පන්හිඳක සේයා | සිළුමිණ

පන්හිඳක සේයා

පාට ඉහි­රෙන සැඳෑ අඳු­රක
නුඹත් සම­ඟින් ගෙවූ මොහො­තක
කියා ගන්නට බැරිව ගොළු වුණ
කතා­වක් ඇත හිතේ විඳ­වන...

අදත් සිඳු තෙර එදා වාගෙයි
සැදෑ අහ­සත් හරි හැඩයි
ඔබෙන් ගිලි­හුණු මගේ හද­වත
තවම නුඹ උණූ­හුම සොයයි...

Comments