
ලෙව් ලැකියේ ඇතත් කව් ලැකියේ නැති තවත් ගාත්‍රාක්ෂරයක් අල්පප්‍රාණ ච-යන්න යි. පැරණි ම බ්රාහ්මී සෙල් ලිපිවල ද හමු වුණු ච-යන්න කව් ලැකියෙන් බැහැර වුණේ කවර හෙයින් දැයි සිතා ගැනීම දුෂ්කර ය. පළමුවැනි ගජබාහු රජුගේ පාළු මැකිච්චාව සෙල් ලිපියෙහි පහත දැක්වෙන පද හමු වේථ
පච සහසි කහාවණ, : කහවණු පන් දහසක්
චතිරි පචෙනි, : සිවු පසය
ච-යන්න සහිත තත්සම පද කව් ලැකියට ආවේ ඊට ස-යන්න ආදේශ කරමිනි:
ලෙව්ලැකිය කව්ලැකිය
චක්‍ර සක්
චක්‍රවර්ති සක්විති
චක්‍රවාක සක්වා
චක්‍රවාට සක්වළ
චණ්ඩාල සැඩොල්
චතුර් සිව්ල සතර
චන්දන සඳුන්
චන්ද්‍ර සඳ
චාප සැව්
චාමර සෙමර
චිත්ත සිත
චීවර සිවුර
චෛත්‍ය සෑ චෞර සොර