සේනා මට්ටු කරද්දී පරිස්සම් වෙන්න | සිළුමිණ

සේනා මට්ටු කරද්දී පරිස්සම් වෙන්න

සේනා දළඹුවා මර්දනය කිරිම සදහා ගොවින් අධි මාත්‍රාවෙන් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හේතුවෙන් වගාවට හිතකර විලෝපිතයන් වදවී යාමෙන් වෙනත් රෝග පවා උග්‍රවීමේ අවධානමක් ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.
 
`මාතලේ දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු හෙක්ටයාර් 400ක් පමණ වගා කර ඇති බවත් එයින් හෙක්ටයාර් 65කට පමණත් ගෝවා වගා බිම් හෙක්ටයාර් එකකටත් සේනා දළඹුවා හානිකර ඇති බව මාතලේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අයි.ජී.එම් ජයතිලක මහතා පැවැසීය.
 
2019.01.20 වන විට ලංකාව පුරා බඩ ඉරිගු හෙක්ටයාර් 81855ක් වගාකර ඇති අතර එයින්හෙක්ටයාර් 48956ක ප්‍රමාණයක් සේනා දළඹු වසංගතයට ගොදුරු වී ඇති බවද ජයතිලක මහතා පැවැසීය. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව යන ප්‍රදේශවල බහුල වශයෙන් සේනා දළඹු හානිය වාර්තා වේ.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත කෘමිනාශක නියමිත මාත්‍රාවෙන් යෙදීමෙන් වසංගතය පානය කරගත හැකි බවද ඒ මහතා පැවසීය.
 
මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණය විය.
 
මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.
 

Comments