
ආරක්ෂක කටයුතු උදෙසා පවරා ගෙන තිබූ උතුරේ ජනතාව සතු ඉඩම්වලින් 90.25%ක ප්‍රමාණයක් මේ වන විට නැවත පදිංචිකරුවන් වෙත ලබා දී තිබෙන බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු භූමියකින් ආරක්ෂාව ඉවත් නොකරන ලබන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සිළුමිණට කීය.
යුද හමුදා කඳවුරට අවශ්‍ය භූමි ප්‍රමාණය තීන්දු තීරණය කරනු ලබන්නේ යුද හමුදාව විසින් බවත් එය තීරණය කිරීමට වෙනත් අයට දැනුමක් නැති බවද හමුදාපතිවරයා කීය.
උතුරේ ජනතාව සතු ඉඩම් මේ මස අවසන් වන විට නිදහස් කිරිමට ජනාධිපතිවරයා දන්වා ඇති බව පැවසූ හමුදාපතිවරයා නත්තල් දින අක්කර 269ක පමණ ජනතාව සතු ඉඩම් යළි බාර දීමට කටයුතු කර ඇති බව ද කීය.