පළාත් සභා ඡන්දය නිසි කලට එයි | සිළුමිණ

පළාත් සභා ඡන්දය නිසි කලට එයි

කථා­නා­ය­ක­ව­රයා විසින් පත් කරනු ලබන, අග­මැ­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් විසින් ලබා­දෙන වාර්තා­වක් ඔස්සේ පළාත් සභා මැති­ව­ර­ණය නියමිත කාලයේ පැවැ­ත්වී­මට හැකි­යාව ලැබෙනු ඇතැයි මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සිළු­මි­ණට කීය. එහිදී එම වාර්තා­වෙන් මැති­ව­ර­ණය පැවැ­ත්වෙන්නේ කුමන ක්‍රම­යෙන් යන්නද අන්ත­ර්ගත විය යුතු බව ද කොම­සා­රි­ස්ව­රයා කීය.

දේශප්‍රිය මහතාට අනුව සීමා නිර්ණය පනත පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකේ බල­යෙන් සම්මත වීම හෝ නොවීම කෙසේ වුවත් කථා­නා­යක වරයා විසින් පත් කරනු ලබන කමිටු වාර්තාව අනුව පළාත් සභා මැති­ව­රණ පැවැ­ත්වී­මට හැකි­යාව ලැබෙනු ඇත. මැති­ව­රණ කොමි­සම විසින් ඉල්ලා ඇති පරිදි ඔක්තෝ­බර් 31 වන විට මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අවශ්‍ය නිර්ණා­යක සම්පා­ද­නය කළහොත් පළාත් සභා මැති­ව­ර­ණය 2019 ජන­වාරි 5 වැනිදා පැවැ­ත්වී­මට හැකි­යාව ලැබෙනු ඇත.
මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ පසු­ගිය සිකු­රාදා පළාත් සභා මැති­ව­ර­ණ­යට අදාළ සීමා නිර්ණ වාර්තාව පාර්ලි­මේ­න්තු­වේදී පරා­ජ­යට පත්වීම පිළි­බ­ඳව කළ විම­සී­ම­ක­දීය. පළාත් සභා මැති­ව­ර­ණය නව ක්‍රමය යටතේ පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් වන සීමා නිර්ණ වාර්තාව පසු­ගිය සිකු­රාදා (24) පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් වූ අතර එම වාර්තාව පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක බහු­තර ඡන්ද­යෙන් පරා­ජ­යට පත් විය. එයින් පසුව කථානායක කරු ජයසූරිය මහතා සීමා නිර්ණ කමිටු සාමාජිකයන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්චා කර ඇති අතර පනතේ 4(12) වගන්තිය යටතේ ව්‍යවස්ථානුකූලව පියවර ගෙන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළහොත් නිසි කලට මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහය දෙන බවට ඔවුන් කථාකනායකවරයා හමුවේ පොරොන්දු වී ඇත.
ඒ අනුව කථානායකවරයා සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට නියමිතය.

Comments