“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් | Page 3 | සිළුමිණ

“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ලක්වැසි සැදැහැවත් ජනතාවට දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩාමාණික්‍ය සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින්සිදුකිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ලබන අඟහරුවාදා(29) පස්වරු 04.00 ට කැළණි රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.
 
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023) නිකිණි මස 30 වන පොහෝය දින කැළණිය රජ මහාවිහාරයෙන් ආරම්භ කරන දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය සහ සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කැලණිය රජමහා විහාර භුමියේ අගෝස්තු 30 සිට සැප්තැම්බර් 03 දක්වා වන්දනාමානය සඳහා ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව දිවයින පුරා දින 150 ක කාලයක්  බැතිමතුන්ගේ වන්දනාමානයට වැඩම කිරිමට නියමිතයි.
 
බුදුරජාණන්වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය පුදබිම වන්දනීය වන අතර, බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ’ තැන්පත් කිරීමෙන් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමාවිසින් මෙම ස්ථුපය ඉදිකර ඇත.
 
විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත් ව ඇතිමෙම මහා සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙනප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
 
දීඝවාපි මහා සෑරඳුන්ගේ ප්‍රතිසංස්කරණ කිරිම් කටයුතු අතරතුර දකුණු මල් ආසනය ආසන්නයේ හමු වූගල්කරඬුවක් තුල රන් කරඬු 04 ක බහා නිදන් ගත කර තිබු සර්වඥ ධාතූන් වහන්සේලා මෙලෙස වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
 
මෙම ධාතූන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වන්සේලාගේ සර්වඥ ධාතූන් වහන්සේලාබවත්, පෙර රජ දවස රජකම් කල කනිකතිස්ස රජතුමා විසින් මෙම කරඬුන් වහන්සේලා සාදවා නිදන් කර ඇති බවට කරඬුන් වහන්සේලා සොයා ගන්නා අවස්ථාවේ ඒ අසල තිබිහමුවන ලද රන්පත් තීරූවක කර තිබු සටහන් තුලින් අනාවරණය විය.
 
 

Comments