තම පෙළ­පත් නාමය සන්නා­ම­යක් කළ හීන දකින්නා | සිළුමිණ

තම පෙළ­පත් නාමය සන්නා­ම­යක් කළ හීන දකින්නා

භාතිය අර්ථ­නා­යක
මාන­සික අභිෙ­ප්‍ර්රක, පුද්ගල හැකියා  සංව­ර්ධන පුහු­ණු­කරු

ජීවි­තය කියන්නේ අපි අමු­තු­වෙන් ලියා­ගෙන මේ ලෝකෙට එන දෙයක් නෙවෙයි. නමුත් ඒ තුළ සියල්ල සැල­සු­ම­කට අනුව වගේ සිද්ධ වෙනවා. ජීවි­තයේ අපූ­රුව නම්, මේ සැල­සුම ඕනෑම අව­ස්ථා­වක අපගේ අව­ශ්‍ය­තාව පරිදි වෙනස් කර­ග­න්නට ජීවි­තය අපට ඉඩ ලබා දී තිබී­මයි. මේ බව නොද­කින ඇතැම් වංශා­ධි­ප­ති­ව­රුන්ගේ දරු­වන් මහ­මඟ සියල්ල අහිමි වූ දුප්ප­තුන් මෙන් මිය යනවා. ජීවි­තයේ සැල­සුම ඕනෑම අව­ස්ථා­වක වෙනස් කර­ගත හැකි බව දකිනා දිළිඳු පැල්ප­ත්වල ඉප­දුණ දරු­වන්, ධන කුවේ­ර­යන් බවට පත් වෙනවා අප දැක ඇත්තේත් ඒ නිසා­මයි. අද අප ඔබට කිය­න්නට යන්නේ එවන් දරු­වෙකු පිළි­බඳව. තමන්ගේ ජීවි­තය වෙනස් කර­ගැ­නී­මෙන් නොසෑහී තමා වටා සිටින මිනි­සුන්ගේ ජීවිත වෙනස් කළ හරි අපූරු මිනි­සෙක් පිළි­බ­ඳව.

අපගේ ජීවි­තයේ අපට ලැබී ඇති ප්‍රබල ම ශක්තිය කුම­ක්දැයි කිසි­වෙක් ඇසු­ව­හොත් අපට ලැබෙන්නේ එකි­නෙ­කට වෙනස් උත්තර. අයෙක් කියාවි ඒක ආත්ම ශක්තිය කියලා; තවෙ­කෙක්ට අනුව ඒක දැනුම; කැප­වීම කියලා කිය­න්නෙත් හොද උත්ත­ර­යක්.

ඒ වගේම තව­කෙක්ට අනුව මිනි­සාගේ ප්‍රබ­ලම ශක්තිය උන­න්දුව වෙන්න­ටත් පුළු­වන්. නමුත් මාන­සික අභිෙ­ප්‍ර්ව­ර­ක­ව­ර­යෙක් මෙන්ම පුද්ගල හැකියා සංව­ර්ධන පුහු­ණු­ක­රු­වෙක් ලෙස මගේ අත්දැ­කීම නම් මිනිසා සතු ප්‍රබ­ලම ශක්තිය සිහින දැකී­මට ඇති හැකි­යාව; අනා­ග­තය දැකී­මට ඇති හැකි­යාව; මානව ඉති­හා­සයේ මිනිසා තබපු සෑම ඉදිරි පිය­ව­රක ම පටන් ගැන්ම සිති­වි­ල්ලක්; වාෂ්ප එංජිම සිති­වි­ල්ලක්; ගුවන් යානය සිති­වි­ල්ලක්. නෞකා, වාහන මේ සිය­ල්ලම කාගේ හෝ කිසි­යම් දව­සක සිතේ ඇඳුණු සිති­වි­ලි­ව­ලින් පටන් ගත්ත නිර්මාණ.

