඔහු ඒ රැයෙන් මේ උදා­ස­නට කැටිව එයි.

“අයියේ”

ඔහුගේ නිහැ­ඬි­යාව නොඉ­ව­ස­මින් ඇය හඬ ගෑවාය.

“මං අදත් යන්නෙ මගෙ කෙල්ලව හොයන්න”

ඇගේ දෙනෙත බෙහෙ­වින් ඇරී විම­තිය ලැගුම් ගත්තේය.

“අ... අයියේ..”

“මුකුත් සිද්ධ නූන ගානට ඉස්කෝලෙ යනවා වගේ ගියාට මං ඊ‍ෙයත් මුළු දව­සම අමාගේ යාළු­වන්ගේ ගෙව­ල්වල හෙව්වා. ඒ කිසිම තැන­කට මේ කෙල්ල ගිහිං නෑ නංගි..”

කිව යුතු යමක් නිනව් නොවූ­යෙන් සුනන්දා නිහ­ඬව ම පසු වූවාය.

“අර කොල්ලා මොනවා හරි දන්නවා ඇති කිය­ලත් හිතෙ­නවා. ඒත් ඒ මෝඩයා මාව මගා­රි­නවා නංගි. අද­වත් අල්ල­ගන්න ඕන.”

සිය සොහො­යුරා අද­හස් කරන්නේ බ්‍රයන් පිළි­බ­ඳව දත් ඇය හිස සැලුවා පමණි.

“කොහො­ම­ටත් අමා මෝඩි­යක් නෙමේ. මට තියෙන එකම සැන­සීම එච්ච­රයි” යි කිය­මින් ඔහු මෝටර් රිය පණ ගන්වා ගත්තේය.

“මාත් එන්නද අයියේ?” යි අස­න්නට ඇයට වුව­මනා වුවද ඇය පසු­ප­සට වෙමින් රියට ඉඩ දුන්නාය.

අමාලි කිනම් මොහො­තක හෝ ආපසු එන්නට ඉඩ තිබෙන බැවින් තමා නිවෙසේ රැඳී සිටිය යුතු බව හඟි­මින් ඇය ගේට්ටුව වෙත ගියාය. එය වසා දම­න්නට සැර­සුණා පමණි.

“ආන්ටි”

ඒ හුරු­පු­රුදු හඬින් ඇය තිගැ­ස්සු­ණාය.

“බ්‍රයන්?”

ඇය වට­පිට බැලුවේ ඔහුගේ යතු­රු­පැ­දිය දකින සිතිනි. ඒ බැව් වැට­හු­ණෙන් ඔහු මඳ සිනා­වක් පෑවේය.

“මමයි ඩැඩයි මට එළි­යට බහින්න දෙන්නෙ නෑ ආන්ටි. ඒකයි හොරෙන් ම බස් එකේ ආවෙ..” යි ඔහු පැහැ­දිලි කළේය.

“අමා කොහෙද බ්‍රයන්?” ඇය ඔහු දෙස එක එල්ලේ බල­මින් ඇසු­වාය. හද සසල කරන තර­මට ඒ ස්වරය සෝබර විය.

“ඇත්තට ම මම දන්නෙ නෑ ආන්ටි. මටත් මාර අප්සෙට්.”

තව­දු­ර­ටත් මේ තරු­ණයා පිළි­බ­ඳව සැක කිරී­මෙන් පලක් නොවන බව වටහා ගත්තාක් මෙන් ඇය සුසු­මක් හෙළු­වාය.

“කෝල් එක­ක්වත් දුන්නෙ නැද්ද?”

“නෑ ආන්ටි. මම සෑහෙන්න ට්‍රයි කළා අමාට කතා කරන්න.”

“මට නම් තේරෙන්නෙ නෑ මොනාද මේ සිද්ධ වෙන්නෙ කියලා... රවුං ගහන කොල්ලව කසාද බන්දලා දෙන්න හැදු­වම පැන යන කෙල්ලොත් ඉන්න­වද දෙයි­යනේ මේ ලෝකෙ...”

ඔහු අත­කින් හිස අවුල් කර ගනි­මින් හිතේ විය­වුල සන්සි­ඳුවා ගන්නට තැත් කළේය.

“අපි යාළුවෝ විත­රයි කියලා ‍කොයිත­රම් කිව්වත් ඕගොල්ලො පිළි­ගත්තෙ නෑනෙ ආන්ටි...”

ඔහු‍ ­හෙළු චෝද­නා­ත්මක බැල්මෙන් අප­හ­සු­තා­වට පත් සුනන්දා “ගෑනු ළම­යෙ­කුට පිරිමි යාළු­වෙක් ඉන්න පුළු­වන් තමා. ඒ වුණාට ඉතිං ඔච්චර ළඟින් ආශ්‍රය කර­න­කොට කාට වුණත් හිතෙන්නෙ නැද්ද මොකක් හරි සම්බ­න්ධ­ක­මක්ම තමා කියලා... එහෙම දෙයක් මුලදි නැතත් ඔහොම ඇවි­දි­න­කොට එක­ටම ඉන්න‍කොට ඉබේම ඇති වෙන්නත් ඉඩ තියෙ­න­වනේ...”

