තමා ලියූ නවකතාවක් සිය මිතුරියකට කියවන්නට දී ඇගේ ප්‍රතිචාරය විමැසූ ලේඛිකාවකට ලැබෙන්නේ ලේඛකයකු බලාපොරොත්තු නොවන විදියේ පිළිතුරකි.
“හරි ලස්සන කතාවක්. හැබැයි පළ කරන්න එපා.”
“ඇයි...?”
“මේ පොත කියවන අය හිතාවි මේ ඔයාගේ කතාව කියලා. එච්චර සංවේදී ව ලියලා තියෙනවා. හරියට තමන්ට සිදු වෙච්ච දෙයක් වගේ. මම දන්නව එහෙම නෙවෙයි කියලා. ඒ වුණාට පාඨකයන් කොහොමද ඒක දන්නේ?”
එසේ ප්‍රතිචාර ලද්දී...