සූකිරි කන්ද | සිළුමිණ

සූකිරි කන්ද

සංවි­ධා­ය­ක­වරු ශාලාව ඉදි­රි­පිට නැවතී අලුත් නිවේ­ද­කයා දකින තුරු නොඉ­ව­සි­ල්ලෙන් බලා සිටි­යහ. ඔවුන්ගේ දෑස් එළිය කර­මින් අමුතු නිවේ­ද­කයා කුමාර ලීලා­වෙන් පැමි­ණියේ සුපු­රුදු දුම්වැ­ටිය දෙතො­ලෙහි රඳ­වා­ගෙන ය. මේ තරම් ඉක්ම­නින් ඔහු අලුත් ජාතික ඇඳු­ම­කින් සැර­සුණේ කෙසේ­දැයි සංවි­ධා­ය­ක­ව­රුන්ට හිතා­ගැ­නී­මට වත් බැරි විය.

දවස උදා විය.

ඒ මහා ගී තර­ගයේ අව­සන් පූර්ව වටය යෙදී තිබුණේ එදින රාත්‍රි­යට ය.

සංවි­ධා­ය­ක­වරු මැරී­ගෙන වැඩ කළහ.

තර­ග­යට විනාඩි හත­ළි­ස්ප­හක් පමණ තිබිය දී මොරටු බෞද්ධ මන්දි­රයේ අසුන් ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් පිරෙ­මින් පැව­තිණ.

සංවි­ධා­නයේ උප ලේක­ම්ව­රයා සිය පරණ පා පැදියේ නැගී ආවේ ලොකු කල­බ­ල­ය­කිනි. ශාලාව ඉදි­රියේ ඉන් බට ඔහුගේ මුහුණේ වූයේ බැරෑ­රුම් පෙනුමකි. ඒ දුටු ප්‍රධාන සංවි­ධා­ය­ක­ව­ර­යාගේ හිත අවුල් විය.

‘ඇයි මොකක්ද ප්‍රශ්නෙ?“ප්‍රධාන සංවි­ධා­යක වහ වහා උප­ලේ­කම් ඉදි­රි­යට ගියේ ය. පාපැ­දිය බිත්ති­යට හේත්තු වන පරිදි තල්ලු කර දැමූ ඔහු ප්‍රධාන සංවි­ධා­යක වෙත හැරුණේ ‘හරි වැඩේනෙ වුණේ“ කිය­මිනි.

‘ඇයි මොකද?‘

‘අපේ නිවේ­ද­කය ඇක්සි­ඩන්ට් වෙලා! එයා ඉස්පි­රි­තාලෙ! මේ දැන් තමයි දැන ගත්තෙ. අපි දැං මොකද කරන්නෙ? කාවද හොයා ගන්නෙ?‘

‘...ට වත් කිය­මුද?

‘එයා කොහෙ කර­න්ඩද? මේක අව­සන් තරග වට­යක් කියන එක අම­ත­කද?

මේ නරක ආරං­චි­යත් සමඟ සංවි­ධා­යක මිතුරෝ අස­රණ වූහ.

‘මොනව කර­න්ඩත් පැය බාග­යයි තියෙන්නෙ. හොඳ නිවේ­ද­ක­යෙක් නැති උණොත් අපි ඔක්කොම ඉව­රයි‘

දෙදෙනා මුහු­ණට මුහුණු බලා­ගෙන මොහො­තක් සිටි­යහ. උප ලේකම්ට හදි­සියේ ම යමක් කල්ප­නා­වට ආවේ ය.

‘හරි. කෙනෙක් ඉන්නව මේ ළඟ. යමුද බලන්ඩ?‘

‘යං‘

‘වැඩි­වෙ­ලා­වක් නෑ පාගමු!‘ උප ලේකම්ට කෑගැ­සිණ. ප්‍රධාන සංවි­ධා­යක දාඩිය පෙරා­ගෙන පැද්දේ ය.

උප­රිම වේග­යෙන් ගිය පාපැ­දිය මොරටු හන්දියේ තේ කඩ­යක් ළඟ නැව­තිණ.

‘ඇයි නැව­තුණේ?‘

‘මේ තමයි තැන!‘

‘කවුද? අයි­ති­කා­ර­යද?‘

‘නෑ. තේ හදන එකා‘

‘වැඩේ අවු­ල් වෙ­යිද?‘

වහා කඩේ තුළට වැදුණු උප ලේකම් දුම්වැටි කොට­යක් උර­මින් සිටි ජව­ස­ම්පන්න තරුණයකු සමඟ පිට­තට ආවේ ය.

