මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට | Page 11 | සිළුමිණ

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මග්ගොන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට ඊයේ (06) රාත්‍රියේ  පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී තිබිණි.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගන්නා රාත්‍රි තැපැල් දුම්රිය සහ මරදාන සිට අළුත්ගම බලා ගමන් ගන්න දුම්රියන් දෙකක් පයාගල ප්‍රදේශයේ නතර කර ඇති බව ද සදහන් වේ.

කෙසේ වෙතත් අද ( 07 ) උදෑසන වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වෙයි

Comments