
සංස්කෘත හෝ පාලි තත්සම පදවල හමු නොවන තවත් ගාත්රාක්ෂර විශේෂයක් සිංහල කව් ලැකියෙහි හමු වේ. ඒ් ගාත්රාක්ෂර හැඳින්වෙන්නේ සඤ්ඤක අකුරු යනුවෙනි. එවැනි අකුරු 4 ක් කව් ලැකියෙහි හමු වේ.
ඟ ඬ ඳ ඹ
මේ අලුත් අකුරු අවශ්‍ය වුණේ සංස්කෘත තත්සම පදවල ආ පහත දැක්වෙන නාසික්‍ය අක්ෂර සංයෝග වෙනුවට ය.
ලෙව්ලැකිය කව්ලැකිය
ඞ ඟ
ගඞ්ගා ගඟ
රඞ්ග රඟ
තුඞ්ග තුඟු
ඞ්ඝ ඟ
සංඝ සඟ
ණ්ඩ ඬ
මණ්ඩල මඬල
දණ්ඩ දඬු
න්ද ඳ
චන්ද්‍ර සඳ
චන්දන සඳුන්
න්ධ ඳ
අන්ධ අඳ
ගන්ධ ගඳ
ම්බ ඹ
අම්බර අඹර
අම්බා අඹු
ම්භ ඹ
කුම්භ කුඹ
ආරම්භ අරඹ