හදිසි අව­ශ්‍ය­තාව ගැන වහ වහා සාකච්ඡා කැරිණ. නිවේ­දක ගාස්තුව ද තීර­ණය විය.

‘එහෙනං හරිනෙ‘

‘හරි‘

‘ඔයා මේ දැම්මම එන්ඩ‘

‘හරි, මට විනාඩි පහක් දෙන්ඩ‘

ආපසු පාපැ­දි­යට නැඟුණු සංවි­ධා­යක සහ උප ලේකම් ඉස්පා­සුව මුසු කුකු­ස­කින් ශාලාව කරා ගියහ.

තර­ගය ඇර­ඹී­මට වැඩි වේලා­වක් නොවී ය. ශාලාවේ ඇතු­ළත ද පිටත ද බැබ­ළෙ­මින් තිබිණ.

සංවි­ධා­ය­ක­වරු ශාලාව ඉදි­රි­පිට නැවතී අලුත් නිවේ­ද­කයා දකින තුරු නොඉ­ව­සි­ල්ලෙන් බලා සිටි­යහ. ඔවුන්ගේ දෑස් එළිය කර­මින් අමුතු නිවේ­ද­කයා කුමාර ලීලා­වෙන් පැමි­ණියේ සුපු­රුදු දුම්වැ­ටිය දෙතො­ලෙහි රඳ­වා­ගෙන ය. මේ තරම් ඉක්ම­නින් ඔහු අලුත් ජාතික ඇඳු­ම­කින් සැර­සුණේ කෙසේ­දැයි සංවි­ධා­ය­ක­ව­රුන්ට හිතා­ගැ­නී­මට වත් බැරි විය.

ශාලාව දොර­කඩ දීම ගායනා තර­ගය ගැන ඔහුට කෙටි හැඳි­න්වී­මක් කළ සංවි­ධා­ය­ක­ව­රුන් අදාළ විස්තර අඩංගු ලේඛ­නය ද ඔහුට දී හැකි ඉක්ම­නින් ඔහු වේදි­කා­වට තල්ලු කර දැමුවේ තර­ගය පටන් ගැනීමේ වේලාව අත ළඟට ම පැමිණ තිබූ හෙයිනි.

‘සුබ සන්ධ්‍යා­වක් වේවා දයා­බර ප්‍රේක්ෂක හිත­ව­තුනි,...‘

අලුත් නිවේ­ද­කයා සිය කාර්යය ඇර­ඹුවේ පළ­පු­රුදු අයකු සේ ය. මුල් ම ආම­ත්‍ර­ණ­යෙන් ම ප්‍රේක්ෂක ජනයා ඔහුට ආක­ර්ෂ­ණය වූ අයුරු විස්මය ජනක ය.

එතැන් පටන් මුළු ශාලාව ම මියුරු සංගී­ත­යෙ­නුත්, මධුර ගී ගැයු­ම්ව­ලි­නුත්, නිවේ­දක මුවින් නික්මුණු ළයා­න්විත වදන් වැල්ව­ලි­නුත් රස­වත් විය.

පැය කිහි­ප­ය­කට පසු ගායනා තර­ගය සාර්ථ­කව නිම විය. අත්පො­ළ­සන් දුන් ප්‍රේක්ෂ­කයෝ සතු­ටින් විසිර ගියහ. නිවේ­ද­කයා ද තමාගේ ගාස්තුව සාක්කුවේ දාගෙන යන්නට ගියේ ය.

ඒ අතර ප්‍රේක්ෂක ප්‍රති­චාර ලැබෙ­මින් තිබිණ.

‘කෝ අපේ නිවේ­ද­කය? එයාගෙ කටට පුදුම වචන රැල්ලක්නෙ ගලා­ගෙන එන්නෙ. හරි­යට සූකිරි කන්ද­කින් මී පැණි ගලා­ගෙන එනව වගේ. අහ­ගෙන ඉන්ඩත් ආසයි‘

ඒ ප්‍රශංසා අහ­න්නට නිවේ­ද­කයා එතැන නොසි­ටියේ ය. ඒ ඔහු ඒ වන විටත් තේ හද­න්නට ගොස් සිටි බැවිනි.

මේ ප්‍රශං­සා­ත්මක ලිපිය කිය­ව­න්නට ද ඔහුට නොහැකි ය. ඒ අද ඔහු දිවි රඟ­ම­ඬ­ලින් නික්ම ගොස් ඇති බැවිනි.

මොර­ටුවේ, විල්ලෝරා වත්තේ, සුනිල් සිරි­මල් පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

නෙළුම්විල  
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments