
හතරවන කොටස
අද සිකුරාදාය . හෙට උදෑසනින්ම නිෙවස බලා පිටත් විය යුතුය. සිතේ සතුටක් සැඟවී ඇතැයි සිතේ. වෙනදාට වඩා වේලාසනින්ම නින්දට ගියෙමි. කෙදිනකවත් නැති තද නින්දකට වැටී තිබුණු නිසාවෙන්දෝ සෙනසුරාදා අවදි වන විට තරමක් ප්‍රමාද වී තිබුණි. ලහි ලහියේම සුපුරුදු දෛනික කටයුතු ආරම්භ කරන වත්පිළිවෙත්වල යෙදුණු මම බසය අල්ලා ගැනීමට පාරට ගියෙමි.
බසයේ ආසන අද හිස්ය. ඒ පාසල් නිවාඩු දවසක් වන නිසාය. ගෙදර වත්තේ නඩු කටයුත්ත මාටින් ගුරුන්නාන්සේ ගැන කල්පනා ලොවක තනිවී සිටි මාගේ සිත වරින් වර වෙනස් වූයේ නම් ඒ රියැදුරු මහතාගේ හදිසි බ්‍රේක් පහරකටමය. දවල් වන විට මා මහ ගෙදරට පැමිණියෙමි. අම්මා පෙරමඟ බලා සිටී. අප්පච්චීද හාන්සි පුටුවේ දිගාවී සිටියත් මා දුටු ගමන් ඉදිරියට නැමුණේ මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන්ම සිටි බව පෙන්වන අයුරිනි. "කොහොමද පුතේ එහෙත් රස්නෙයිද අම්මා ඇසුවාය." “ගොඩක් නැහැ අම්මා ගඟ කිට්ටුව නිසා තරමක් රස්නෙ අඩුයි. ඒත් ඉතින් ගස්කොළන් කපලා වැලි හාරලා දැන් දැන්නම් තත්ත්වය නරකයි.“ මා පැවසීමි. පුතා කීව ගුරුන්නාන්සෙව හමු වුණාද. මේ අවස්ථාවේ ඇගේ ප්‍රධාන ගැටලුවට පිවිසියේ එය අම්මාට ද ලොකුම හිසරදයක් වී තිබුණ නිසාවෙන් විය යුතුය. "ඔව් ඔව් ගුරුන්නාන්සේ මට පොඩි යන්ත්‍රයක් දුන්නා. ඒක අපේ නඩු ඉඩමේ වළලා දමන්න කීවා. ඒකට වෙලාවකුත් දුන්නා. එය ඉරිදාවක් බවත් මේ විදිහට එය සිදුකළ යුතු බවත් මම විස්තරාත්මකව ඇයට පවසන විට අප්පච්චී ද සියල්ල අසා සිටි බැව් මට හැඟිණි.
“ඉතින් පුතේ හෙට ඉරිදානේ පුතාට ඕක වළලාල ගියොත් හොඳයි නේද?“ ඇය අහිංසක ඉල්ලීමක් කළා වැනිය. මා ඊට හිස වනා එකඟත්වය පළ කළෙමි. ඊට පසුව ඉස්කෝලේ වැඩ ගැනත් මාටින් ගුරුන්නාන්සේ ගැනත් වැඩි වැඩියෙන් විස්තර කතා කළෙමි. මා ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමති බව අප්පච්චි දනී.
හවස් යාමයේ "සඳමාලි" ගේ නිෙවසට යා යුතුය. ඇත්තටම නම් එන ගමන්ම එහේ යාමට ඇත්නම් යැයි සිතුණු වාර මෙතැකැයි කිව නොහේ. ඇටියාවලින් රස සීනි පේර ගොඩක් මා රැගෙන ආවෙමි. ඇය ඒවාට ආසා බව මම දනිමි. ඉදින් "සදා" ගැන සිත මෙහෙයවමින් කවදත් වගේ වත්ත පිටිපස්සට ගියේ "ආනන්ද" මුණ ගැසෙන අටියෙනි. ආනන්ද මගේ වයසේමය. ඔහු ඖෂධවේදය හදාරන අයෙකි. ජ්‍යොතිෂය ගුප්ත විද්‍යාව ගැන ප්‍රාමාණික දැනුමක් ඔහුටද තිබේ. මා ඔහුත් සමග තර්ක විතර්ක කරමි. ඒ සත්‍ය අවබෝධ කර ගනු පිණිස මිස අන් හෙයකින් නොවේ. එහි මා යන විට ඔහු කාගේදෝ කේන්දරයක් ලියමින් සිටියේය. මා පුවත්පත බලමින් සිටින අතරතුර ඔහුගේ බිරිය මට නොකියාම තේ කෝප්පයක් ගෙනවිත් දුන්නාය. "මම දැක්ක අයියා ඉස්සරහා ඉන්නව... ඒ නිසයි තේ හදාගෙන ආවේ" මම මේ දැන් තේ බීවා විතරයි ඒත් කමක් නැහැ වැඩි වෙන්නෙ නැහැනේ. මම ඇයට කීවෙමි. "අයිය එහෙනම් පත්තරේ බලන්න අරය ඉක්මනට ඒවි" කියා ඇය ඇයගේ වැඩවලට පිටවී ගියාය. ආනන්දගේ රාජකාරිය නිමා වී ඇති සේයකි.
