ලංගම වංචා සෙවීමට නව වැඩපිළිවෙළක් | Page 3 | සිළුමිණ

ලංගම වංචා සෙවීමට නව වැඩපිළිවෙළක්

ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ පිළිබඳ පැමිණිලි කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් හදුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
 
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් සිදුකරන වංචා බවයි.
 
එම වංචා පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය. 
 
ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බවත් මෙය දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
 
මේ හරහා ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් රියදුරන් හා කොන්දොස්තරවරුන් බෙදාගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 
 
ලංගම බස් රථයකට ගොඩවූ පසු අනිවාර්යෙන්ම ප්‍රවේශ පත්‍රයක් ලබාගන්න ලෙසත් ප්‍රවේශ පත්‍රයක් නොලැබුණහොත් ඒ පිළිබඳ නව ක්‍රමය හරහා පැමිණිලි කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments