මගේ හිත අර­ගෙන ඉව­රයි | සිළුමිණ

මගේ හිත අර­ගෙන ඉව­රයි

අද රසඳුනේ තුන්වැනි පිටුවේ කතා බහට එකතු කර ගන්නේ ITN නාළිකාවේ විකාශය වන ‘නෙතූ’ ටෙලි නාට්‍ය හරහා එන ‘නෙතූ’ ලෙස රඟන නව පරපුරේ රංගන ශිල්පිනී දිනුෂා සිරිවර්ධන . අපිට ඇය ගෙන් දැන් ගන්න ගොඩක් දේවල් තිබුණා. මේ එම ප්‍රශ්නවලට ඇය පිළිතුරු ලබා දුන් අයුරුයි.

හෙලෝ දිනූෂා?

හෙලෝ, හෙලෝ

අද නිවාඩුයි වගේ?

ඔව්. අද ෂූටින් නැහැ. මේ දවස් ටිකේම ෂූටින් වැඩ නිසා නිවාඩුවක් තිබුණේම නැහැ.

‘නෙතූ’ ට ගොඩක් අය ආදරේ කරනවා නේද?

අම්මෝ ඔව්. ටෙලි ඩ්‍රාමා එක පටන් ගත්ත දවසේ ඉඳන්ම අද වෙන තුරු ප්‍රේක්ෂකයන් ගේ ආදරය ඒ විදියටම ලැබෙනවා. නෙතු කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක්. ඒ නිසා වෙන්න ඇති ගොඩක් අය ආදරේ කරනවා ඇත්තේ.

‘නෙතූ’ කියන්නේ ඔබේ කී වැනි ටෙලි අත්දැකීමද?

මේ මගේ පළමුවැන්න

හිතන තරම් රංගනය කියන දේ ලේසිද?

ගොඩාක් අමාරුයි. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

රංගනයට එන්න අවස්ථාව ලැබුණේ

මම එන්නේ මොඩ්ල් කෙනෙක් විදියට. ඒ හරහා තමා මට ‘නෙතු’ ට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ.

දිනූෂා ආඩම්බරයිද?

අනේ නැහැ.

ආඩම්බර නැත්නම් ඇයි ලැබෙන ටෙලි නිර්මාණ භාර නොගෙන ඉන්නේ?

ආඩම්බරකම නිසා නෙමෙයි. මට රංගනය කියන දේ ඉගෙන ගන්න ඕන. ඉගෙන ගෙන ඉදිරියට යන්න ලේසියි. ඒකයි ටික කාලයක් ඉඳලා නිර්මාණ වලට දායක වෙන්න හිතුවේ.

දිනූෂා හිතනවද, දැනුම, අධ්‍යාපනය කියන දේ රංගන වෘත්තියට අවශ්‍යයි කියලා?

අනිවාර්යෙන් ම. ඒ වගේම ලොකු අවබෝධයක් තියෙන්නත් ඕන.

ලැබෙන අවස්ථා මඟ හරින එක, අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

මට හදිස්සියක් නැහැ. අපි හෙමින් ගමන ගියොත් තමා ඉදිරියට යන්න පුළුවන්.

ඇත්තටම හෙමින් යන හැමෝටම, හොඳ ගමනක් තියෙනවා කියලා හිතනවද ?

speed එකෙන් යන අයට ලොකු ගමනක් නැහැ

සමහරුන්ට රංගනය කියනදේ අරගෙන එන්නේ පාසල හරහා. දිනුෂාත් එහෙමද?

අනේ නැහැ. මම ඉස්සර හරි ලැජ්ජයි ඒ දේවල් වලට. ඒ වගේම මට බයයි dialogs මතක තියාගන්න බැරි වෙයි කියලා. කොහොමහරි commercial සඳහා සම්බන්ධ වුණාට පස්සේ චුට්ටක් ආසා හිතුණා.

සමහරුන්ට නම් කලාවට එද්දී ගෙදරින් බලපෑම් එනවා. දිනුශාටත් එහෙමද?

නැහැ. මම වැරැදි දේවල් කරන්නේ නැහැ. මම මොඩ්ලින් කළත් fashion මොඩ්ලින් කරන්නේ නැහැ. Bridal විතරයි කරන්නේ. ගෙදර අය ගොඩක් උදවු කරනවා. එයාලා දන්නවා මම කරන්නේ නිවැරැදි දෙයක් පමණයි කියලා.

කලාව කියන තැන , කියන තරම් ම හොඳ තැනක් ද?

අපි හරියට යනවා නම් , මම හිතනවා හොඳ තැනක් කියලා. ගොඩක් සල්ලි පස්සේ දුවන්නේ නැතුව, ගැළපෙන දේ නොගැළපෙන දේ හරියට තේරුම් අරන් ඉදිරියට යනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා.

මේ දවස්වල වැඩිපුරම රවුම් ගහන්නේ කවුරු එක්කද?

කවුද කිව්වේ? ඒක ඉතිං පස්සේ කියන්නම්.

දිනූෂා ගේ හිත කවුරු හරි හොරෙන්ම අරගෙනවත්ද?

හ්ම්ම්. ඔව්. එයා මගේ හිත අරගෙන ඉවරයි.

ලොකුම හීනය ගැන කිව්වොත්

සිනමා නිර්මාණයක ට සම්බන්ධ වෙන එක තමා ඉතිං. 

Comments

ඇයි කාසාද බදින්න මුදල් රැකියාව අධයාපනය යාහනවාහන තිබේනවා ද? කියා සොයන්නෙ ඵ් කිසිම දෙයක් නැති අයට කාසාද බදින්න බැහැ ද? ඇයි දෙවියන මට ඉගෙනිමට බැරි කලේ ඇයි දෙවියන මට සෙලන් කිරිමට සහ ක්රිිඩා කිරිමට හැකියාව නොදුන්නෙ? මම මෝටර් මිකෑනික් ඉගෙනීමට ගියේමි ඒත් මට ලිවීමට අපසු නිසා මට ඒම වැඩ කිරිමටද නෙයැකි විය ඒම නිසා ඒය ද අසාත්තක විය මට කුමක් කරන්ඩ ද කියා සිතා ගැනිමට බැහැ මට කුමන රැකියාවක් කරන්න ද? කියා ආදසක් ගැනිමට බැහැ මට අධයාපන සුදුකමක්වත් නැහැ දැන් මට කවුරු හරි මොඩයේක් පිස්සෙක් ඉගෙනගන්ඩ බැරි වුනා කියා කිවත් මම දැන් දෙවියන්ව විස්වාස කරනවා දෙවියන්වන්සේ මට මොඩයේක් පිස්සෙක් ඉගෙනගන්ඩ බැරි වුනා කියා මට අනිත් මිනිසුන් වගේ මව අතහැරියෙ නැහැ ඒම නිසා මම දැන් දෙවියන්වන්සේ ව පිලිගන්නවා කාසාද බදින්න ඒක ගැන ඔබගේ අදහස ලියන්න කියලා ඇසුවාට මට සාමාවන්න මට සිංගල ඉතරයි පුලුවන් මගේ සිංගල වැරදිනම් මට සාමාවන්න මට ඉංග්රීඉසි කියවන්ඩ සහ ලියන්ඩ බැහැ මට සාමාවන්න මගේ නම ලහිරු චතුරංග

පිටු