මිලියන 2500ක් වටිනා ගිලන් රථ 132ක් රෝහල්වලට | සිළුමිණ

මිලියන 2500ක් වටිනා ගිලන් රථ 132ක් රෝහල්වලට

දිවයින පුරා පිහිටි රෝහල් 132කට අවශ්‍ය ගිලන් රථ 132ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (18) පස්වරු 2.00 ට කොළඹ, මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
 
එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500කි. මෙවැනි ගිලන් රථ 250ක් රෝහල්වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. 
 
මීට අමතර ව ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100ක් ද දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ.  බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40ක් රෝහල්වලට දැනට බෙදා දී ඇත. මෙවර බෙදාදෙන ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103කට ද, මධ්‍යම රජයේ රෝහල් 27කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02කට ද ලබා දීමට නියමිතය.

Comments