අද අපේ කතා­නා­ය­කයා බවට පත්වෙන කුඩා දරු­වාත් එහෙම සිහින දැකපු දරු­වෙක්. ජපා­නයේ හමා­මාට්සු හි ෆුජි ගිනි­කන්ද ආස­න්නයේ ගම්මා­න­යක සාමාන්‍ය පවු­ලක සාමා­ජි­ක­යෙක් ලෙස 1906 දී උපත ලබපු මේ දරුවා පාසල් අධ්‍යා­ප­න­යට එත­රම් කැමැ­ත්තක් දැක් වූ අයෙක් නෙවෙයි. තර­මක අණ්ඩ­පා­ල­යෙක් විදි­යට පාසල් ගුරු­ව­රුන් විසින් හඳු­න්වපු මේ දරුවා අධ්‍යා­ප­නය කෙරෙහි තමාගේ උන­න්දුව හීන වූ නිසාම ඇතැ­ම්විට විෂ­ය­න්ව­ලට ලබා ගත්තේ අඩු ලකුණු සංඛ්‍යා­වක්. ඔහු වැඩි­පුර කාලය ගත කෙළ් සිය පියාට අයත් බයි­සි­කල් වැඩ­පළේ. යන්ත්‍රය අතර පාපැ­දිය කියන්නේ ඉතා­මත් මූලික තත්ත්වයේ යන්ත්‍ර­යක් වූවත්, ඔහුට ඒ ගැන පවා තිබුණේ දැඩි උන­න්දු­වක්. මේ නිසාම පාසලේ වාර විභා­ග­ය­න්වල දී ඔහු ලබා­ගත් ලකුණු සංඛ්‍යාව අති­ශ­යින් ම දුර්වල වුණා.

ඇතැම් අව­ස්ථා­වල තමාගේ ප්‍රගති වාර්තාව නිවෙ­සට පෙන්වී­මට තරම් ධෛර්ය­ක්වත් මේ පුංචි දරු­වට තිබුණේ නෑ. ඒත් පාස­ලෙන් නීති­යක් පනවා තිබුණා ප්‍රගති වාර්තාව දුටු බවට දෙමා­පි­යන්ගේ සහ­ති­කය එහි දමා නැවත එය පාස­ලට භාර දිය යුතු බවට. මේ දරුවා කරපු පළ­වෙනි සොයා­ගැ­නීම තමයි පාපැ­දි­යක තිරිං­ග­ව­ලට යොදන රබර් කොට­සක ආධා­ර­යෙන් තමන්ගේ දෙමා­පි­යන්ට අයිති යැයි පාස­ලට හැෙඟන විදි­යට රබර් මුද්‍රා­වක් කැපීම. ඔහු තමන්ගේ අඩු ලකුණු සහිත වාර්තාවේ තබා­ගෙන ගියේ මේ රබර් මුද්‍රා­වට. හැබැයි ඔහුට මේක කරන්න පුළු­වන් වුණේ හරිම ටික කාල­යයි. තමන් විත­රක් ගලවා ගන්න යාමෙන් වැළ­කිලා ඔහුට අවශ්‍ය වුණා, තවත් දරු­වන්ට මේ විදි­යට මුද්‍රා කපලා දෙන්න. අන්න එතැ­නදි පාසල ඔහුගේ මේ හොරය අල්ලා ගත්තා.