ඔහු පෑ මඳ සිනාවේ වේද­නා­වක් මිස සොම්න­සක් ගැබ්ව නොති­බිණ.

“අමා ඉතිං වෙනස් ම එක්කෙ­නෙක්නෙ ආන්ටි”

දෙනෙත කඳු­ළි­න්පිරී යන අත­රේම ඇය හිස සැලු­වාය.

“ඒ වෙනස තමා හෙණේට හිටියෙ. පොඩි කාලෙ ඉඳන් ම රණ්ඩු... පුදුම වද­යක් තිබ්බෙ ඔය ළම­යගෙං. අයි­යගෙං ගුටි කනවා අක්කාගෙං බැණුම් අහවා ඉව­ර­යක් නෑ. මාත් ඉතිං කොච්ච­රත් බණි­නවා තමා.... කොච්චර බැන්නත් මාව බදා­ගෙන ඉඹි­න­කොට දුකේ බෑ. පොඩි ළම­යෙක් වගේ...”

ඇගේ දෙකො­පුල් තෙමා රූරා හැලෙන කඳුළු දෙස බලා සිටිය නොහැ­කිව ඔහු වෙන­තක හැරු­ණේය.

“අමාගෙ යා‍ළුවෝ ගැන ඔය ළමයා දන්න­වනේ අපට වඩා. අනේ ටිකක් බලන්න පුතේ...”

“අමාට හිටපු එක ම යාළුවා මමනෙ ආන්ටි.”

“ඒකත් ඇත්ත” යි කී සුනන්දා සුසු­මක් හෙළු­වාය.

“තවත් නම් බලා ඉඳලා බෑ. පොලී­සි­ය­ට­වත් යන්න වෙනවා ළමයෝ...”

“අංකල් මොකද කියන්නෙ?”

“එයා කියන ‍ඒවා කරලා හරි­යන්නෙ නෑ. එයා ඉස්කෝ­ලෙට විත­රක් නෙමේ ගෙද­ර­ටත් ප්‍රින්සි­පල් වෙන්න යන­වනේ...”

ඔහුගේ වියළි දෙතොල් අතර මඳ සිනා­වක් නැගිණ. ඇගේ විදු­හ­ල්පති සහෝ­ද­රයා සම්බ­න්ධ­යෙන් කී ඒ කතාව ඔහු එක­හෙලා අනු­මත කරයි.

“ගෙට යංද ළමයො... මං තේ ටිකක් හදන්නං...”

ඔහු හිස දෙප­සට සල­මින් ඒ ආග­න්තුක සත්කා­රය ප්‍රති­ක්ෂේප කළේය.

“කෝක­ටත් අපි තව ටිකක් බලමු ආන්ටි. අමා යන්න ඇති කියලා හිතෙන තැනක් මම දන්නවා. මම හෙට උදේ ම එහෙ යන්නයි ප්ලෑන් කරන්නෙ.”

ඇගේ දෑස් දැල්විණ.

“ඉතිං එහෙම තැනක් තියෙ­නව නං ඇයි නොගියෙ? හෙට වෙන­කම් ඉන්නෙ ඇයි?” යි ඇය අප­මණ නොඉ­ව­සි­ල්ලෙන් ප්‍රශ්න කළාය. උද්වේ­ගය කොතෙ­ක්දැයි කිව­හොත් ඇගේ සිරුර වෙව්ල­න්නට විය.

“ආන්ටි කියන්නෙ අදම යන්න කිය­ලද?”

වර­ද­කාරි හැඟී­මෙන් පෙළෙ­මින් ඔහු මඳක් තැත­නු­වේය.

“ඔව්... අනේ ඔව්... ඕන්නං මාත් එන්නං...”

ඔහු මඳක් කල්පනා කළේය.

“නෑ... ආන්ටි ඉන්න. මම ගිහිං එන්නං...”

“දුරක යනව නම් සල්ලිත් එපැයි... චුට්ටක් ඉන්න...”

“නෑ.. නෑ... එපා... සල්ලි එපා... සල්ලි තියෙ­නවා.”

බ්‍රයන් කීවේ අර්ධ සත්‍ය­යකි. ඔහු‍ෙග් පියා පනවා තිබෙන නව නීතී රීති හා තහංචි අණ පණත් හේතු කොට­ගෙන උද්ග­තව තිබෙන අති­ශය අභා­ග්‍ය­ස­ම්පන්න වාතා­ව­ර­ණය සිහි කළේය.

“තාත්තට හොඳ­ටම තරහ ඇවිල්ලා” යි මවද පුන­රු­ච්චා­ර­ණය කරන්නේ ඔහුගේ කෝප­යත් නොරි­ස්සු­මත් තීව්‍ර කර­මිනි.

“අනේ විනා­ඩි­යක් ඉන්න බ්‍රයන්” යි ඉල්ලා සිටි­මින් සුනන්දා නිවෙස වෙත දිව්වාය. අස­හ­න­යෙන් හිස අවුල් කර­මින් පාර බැලූ තරු­ණයා සිරි­මා­න්නගේ මෝටර් රිය දැක තිගැ­ස්සු­ණේය.

ලබන සතියට‍...

Comments