පසුගිය 1 වැනි සිකුරාදා දින දහවල් මාලිගාවත්ත පොලිස් වසමේ එච්.ආර්. ජෝතිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට සිදු කළ වෙඩි තැබීමත් සමඟ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා රටපුරා වෙඩි තැබීම් 71කදී මිනිස් ඝාතන 41ක් සිදුවී ඇති බවත් ඉන් තුවාල ලත් සංඛ්‍යාව 31ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සිළුමිණට පැවැසීය.
සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුම් සහ පෞද්ගලික ආරවුල් ද එම වෙඩි තැබීම් සඳහා හේතු වී ඇති බවත් සඳහන් කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දකුණු පළාත සහ බස්නාහිර පළාත ප්‍රමුඛ කොට සිදුවන මෙකී වෙඩි තැබීම් බොහොමයක් ඩුබායි ඇතුළු විදෙස් රටවල සිටින පාතාල සාමාජිකයන් විසින් කුලී ඝාතකයන් සහ සිය ගෝලයන් යොදවා සිදු කරන වෙඩි තැබීම් බවටද අනාවරණය කළේය.
එසේම එම වෙඩි තැබීම් බොහොමයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මත සිදුවන ගැටුම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.