පාස්කු ඉරිදා ඛේදාන්තය සිදුවී අදට හරියටම සති දෙකකි. බිහිසුණු සිදුවීම් මාලාව සිහිපත් වන විට තවමත් සිත නැඟෙන්නේ තිගැස්මකි. මහසිකුරාදායින් පසු එළැඹුණ පාස්කු ඉරිදා කතෝලික ජනතාව උදෑසන දේවමෙහෙයට පල්ලියට ගියේ තමන්ට තියෙන හොඳම ඇඳුම ඇඳ, රන්ආභරණ පැලඳ හැඩවීය. තනිතනිව නොව ඔවුහු පවුල්පිටින් පල්ලියට ගියහ. පල්ලියේ බෝම්බ පිපිරුමෙන් පවුල්පිටින් ජීවිතක්ෂයට පත්වූහ.
ඇතැම් තැනෙක මවුපියා...