කුඩා සොචිරෝ තුළ අධ්‍යා­ප­න­යට එත­රම් උන­න්දු­වක් නොමැති බව වටහා ගන්නා දෙමා­පි­යන් ඔහුට කැමති දේ කරන්න ඉඩ දුන්නා. තාත්තාගේ බයි­සි­කල් වැඩපළේ වැඩ­පළ ඉගෙන ගන්න අත­ර­තුරේ ඔහු විවිධ යන්ත්‍ර පිළි­බඳ සැල­සුම් ඇන්දා. ඇතැ­ම්විට කෙනෙක්ට ඒවා විකා­ර­යක් විදි­යට පෙනු­ණත්, ඔහු මේ සියල්ල අනා­ග­තයේ දී සැබෑ­වක් වෙන ආකා­රය දැක්කා. මේ අත­ර­තුරේ දව­සක සොචි­රෝගේ ගම්මා­න­යට පළමු වතා­වට මෝටර් රථ­යක් ආවා. මේ කියන්නේ 1920 ට ආසන්න කාල­යක් ගැන. මේ වාහනේ බලන්න සොචිරෝ වගේම ගමේ කොලු කුරු­ට්ටන් පෙළ ගැහුණා. නමුත් නිසැ­කව ම කියන්න පුළු­වන් එක දෙයක්. ඒ තමයි මේ වාහනේ දිහා බලා­ගෙන එවැ­න්නක් තමන් විසින් නිර්මා­ණය කර­නවා යැයි ඒ මොහොතේ සිතුවේ ඒ අතර සිටි දරු­ව­න්ගෙන් සොචිරෝ පම­ණයි. ඔහුට ඇත්ත­ටම ඕනෑ කළා, ඒ වගේ වාහ­න­යක් හදන්න. 'මම ඒ වාහ­නයේ ඉන්ධන දැවෙද්දි එන සුව­ඳට වශී වුණා. මාව ඉදි­රි­යට ඇඳුෙණ් ඒ ඉන්ධන සුව­ඳත් එක්කයි. ” පස්සේ කාල­යක සොචිරෝ කිය­න්නට පෙල­ඹුණා. මේ ඉන්ධන සුවද හොයා­ගෙන සොචිරෝ වයස අවු­රුදු 15 වෙත්ම පාසල් අධ්‍යා­ප­න­යට සමු දීලා ටෝකි­යෝ­වට එනවා. ඒ ගරා­ජ­යක අත්උ­ද­ව්කා­ර­යෙක් විදි­යට. ඒත් පළ­වෙනි දවසේ ඉදන්ම ඇණ මුරිච්චි ගල­වලා වැඩ පුරුදු වෙන්න ඔහුට අව­ස්ථා­වක් ලැබෙන්නේ නෑ.

පළ­මුව ඔහුට පැව­රෙන රාජ­කා­රිය තමයි ගරා­ජය ඇම­දීම; වැඩ­ක­රන කාර්මි­ක­යන්ට තේ ඇතුළු අඩුම කුඩුම සැප­යීම; කෑම හදන්න දායක වෙන එක. ඒත් තමන්ට දිනෙක කාර්මි­ක­යෙක් වෙන්න තියෙන ආශාව නිසාම, ඔහු මේ දේවල් කරන්න මැලි වෙන්නේ නෑ. කාල­යක් ගත­වෙ­න­කොට, ගරාජ හිමි­යාගේ සිත දිනා­ග­න්නට සමත් වෙන්න සොචි­රෝට අව­ස්ථාව ලැබෙ­නවා. ටිකෙන් ටික, යතුරු කෑලි, ආයුධ අතට අර­ගෙන වැඩ කරන්න; අර දැවෙන ඉන්ධන සුවද වඩාත් ළංවෙලා විඳින්න; ඒ ඔස්සේ තමන්ගේ හීන­ව­ලට තෙල් ගහ­ගෙන දුවන්න. සොචිරෝ ආයෙත් ගමට එන්නේ අවු­රුදු හයක් ඒ ගරා­ජයේ බැළ මෙහෙ­වර කරලා තමන්ගේ ම ව්‍යාපා­ර­යක් අර­ඹන්න තරම් මුද­ලක් උප­ය­ගෙන; ඒ වගේම ඒකට ලොකු දැනු­මක් උප­ය­ගෙන.

අවු­රුදු 22 වෙද්දි සොචි­රෝට පුළු­වන් වෙනවා තම­න්ගේම ගරා­ජ­යක් පටන් ගන්න. තමන්ට අවු­රුදු 31 ක් වෙද්දි සාමාන්‍ය අලු­ත්වැ­ඩියා කට­යුතු වලින් ඉදි­රි­යට ඇවිල්ලා මෝටර් රථ එංජින් සදහා පිස්ටන් වළලු නිර්මා­ණය කිරීමේ ව්‍යාපා­ර­ය­කට සොචිරෝ අත­ග­හ­නවා. ඇත්ත­ටම කිව්වොත් කෙටි කාල­යක් ඇතු­ළත ටොයෝටා සමා­ග­මට පිස්ටන් වළලු සප­ය­න්නන් අතර පෙර­මු­ණට එන්න සොචි­රෝගේ ආය­ත­නය සමත් වෙනවා.

