වී මිල දී ගැනීමේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර | Page 3 | සිළුමිණ

වී මිල දී ගැනීමේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි. වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්වලින් වී මිල දී ගෙන ඇති බව ද ගොවීන්ට අපේක්ෂිත මිල නොලැබීම හේතුවෙන් ඔවුන් වී අලෙවි කිරීමට උනන්දු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වී මිල දී ගැනීම සඳහා නියම කර ඇති අවම මිලට වී මිල දී ගත්ත ද එම මිලට වඩා අඩු මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදු වන බවද ඇමැතිවරයා පවසයි.

මෙම තත්ත්වය තුළ වී මිල දී ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට පියවර ගන්නා බව ද ඔහු දැනුම් දුන්නේය.

Comments