
සැබෑ සබැඳියාව වෙහෙරකි
නා හිමියන් ගේ අවසන් කටයුතු සිදු කැරුණේ පසු දා ය. ඒ පන්සලට යාබද පිටියක දී ය. මුලින් ම සිදු කැරුණේ බොදු වතාවත් ය. දෙවනුව අනුශාසනාවක් කළේ කතෝලික පල්ලියේ හිමි නමය. ඉන් පසු මුස්ලිම් පල්ලියේ මවුලවි තුමාත්, හින්දු කෝවිලේ පූජක තුමාත් අනුශාසනා කළහ.
ආදාහන කටයුතු සිදු කැරුණේ මහා ජනකායක් මධ්‍යයේ ය. ඊට විවිධ ආගමිකයෝ අයත් වූහ.
මෙය මා දුටු හීනයක් නොවේ.
නා හිමියන් අපවත් ව තිබිණ.
අලුත් ධර්ම ශාලාවේ වැඩ අවසන් ව නොතිබුණු හෙයින් දේහය තැන්පත් කරනු ලැබ තිබුණේ ආවාස ගෙයි කුඩා සාලයේ ය.
නාහිමියනට අවසන් බුහුමන් දැක්වවීමට පැමිණි පිරිස් බෝ සෙවෙණේත්, අලුත් ධර්ම ශාලාව ඉදිකැරෙමින් තිබූ තැනත් හිඳ සිටියහ.
මම ද ඒ අතර වීමි.
නාහිමියන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කැරෙන බැනර් තාප්පයේත් ගස් අතරත් එල්ලා තිබිණ. ඉන් කිහිපයක් ලියැවී තිබුණේ දෙමළෙනි.
මට දෙමළ නොතේරුණත් ඒවායේ වූ රූ මා තුළ හැඟීමක් ඇති කළේ ය. ඒ වූකලී කඳුළු කඩා හැලෙන ඇස් ය.
වෙහෙර මළුවේ පසෙක කුඩා හට් එකක් තනා තිබිණ. ඒ මැද මේසයක් ද ඒ දක්වා දික් වී ගිය පෝලිමක් ද විය. ඒ අවමඟුල් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග එකතු කැරුණු අයුරු ය. මුස්ලිම් තොප්පි පැලඳ ගත් බොහෝ දෙනෙකු ද පෝලිමේ සිටිනු පෙනිණ.
මම පන්සල් බිමේ ඇවිද්දෙමි. විහාර ගෙය දෙමහල් මන්දිරයකි. ඊට අදාළ සමරු ඵලකය පසෙක තිබේ. ඊට දායක වූ ප්‍රධාන පුද්ගලයාගේ නම ද එහි තිබේ. ඒ දෙමළ නමකි.
නා හිමියන් ගේ අවසන් කටයුතු සිදු කැරුණේ පසු දා ය. ඒ පන්සලට යාබද පිටියක දී ය. මුලින් ම සිදු කැරුණේ බොදු වතාවත් ය. දෙවනුව අනුශාසනාවක් කළේ කතෝලික පල්ලියේ හිමි නමය. ඉන් පසු මුස්ලිම් පල්ලියේ මවුලවි තුමාත්, හින්දු කෝවිලේ පූජක තුමාත් අනුශාසනා කළහ.
ආදාහන කටයුතු සිදු කැරුණේ මහා ජනකායක් මධ්‍යයේ ය. ඊට විවිධ ආගමිකයෝ අයත් වූහ.
මෙය මා දුටු හීනයක් නොවේ. කොළඹ නගරයේ මෝදර පෙදෙසේ කල්‍යාණ නදී විහාරස්ථානයේ සිදු වූවකි. අපවත් වූයේ එහි නායකත්වය හෙබවූ කුඩා පීල්ලේ රතන හිමියෝ ය.
මෙය සිදුවූයේ මීට මාස කීපයකට පෙර ය. එහෙත් එදා ජාතින් අතර පැවති මේ අපූරු සබැඳියාව ගැන රටේ ජනතාව සංවේදී කිරීමට අපේ මාධ්‍ය පොහොසත් නොවූ හෙයින් මෙය තවමත් රටට නැවුම් අද්දැකීමක් යැයි මම සිතමි.
විවිධ ජාතීන් සමඟ රතන හිමියන් කටයුතු කර ඇති අපූරුව!
මාලබේ, තලාහේනේ, එල්. බී. ඒ. එරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නොමැකෙන සිහිවටනය
එය නැති වූයේ ජකර්තා ගුවන් තොටුපළේ දී ය. එය ආරක්ෂක පටියේ ට්‍රේ එක මත තැබූ හැටි මතකය. ආපසු ගත් බව මතක නැත.
මම දුක් වීමි. ඒ එය නවීන ජංගම දුරකථනයක් වූ නිසා නොවේ. පුතු දුන් සිහිවටනයක් බැවිනි.
මා ඉන්දුනීසියාවට ගිය අවස්ථාවේ දී මපුතු මට තිළිණ කළ ජංගම දුරකථනය ආපසු එද්දී නැති විය. එය නැති වූයේ ජකර්තා ගුවන් තොටුපළේ දී ය. එය ආරක්ෂක පටියේ ට්‍රේ එක මත තැබූ හැටි මතකය. ආපසු ගත් බව මතක නැත.
මම දුක් විමි. ඒ එය නවීන ජංගම දුරකථනයක් වූ නිසා නොවේ. පුතු දුන් සිහිවටනයක් බැවිනි.
මෙරටට පැමිණි මා පළමුවෙන් ම කළේ විදෙශ කටයුතු අමාත්‍යාංශයෙන් උදව් ඉල්ලීමයි.
ඉන්පසු දීර්ඝ ක්‍රියාවලියක් සිදු ව ඇති බව මා දැන ගත්තේ පසු ව ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මගේ ඉල්ලීම ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යොමු කැරී තිබිණ. එරට ගුවන් තොටුපළ ආරක්ෂක අංශය අපේ තානාපති කාර්යාලය මාර්ගයෙන් මගේ තොරතුරු සොයා බලා ඇත.
අවසානයේ ජංගම දුරකථනය මට ලැබිණ. එය එවා තිබුණේ ඉන්දුනීසියාවේ සිට මෙහි පැමිණෙන කෙනෙකු අත ය.
මගේ නැතිවු සතුට යළි මට ගෙන දීමට හවුල් වූ විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තානාපති කර්යාලය, තානාපති පෞද්ගලික සහකාර අයිරාංගනි සුබසිංහ මහත්මිය ඇතුළු උදව් කළ සැමට යහපත පතමි.
වාද්දූවේ, එස්. වික්‍රමරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.