![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/08/21/Halimah%20Yacob.jpg?itok=4b0Ryxa3)
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) උදෑසන ඉස්තානා හිදී සිංගප්පූරු ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය හමුවිය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල චාරිකාවක නිරත වේ.
සිංගප්පූරු ජනාධිපති යාකොබ් මහත්මිය සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ ජනාධිපතිවරුන් දෙදෙනා ආහාර සුරක්‍ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ කලාපීය ආර්ථික සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කරමින් “ඵලදායී” සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
“අපගේ මිත්‍රත්වය ශක්තිමත් සබඳතා සහ විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාවයෙන් ගොඩ නැගී ඇත. අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි,” යනුවෙන් ජනාධිපති හලිමා යාකොබ් මහත්මිය අදාළ සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.