"ආ කොහොමද බං කොයි වේලාවෙද ආවේ යැයි ඔහු විමසුවේ මා ගෙදර ආ වේලාව විය යුතුය. මා මෙහි පැමිණෙනවා ඔහු දුටු බැවිනි. "මන් එද්දි ටිකක් දවල් වුණා බන්. ඒක නෙවෙයි ආනන්ද ගමේ චණ්ඩි ටික තාමත් ඉන්නවද" මා ඇසුවේ පසුගිය කාලයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව හොරකම් කිරීමට පුරුදු වු කොලු රෑනක් ගැන දැන සිටි නිසාවෙනි. ටිකක් අඩුයි ඒත් ඉන්නවා බං" මේවා මහ උන්ගෙන් නවත්වනවා මිසක් පොඩි උන්ගෙන් නවත්වන්න බැහැ. ඉතින් දෙදෙනා ගැන විවිධ තොරතුරු සාකච්ඡා කරන අතර ඈ බං ආනන්ද හොඳට පාඩම් හිටින මන්ත්‍ර එහෙම නැද්ද?" උඹට මොකටද බං ඕවා අනෙක උඹ ඕවා විශ්වාස කරන්නෙත් නෑ නොවැ" "හරි හරි ඒ ඒ කාලේ නොවැ" මාද ඒ බසට සරිලන්න පිළිතුරක් දුන්නෙමි.
පාඩම් මතක හිටින මන්තර - පිරිත් - ස්තෝත්‍ර ගොඩක් තියෙනවා. මං උඹට පොඩි එකක් දැනට දෙන්නම්. ලියාගනින් කියා පෑනක් කොළයක්ද මට දුන්නේය. ආ ඉඳපන් මමම ලියලා දෙන්නම් කී ඔහු ආයෙත් පෑන සහ කොළය මා අතින් ගත්තේය.
"ඕං නමෝ තිපිටක සම්පුණණං සබ්බ සිද්ධි සුඛා වහං
දිවහගෙගදේ නිසීදිතවා මං ධාරේතු සුරස්සති"
මා එය අතට ගෙන කියවා බැලීමි අන්තිම පදය 'සුරස්සති' ද 'සරස්වතිද' මා ඇසුවේ වාග් විද්‍යාව ගැන ද මට යම් අවබෝධයක් ඇති බැවිනි. ඒක 'සුරස්සති' මම දැනට පාවිච්චි කරන්නේ ඔහොමයි. මගේ ගුරුතුමා දුන්නෙත් ඔහොමම තමයි. "තර්ක කරන්න එපා බං" යැයි ඔහු කීයේ මිත්‍ර ලීලාවෙන්මය. බත් මිටකට 108 වරක් පිරිත් කරලා දවස් 7 හිස් බඩ කෑවොත් ශාස්ත්‍රධරයෙක් වෙනව කියල ලියල තියෙනවා. මම නම් එහෙමත් කරල නැහැ. ඒත් ඉගෙන ගන්න දුර්වල අයට පැන් මතුරල බොන්න දීලා තියෙනවා. උදේ පාන්දර වතුර අරගෙන හත්වරක් පිරිසිදු රෙදි කැබැල්ලකින් පෙරල උදේ හිස්බඩ බොන්න දෙනවා. දැන් ඉතින් නගරෙ සමහර තැන්වල ළිං ජලය නැති නිසා නගරෙ සමහර අයට ටැප් වතුර ගන්න කියනවා. හැබැයි 21 වරක් විතර පෙරල ගන්න කියනවා. ඒක මම හිතල කරන එකක්. එකෙන් ප්‍රතිඵල තියෙනවා. දවස් තුනක් යනකම් මස්, මාළු, කරවල, බිත්තර හොඳ නැහැ. පාඩම් කරන්න කලින් පොත අතට අරගෙන මන්ත්‍රය තුන් පාරක් සිහි කරලා පාඩම් කරන්න පුළුවන්. ඕකෙ තව ගොඩක් වැඩ තියෙනවා. ඔහු කියාගෙන කියාගෙන යයි. සමහර ළමයි ඉන්නව අධික්‍රියාකාරී අය එහෙම අයට මතකය හොඳයි. හොඳ මොළයක් තියෙනවා. හරි කලබලයි. ඒ අයටත් මේ වගේ එකක් හරි යන්න පුළුන්ද? මා ඇසීමි. "මම කරල බලල නං නෑ උත්සාහ කරල බැලුවට කමක් නැහැ." "උඹට මතක් වෙන්නෙ මාර ඒවනේ බං" කියා ඔහු කීවේ විනෝදකාමී ස්වරූපයෙනි. ඔය මන්තරේ තඹ කොළයක ලියල මතුරල කරටදාල තියෙනව. ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගන්න. උඹට ඉතිං එහෙම ඕනි නැහැනේ. මොකද ආයේ විභාගයක්වත් කරන්න හිතන් ඉන්නවද?" ඔහු මගෙන් ඇසීය.
නෑ නෑ මං දැන්නම් විභාගය නෙවෙයි විවාහය තමයි කොරගන්න වෙන්නේ යැයි මා ඔහුට කීයේ සඳමාලිගේ රුව මවා ගනිමිනි. ආ ආ අන්න උඹ එනකන් බලන් උන්නෙ උඹ පහුගිය දවස්වල ආවෙ නෑ කියලත් කීවා. සඳමාලි ඔහු අපි මිත්‍රයා. ඒවා පාසල් කාලයේ සිටම ආ නොබිඳෙන මිත්‍රකම්ය. ඒ ගැන සතුටක් දැනේ.
සඳමාලිව මුණගැසීමට යා යුතුය. වහ වහා නැවත ගෙදර ගිය මා ඇඟපත සෝදා අලුත් කමිසයක්ද හැඳ සීනි පේර උරයද රැගෙන ඇගේ නිෙවස වෙත පා නැඟුවෙමි.
ඊළඟ සතියට......