නමුත් මේ ව්‍යාපා­ර­යට කණ­කොකා හඬන්නේ 1944 දී දෙවැනි ලෝක යුද සමයේ දී ඔහුගේ එක් නිෂ්පා­දන ආය­තන පරි­ශ්‍ර­ය­කට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල­වී­මත් එක්ක. දෙවැනි නිෂ්පා­දන පරි­ශ්‍ර­යත් සැල­කිය යුතු ලෙස විනා­ශ­යට පත්වෙන්නේ 1945 වසරේ ඇති­වුණ භුමි කම්පා­ව­කින්. තමන්ගේ දෛවය මෙන්ම ස්වභාව දහ­මත් ව්‍යාපා­ර­යට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරද්දි වැටෙන එක සොචි­රෝගේ පුරු­ද්දක් වුණේම නැහැ. ඔහුට ඕනෑ කෙළ් මේ විනා­ශ­යත් තමන්ගේ වාසි­යට යොදා ගන්න.

අබ­ලන් වූ නිෂ්පා­දන පරි­ශ්‍ර­යන් ටික ටොයෝටා සමා­ග­මට ම පවරා දෙන ඔහු එළි­යට බහින්නේ ඒ වෙනු­වෙන් ලැබෙන මුදල් නව සමා­ග­මක් වෙනු­වෙන් ආයෝ­ජ­නය කිරීමේ සිත් ඇතිව. 1946 වසරේ දී සොචිරෝ විසින් හොන්ඩා කාර්මික පර්යේ­ෂණ ආය­ත­නය බිහි කරන්නේ අර මුදල් යොදා­ගෙන. ඔහුගේ අතේ ව්‍යාපා­රය පටන් ගනිද්දි තිබුණේ යෙන් පන් ලක්ෂ­ය­කට ආසන්න මුද­ලක් විත­රයි. ඔහු සිය පළමු යතුරු පැදිය නිර්මා­ණය කරන්නේ 1948 වසරේ දී; ඒක යතුරු පැදි­ය­කට වඩා පාපැ­දි­යක හැඩය ගත්තා කිව්වොත් නිවැ­ර­දියි. පාපැ­දි­ය­කට මෝටර් එංජි­මක් සවි­කළා වගේ තිබුණු මේ නිර්මා­ණය ඔහු විකු­ණ­නවා, 1951 වසර දක්වා. එහෙත් එකම දේ හැම­දාම විකු­ණන්න බැරි බව ඔහු නොද­න්නවා නොවෙයි. මේ නිසාම, ඔහු අලුත් අලුත් විදියේ යතුරු පැදි හැඩ­යන් අත්හදා බල­න්නට පෙල­ඹෙ­නවා. ඒ වගේම ඒ නිර්මාණ ලෝකය විසින් ආද­ර­යෙන් වැලද ගන්නවා.

ජපා­නයේ මෝටර් එංජින් කර්මා­න්ත­යට අලුත්ම ගැම්මක් දෙමින් 98 ජජ කාණ්ඩයේ යතුරු පැදි­යක් 1951 වසරේ දි එළි දක්වන්න සොචිරෝ හොන්ඩාට හැකි­වෙ­නවා. අලුත් විදි­යට හිතන එක අලුත් ම යමක් එළි­යට දාන්න සිහින දැකීම නිසාම සොචි­රෝගේ නිෂ්පා­දන එන්න එන්නම ජන­ප්‍රිය වෙනවා.

