පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර එම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී.අද දින (12) දහවල් 12.10ට මැදවච්චිය, පාලුකෙටූවැව, හොරෝවුපතාන සහ චයිනා බේ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Comments