සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල
වරාය වෘත්තීය සමිති සියල්ලම ඒකාබද්ධව රජයට විරෝධය පාමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන ලෙසට රජයට බල කරනවා. රජය පවසන්නේ ඉන්දියාවට මෙය ලබා නොදෙන බවයි. ඔබ දකින විදියට කුමක්ද මේ ගැටලුව?
මේක දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු යම් යම් තීන්දු තීරණවල අවුල් සහගත තත්වය වැඩි දියුණු වීම නිසා මේ තත්වයට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මෙරට නායකයන් ගෙන ගිය වැරදි විදේශ ප්...