1959 වෙන­කොට ඇම­රිකා එක්සත් ජන­ප­ද­යේත් සිය සන්නා­මය ප්‍රච­ලිත කිරීම අර­ඹන සොචිරෝ හොන්ඩා, හොන්ඩා නාමය ලෝකයේ රට­වල් 140 ක් දක්වා ව්‍යාප්ත කිරී­මට සමත් වෙනවා. පස්සේ කාල­යක මෝටර් රථ නිෂ්පා­ද­න­ය­ටත් අත තියන සොචිරෝ හොන්ඩා, මෝටර් වාහන කර්මාන්ත ක්ෂේත්‍රය තුළ තමන්ගේ නාමය පැළ කරන්නේ ආයෙත් ගල­වලා දාන්න බැරි දැවැන්ත ගහක් විදි­යට. හොන්ඩා ව්‍යාපා­ර­යට අයත් නිෂ්පා­ද­නා­ගාර අද ලෝකයේ බොහෝ රට­වල තිබෙ­නවා. අති නවීන වාහන දිනෙන් දින ලෝක­යට හඳු­න්වා­දෙන හොන්ඩා ව්‍යාපා­රයේ සේව­ක­යන් ගණන ලක්ෂ 2 ක් ඉක්ම­ව­නවා. 2016 අවු­රුද්දේ විත­රක් හොන්ඩා ව්‍යාපා­රයේ ලාභය දැක්වුණේ යෙන් බිලි­යන 345 ක් විදි­යට. ඒ වගේම ඔවුන්ගේ වත්කම් ප්‍රමා­ණය දැක්වුණේ යෙන් ට්‍රිලි­යන 18 ක් විදි­යට. සොචිරෝ හොන්ඩා කියන්නේ ම හීන මත විශ්වා­සය තබපු හීන­වල ශක්තිය ගැන අසා­මාන්‍ය විදි­යට හිතපු කෙනෙක්. 1906 දී පෙළ­පත් නාම­යක් පම­ණක් වෙන හොන්ඩා නාමය ඔබ අද පාරට බැස්සාම නිතර ඇස ගැටෙන ලෝකයේ ප්‍රබල සන්නා­ම­යක් බවට පත් කර­න්නේම මේ දැක්ම කියන එක තමයි, බොහෝ දෙනාගේ පිළි­ගැ­නීම වෙන්නේ.

අද ලෝකයේ බොහෝ මිනි­සුන්ගේ ප්‍රශ්නය වෙන්නේ ජීවි­තයේ දැනෙන ජය­ග්‍ර­හණ ලබා ගන්න තමන් තුළ හැකි­යාව නොමැති එක නෙවෙයි.

මිනි­සුන්ගේ ප්‍රශ්නය වෙන්නේ තමන්ට කුමක් කළ හැකි ද යන්න පිළි­බඳ ව ඔවුන් තුළ තක්සේ­රු­වක් නොමැ­ති­ක­මයි. ඒ සිහි­නය දකි­න්නට හැකි­නම්, ඒ තක්සේ­රුව හදා ගන්න පුළු­වන් නම්, ජය­ග්‍ර­හණ දිනා ගැනීම අසී­රු­වක් නොවෙයි; ඒ බව සොචිරෝ හොන්ඩා තමන්ගේ ජීවිත කතා­වෙන් අපූ­රු­වට පෙන්වා දී තිබෙ­නවා.

වයස 84 ක් ආයු වැලඳූ සොචිරෝ හොන්ඩා 1991 වසරේ දී අභ­ව­ප්‍රාප්ත වුණා. ඒ වසරේ දීත් ඔහු විසින් ලෝක­යට නිත­රම කියූ එක දෙයක් තිබුණා; ඒ තමයි 'එක් වරක් සාර්ථක වීම සදහා දහස් වරක් අස­මත් වීමට බිය නොවන්න” කියන කාර­ණය. අස­මත් වීමට බිය නැති මිනි­සුන් අස­මත් භාවය ඔස්සේ යමින් සම­ත්වීමේ ක්‍රමය හොයා ගන්නවා. පළ­මුව හීනය දකින්න; දෙවනුව වැඩ කර­න්න. වරද්දා ගැනී­ම්ව­ලින් ඉගෙන ගමින් සාර්ථක වෙන්න. සොචිරෝ හොන්ඩා ලොව පැතිරී ගිය දැවැන්ත ව්‍යාපා­ර­යක් ඔස්සේ අපට ලබා දෙන පණි­වි­ඩය එයයි.

Comments